ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 84 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කී‍්‍රඩකයෝ සමත්වුහ. යුද හමුදාව ක්ලිෆර්ඩ් ශූරතාව දිනාගත්තේ 29 වැනි වරටය. මාස් සදර්න් බොක්සිං ක‍්‍රීඩා සමාජය කාන්තා ශූරතාව දිනා ගත්තේය. තරගාවලියේ අවසන් තරග පසුගියදා මහනුවර පල්ලෙකැලේ මාස් හෝල්ඩින් සමුහයට අයත් ලීනියා ආයතනයේදී පැවැත්විණ. 2004 වසරේදී දියතලාවේදී පැවැත්වීමෙන් පසුව කොළඹින් පිටත දී තරගාවලිය සංවිධානය කළ පළමු අවස්ථාව මෙයවේ. ක‍්‍රීඩා සමාජ 24 කින් ක‍්‍රීඩකයෝ 120 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ 45 දෙනෙක් මෙවර තරගාවලියට සහභාගිවුහ. යුද හමුදාව පිරිමි ශූරතාව වෙනුවෙන් රන් පදක්කම් හතරක් දිනාගත් අතර ගුවන් හමුදාව අනුශූරතාව ලැබීය. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයට මෙවර තෙවැනි ස්ථානය හිමිවිය. කාන්තා තරගාවලියේදී මාස් සදර්න් කී‍්‍රඩිකාවෝ රන් පදක්කම් හතරක් දිනා ගත්හ. යුද හමුදා ක‍්‍රීඩා සමාජය සහ පොලිස් කී‍්‍රඩා සමාජය පිළිවෙලින් කාන්තා අනුශූරතාව සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත්විය. දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ පී.ඩී.සුරේෂ් ද, දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස යුද හමුදාවේ එන්.එස්.කරුණාරත්න ද සම්මාන ලැබුහ. මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ටී. ආර්. මධුෂංක දක්‍ෂතම පරාජිත කී‍්‍රඩකයා ලෙස ද, යුද හමුදාවේ ක‍්‍රීඩිකා ඩබ්ලිව්.එල්.රත්වත්ත දක්‍ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස ද තේරීපත් වුහ. පසුගියදා ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩිකාව වු පොලිස් ක‍්‍රීඩා සමාජයේ සමන්ති ගුනෙත්ති පරදවා කිලෝග‍්‍රෑම් 54 බර පංතියේ ශූරතාව දිනා ගැනීමට මාස් සදර්න් ‘ඒ’ පිලේ විදුෂිකා ප‍්‍රබාදි සමත්වුවාය. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය මධ්‍යම පළාත් මහා ඇමැති සරත් ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාව යුද හමුදාවට