IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කලාව කියන්නෙ මට මගේ ජීවිතයයි

 

 

කුඩා කල සිටම කලා අංශයේ හැකියාවන් බොහොමයකට ඇය දක්‍ෂ වූවාය. එමෙන්ම ක‍්‍රීඩා ඉසව්වලට මෙන්ම කථික විවාද ආදී අංශවලටද දක්‍ෂ වූවාය. ඒ සියල්ල අතරේ ඇයට අවශ්‍යව තිබුණේ වෛද්‍යවරියක වීමටය. ඒ වෙනුවෙන් උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි.

 අනෙකුත් සියල්ලට දක්‍ෂ වුවද, ඇයට වෛද්‍යවරියක වීමේ අරමුණ සඵල කර ගැනීමට නොහැකි විය. ඉන්පසුව තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලී සිටි ඇය ජනසන්නිවේදනය හා පෞරුෂ වර්ධනය සම්බන්ධව ද තොරතුරු තාක්‍ෂණය සම්බන්ධව ද උපාධි ලබා ගත්තාය. මේ කාලය වන විට සංගීතය මෙන්ම ගායනය ගැන ඇයට තිබුණේ ලොකු උනන්දුවකි. ගෙදර පරිසරයේදී සංගීතයේ වින්දනීය වූ බොහෝ දේ අසන්නට ලැබීම ඊට හේතුව විය. කේමදාස මාස්ටර්ගේ සංගීතයට වෙසෙසින්ම ඇළුම් කරන්නට ඇය පටන් ගත්තේ මෙකී සමයේදීය. ඒ ඇළුම් කිරීම මෙන්ම කේමදාස මාස්ටර් යටතේ සංගීතය උගෙන ගැනීම යථාර්ථයක් කර ගත්තාය. අනතුරුව මාස්ටර්ගේ ‘අග්නි’ ඔපෙරාව හරහා කරළියට පිවිසියාය. එලෙසින් පිවිසි ගමනේ අද ඇය ‘‘රතු හැට්ටකාරිය’’ වී සිටින්නීය. සුබුද්ධි ලක්මාලි ඇයගේ නමය. සහතිකෙන්ම ගැයුමට හා රැඟුමට ඇය අපූරු කුසලතාවයක් දක්වන්නීය.


දී කිරි දී කිරි
දී කිරි දී කිරි
ගෙනාවා දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි.....

එදා ප‍්‍රවීන රංගවේදිනිය අනුලා බුලත්සිංහල රතුහැට්ටකාරියට ගැයූ ඒ ගීතය ගයමින් අද රතුහැට්ටකාරිය වූ සුබුද්ධි සමග අද අපි කතා කරමු.

 


කලා ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනා ඔබ ගැන කතා කරන්න පටන් ගත්තෙ ‘‘අග්නි’’ ඔපෙරාව නිසා? එහෙම නේද?
කේමදාස ශුරීන්ගෙ ඒ ඔපෙරාව සමග ගායන මෙන්ම රංගන හැකියාව පෙන්නුම් කරන්න මට පුළුවන් වුණා. එහිදී ප‍්‍රවීණ රංගවේදී කමල් අද්දරආරච්චි මෙන්ම ඉන්දිකා උපමාලි ප‍්‍රවීන ශිල්පිනිය සමගත් තවත් ප‍්‍රවීනයින් එක්කත් කටයුතු කරන්න ලැබුණා. ඒ සියල්ල ජීවිතයට පන්නරයක් වුණා. ඉන්පසුව කමල් අද්දරආරච්චි මහතා මගින් මහේන්ද්‍ර පෙරේරා රංග වේදියානන් හඳුනා ගන්න ලැබුණා. ඔහුගේ ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක් ටෙලිනාට්‍යයට තෝරා ගත්තෙ ඉන්පසුවයි.

 


ඉන්පසුව රඟපෑ නාට්‍ය සහ වෙනත් නිර්මාණ මොනවද?
බොහෝ දේ ලැබුණා. ඒත් දොඩංගොඩ බාර ගත්තා වගේ, ඒ ඔක්කොම බාර ගත්තෙ නැහැ. මට කළ හැකි යැයි හැෙඟන චරිත තෝරා ගත්තා. සුදත් රෝහණගේ ‘‘ගිරිකුල’’, උපාලි ගම්ලත්ගෙ ගුරුගීතය නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට අමතරව අපේ හිත මිතුරන්ගේ ආරාධනා අනුව කමල් අද්දරආරච්චි සහ අපි පැදුරුසාජ්ජ්වලට ගී ගයන්න ගියා. පෞරුෂ වර්ධනය සහ දිරි ගැන්වීම් වැඩ සටහන් සඳහා ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ සොයුරු සොයුරියන් දිරි ගැන්වීමේ වැඩ සටහන් පෙළක් කළා. මේ අතර වාරයේදී තමයි වේදිකා නාට්‍ය සඳහා ආරාධනා ලැබුණෙ.

