ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 84 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කී‍්‍රඩකයෝ සමත්වුහ. යුද හමුදාව ක්ලිෆර්ඩ් ශූරතාව දිනාගත්තේ 29 වැනි වරටය. මාස් සදර්න් බොක්සිං ක‍්‍රීඩා සමාජය කාන්තා ශූරතාව දිනා ගත්තේය. තරගාවලියේ අවසන් තරග පසුගියදා මහනුවර පල්ලෙකැලේ මාස් හෝල්ඩින් සමුහයට අයත් ලීනියා ආයතනයේදී පැවැත්විණ. 2004 වසරේදී දියතලාවේදී පැවැත්වීමෙන් පසුව කොළඹින් පිටත දී තරගාවලිය සංවිධානය කළ පළමු අවස්ථාව මෙයවේ. ක‍්‍රීඩා සමාජ 24 කින් ක‍්‍රීඩකයෝ 120 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ 45 දෙනෙක් මෙවර තරගාවලියට සහභාගිවුහ. යුද හමුදාව පිරිමි ශූරතාව වෙනුවෙන් රන් පදක්කම් හතරක් දිනාගත් අතර ගුවන් හමුදාව අනුශූරතාව ලැබීය. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයට මෙවර තෙවැනි ස්ථානය හිමිවිය. කාන්තා තරගාවලියේදී මාස් සදර්න් කී‍්‍රඩිකාවෝ රන් පදක්කම් හතරක් දිනා ගත්හ. යුද හමුදා ක‍්‍රීඩා සමාජය සහ පොලිස් කී‍්‍රඩා සමාජය පිළිවෙලින් කාන්තා අනුශූරතාව සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත්විය. දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ පී.ඩී.සුරේෂ් ද, දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස යුද හමුදාවේ එන්.එස්.කරුණාරත්න ද සම්මාන ලැබුහ. මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ටී. ආර්. මධුෂංක දක්‍ෂතම පරාජිත කී‍්‍රඩකයා ලෙස ද, යුද හමුදාවේ ක‍්‍රීඩිකා ඩබ්ලිව්.එල්.රත්වත්ත දක්‍ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස ද තේරීපත් වුහ. පසුගියදා ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩිකාව වු පොලිස් ක‍්‍රීඩා සමාජයේ සමන්ති ගුනෙත්ති පරදවා කිලෝග‍්‍රෑම් 54 බර පංතියේ ශූරතාව දිනා ගැනීමට මාස් සදර්න් ‘ඒ’ පිලේ විදුෂිකා ප‍්‍රබාදි සමත්වුවාය. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය මධ්‍යම පළාත් මහා ඇමැති සරත් ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි
● කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය සී. අයි. පෙරේරා (යුද හමුදා ‘ඒ’) විසින් එම්. ආර්. කුමාර (ගුවන් හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය පී. ඞී. සුරේෂ් (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් එච්. එස්. ධනුෂ්ක (ගුවන් හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය ආර්. ටී. වීරක්කොඩි (යුද හමුදා ‘ඒ’) විසින් ඞී. විජේරත්න (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය එන්. ටී. ජයකොඩි (ගුවන් හමුදා ‘ඒ) විසින් ඞී. එම්. සමරසේකර (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය වයි. එම්. ඩිල්ෂාන් (ගුවන් හමුදා ‘ඒ’) විසින් පී. එස්. කරුණාරත්න (පොලිසිය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය අසංක රාජපක්‍ෂ (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් පී. එස්. චන්ද්‍රකුමාර (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය එම්. ඒ. දිවාරත්න (යුද හමුදා ‘ඒ’) විසින් ටී. ආර්. මධුෂංක (කිංග්ස්වුඩ්) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 81 ට අඩු හෙවි බර පංතිය ඞී. එච්. ධර්මසිරි (ගුවන් හමුදා ‘ඒ’) විසින් ඒ.එස්.නන්ද (නාවික හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය ඞී. එන්. පේ‍්‍රමසිංහ (යුද හමුදා ‘ඒ’) විසින් ආර්.සී.හේරත් (යුද හමුදා ‘බී’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය ඒ. ජී. ජයසේකර (නාවික හමුදා ‘ඒ’) විසින් ඒ. ඩබ්ලිව්. හෙට්ටිගේ (නාවික හමුදා ‘බී’) පරාජය කරන ලදී.කාන්තා
● කි.ග‍්‍රෑ. 48 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය ඞී. ඊ. ද සිල්වා (මාස් සදර්න් ‘බී’) විසින් එච්. එස්. ප‍්‍රියදර්ශනී (යුද හමුදාව)පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය අනුෂා කොඩිතුවක්කු (මාස් සදර්න් ‘ඒ’) විසින් එල්. ජී. චන්ද්‍රිකා (යුද හමුදාව) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය විදුෂිකා ප‍්‍රභාදි (මාස් සදර්න් ‘ඒ’) විසින් එස්. පී. ගුනෙත්ති (පොලිසිය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය ඒ. කේ. හංසිකා (මාස් සදර්න් ‘බී’) විසින් පී. කේ. සල්ගාදු (යුද හමුදාව) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය පී. කේ. සුමුදු (යුද හමුදා ‘ඒ’) විසින් අයි. එන්. සමරකෝන් (තුරුලිය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය එන්. එස්. කරුණාරත්න (යුද හමුදාව) විසින් සී. කේ. ජයසේකර (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය ඞී. එස්. වීරරත්න (පොලිසිය) විසින් ජී. ජී. සිල්වා (ගුවන් හමුදාව) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60 ට අඩු මිඞ්ල් බර පංතිය පී. කේ. රාජපක්‍ෂ (මාස් සදර්න් ‘ඒ’) විසින් ඩබ්.ජේ.රත්වත්ත (යුද හමුදා ‘ඒ’) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 81 ට අඩු හෙවි බර පංතිය ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) නිතරග ජයක් ● කි.ග‍්‍රෑ. 81 ට වැඩි සුපර් හෙවි බර පංතිය ඞී. ජේ. දර්ශ (මාස් සදර්න් ‘ඒ’) විසින් එස්. එස්. චන්ද්‍රසේකර (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd