(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයන් 9,606 දෙනෙක් මේ වන විට නිවෙස්ගත නිරෝධායන වැඩපිළිවෙල යටතේ නිරෝධායනය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ තෘතියික සේවා පිළිබඳ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.
ඉන් රෝගීන් 3,162ක් කොළඹ දිස්ත්‍රික්කයේ අය වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ 1,883ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 1,712 දෙනෙක් ද ඒ අතර වන බව වෛද්‍යවරිය සඳහන් කළාය.
මේ වන විට කොවිඩ් ආසාදිතයින් 26,173ක් නිවෙස්ගත නිරෝධායනයෙන් සම්පූර්ණ සුවය ලබා සාමාන්‍ය රාජකාරීවල නිරත වන බව කී වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය එයින් රෝහල්ගත කිරීමට අවශ්‍ය වුණේ 370 දෙනෙක් පමණක් බව ද කීවාය.
කළුතර දිස්ත්‍රික්කයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ නිවෙස්ගත නිරෝධායන වැඩපිළිවෙල මේ වන විට රට පුරා ව්‍යාප්ත කර ඇතැයි ද ඇය පැවසුවාය.
එම රෝගීන්ගේ තත්වය දුරකතන ඔස්සේ අධීක්‍ෂණය කිරීම සඳහා මේ වන විට වෛද්‍යවරුන් 900 දෙන යොදවා ඇතැයි කී අධ්‍යක්‍ෂවරිය මෙම සතිය අවසානය වන විට එම වෛද්‍යවරුන් සංඛ්‍යාව 1,500ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව ද පැවසුවාය.
වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා බෝ නොවන රෝගයක් කියන එකට හොඳම නිදසුන මේ ගෙවල්වල ඉන්න රෝගීන්...