කුවෙට් රැකියාවට ගොස් හාම්පුතුන්ගේ හා රැකියා නියෝජිතයන්ගේ හිරිහැර සහ වදහිංසාවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවෝ 33 දෙනෙක් කුවේට් යානයකින් අද කටුනායකට ගෙන එනු ලැබූහ.
මොවුන්ගෙන් බහුතරයක් හාම්පුතුන්ගෙන් වූ කරදර නිසා නිවෙස්වලින් පැණ රැකවරණ පැතූවෝ වෙති.
වලංගු ලියවිලි නැතිව කුවේට්හි සරබත් කෑවෝ ද ඒ අතර වෙති.
තවත් කතුන් 200ක් පමණ එරට සිර දඬුවම් විඳිතියි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ! අපේ දිරිය කාන්තාවන්ට ගියපු කලක්! මෙහෙ සමහරු ඔබ ගැන කොහොම හිතුවත් ඔබ රටේ සම්පතයි. (නි)
අනෙකුත් ගල්ෆ් රටවල් සමග සන්සන්දනය කරද්දී ඩුබායි, අබුඩාබි ගොඩක් හොදයි. (නි)
ඒජන්සි හිමිකරුවන් ලණු ගිල්ලවලා යවන කට්ටිය තමයි මේ... ඒජන්සියට ගියාම සුරලොවක් මවලා පෙන්වන්නේ... ඉතින් හීන මයන් දුවනවා... (ස)
විදේශ සේවා නියුක්ති කාර්යාල පරිගණක පද්ධතියේ මේ නම් තියනවද දන්නේ නෑ (අ)
කියන්න අදහස් හිතට ගලා ආවත් ලියන්න බැහැ.. මැදපෙරදිග යාමට අදහස් කරන අය දහස්වාරයක් හිතන්න... දරු මල්ලන්දාලා නුපුරුදු රටවල සේවයට යනවාද නැද්ද කියලා (නු)
මෙහේ පිරිමි ගොඩක් හොදයි. නමුත් කාන්තාවන් බහුතරයකගේ වැරදි ගොඩක් තියෙනවා. (නි)
වරුණ ඔයා හරි.. සම්මුඛ පරීක්ෂණයට ගියාම එයාලා කියින්නේ හොද සල්ලිකාරයෙකුගේ ගෙදර ගේ බලාගෙන ඉන්නයි තියෙන්නේ.. කෑම උයාගෙනන ගේ අස්කරගෙන ඔයාටම වෙනම කාමරයක් තියෙනවා.. ඒ ගෙදර බබා හරි හොදයි.. ඔවා කිව්වාම අපේ අය යන්නේ ඊටත් වඩා දේවල් බලාපොරොත්තුවෙන්..!(නු)
අමාරුවේ වැටිලා ඉන්න අය ගැන නම් ඇත්තටම දුකයි. (නි)
කෝ දැන් මේ අසරණ වෙලා ඉන්න අය බලන්න කිසිම කෙනෙක් ආවද? (නි)
වගකිවයුත්තන් මේවා සොයා බලන්නේ නැත්තේ ඇයි..!(නු)
කෝ මේවාට වග කිවයුත්තන්..!(නු)
අපේ කාන්තාවනුත් කුවේට් වලට ගිහිල්ලා නරක විදියට හැසිරෙනවනේ. (නි)
නොකා නොබී හරි ලංකාවේ ඉන්න එක සැපයි. (නි)
වගකිවයුත්තන්ට යොමුවේවා..!(නු)
පව් අහිසංක ජනතාව දුප්පත් කම නිසානේ රට යන්නේ..!(නු)
මමත් කුවේට්වල ඉන්නේ පොතක් ලියනවා.. ආපුවාම බලන්න පුළුවං..!(නු)
ඇත්ත වරුණ. හුගක් දෙනා ලණු ගිලලයි යන්නේ. (නි)
මේ අවාසනාවන්ත ඉරණම නැවත නොවෙන්නට නිසි පියවරක් ගනිමු (දී)
අවශ්‍ය තැන්වලට දැනුම්දෙන්න..!(නු)
මෙච්චර දේවල් අහන්න ලැබිලත් තවත් යනවනේ. (නි)
අපේ විදේශ සේවා එකට බැරිද මේ ගැන හොයලා බලන්න? (නි)
එදා සිට අද දක්වා මැදපෙරදිග ගිය යුවතියන්ට වැඩිපුරම අත්විදින්න සිදුවුණේ සැපට වැඩිය දුක නේද? (නි)
ඒ වුණාට එයාලාගේ කරේ තියෙන මාල බලන්නකෝ. (නි)
කටින් විතරක් කෑගහන අය නම් ඉන්නවා ඕනෑතරම්. (නි)
අනේ බලධාරීනි, දැන්වත් මේ ගැන බලන්න. (නි)
කෝ වගකිවයුත්තන්? (නි)
කො අපේ ඇමතිතුමා? (නි)
ඒජන්සි වලට බලය දීලා තියෙද්දී ඔහොම තමා. (නි)
කුවේට් වල ඉන්න අයගෙන් ඇත්ත දැනගන්න පුලුවන්. (නි)