 


රතුහැට්ටකාරී නාට්‍යයද?
උදයසිරි වික‍්‍රමරත්නගෙ ‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යයෙ පිටපත තමයි මුලින්ම ලැබුණෙ. රතුහැට්ටකාරි ලැබුණේ ඒ අතරවාරයේදීයි.

 


රතුහැට්ටකාරී නාටය ඊට පෙර ඔබ නරඹලා තිබුණද?
ඇත්තටම නරඹලා තිබුණෙ නැහැ. ඒත් යම් යම් කොටස් රූපවාහිනියෙන් නරඹලා තිබුණා.

 


ඔබ හිතනවාද ඔබට මේ නාට්‍යයට සාධාරණය ඉටු කරන්න හැකිවූ බව?
යම්තාක් දුරකට හිතෙනවා. ඒත් ප‍්‍රවීන රංගවේදිනී අනුලා බුලත්සිංහල වැනි විශිෂ්ට ශිල්පිනියක කළ දේ ප‍්‍රතිනිර්මාණය කිරීම අසීරුයි. ඒත් ලූෂන් බුලත්සිංහල මහතා කිව්වෙ ඔයාලට පුළුවන් දේ කරන්න කියලයි. මම හිතන්නෙ අපේ ඇතුළාන්තයේ තියෙන දේ එතුමා උකහා ගත්තා.

 


රතුහැට්ටකාරී නාට්‍යයේ ඔබගෙ සිත්ගත් දෙබසක කොටසක් සඳහන් කළොත්?
‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත‍්‍රයේ කෙල්ලක්’’

 


‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යයේ රඟපාන චරිතය ගැන යමක් කිව්වොත්?
එහි චරිත තුනක් විතරයි තියෙන්නෙ. මම නියෝජනය කරන්නෙ ‘‘සිහිනය’’ කියන චරිතයයි. ‘‘අපට සිහිනයක් අයිති කරගන්න බැහැ...... ඒත් සිහිනයකට අපිව අයිති කරගන්න පුළුවනි’’

 


ඒ සිහින අතරේ අද වන විට ඔබගේ සැබෑ ජීවිතයේ තිබෙන සිහින මොනවද?
අවංකවම කිව්වොත් සැබෑ ජීවිතයේ මගේ සිහිනය ‘‘නිවස’’ සාදා ගැනීමයි. ඒ සිහින නිවසේ අම්මා තාත්තා සතුටින් තැබීම ලොකුම සිහිනයයි.

 


ජීවිතය සහ කලාව ඔබ දකින්නේ කොහොමද?
එක්තරා විදියකට ගත්තොත් ජීවිතය කියන්නෙ කලාවක්. එහි රිද්මය හඳුනාගෙන ජීවත් වුනොත් එය වින්දනය කළ හැකි වේවි. කලාව ගැන කතා කළොත් මට නම් කලාව කියන්නෙ ජීවිතයයි.

 

 

 



අදහස් (0)

කලාව කියන්නෙ මට මගේ ජීවිතයයි

සෑම් Wednesday, 24 April 2013 08:41 PM

අනේ කමල් මට නම් ඔය එක පින්තුරයක් වත් ඇල්ලුවේ නැහැ.(නදී)

:       0       0

කුමාරිහාමි Thursday, 25 April 2013 03:01 PM

කොණ්ඩේට නෙට් එකක් දා ගත්ත නම් තවත් ලස්සනයි. (නි)

:       0       0

සලා Monday, 22 April 2013 01:00 PM

ඇයි ගාමිණී කියන්න ලැජ්ජද? අපරාදේ සල්ලි.(නදී)

:       0       0

අරුණ Monday, 22 April 2013 01:26 PM

ගැමි හුරුවට හිමි රූපකායක් හිමි ඔබට ඔබින්නේ ගැමි චරිතයි. (නි)

:       0       0

ගාමිණී Monday, 22 April 2013 12:31 AM

ඔක්කොම හොදයි. ඒත් එකම එක දෙයක් ගැන මගේ හිතේ පැහැදිමක් නැහැ. (නි)

:       0       0

සරත් Monday, 22 April 2013 02:06 PM

ලස්සනයි බලන්න. (නි)

:       0       0

සුමුදු Wednesday, 24 April 2013 02:19 AM

ප්‍රවේශමෙන්! කලාව අද්දර ඇත්තේ මඩය. (නි)

:       0       0

කමල් Wednesday, 24 April 2013 04:55 AM

ඔයාගේ පළමු ෆොටෝ එකට නම් මම කැමති නැහැ. (නි)

:       0       0

අසා Thursday, 25 April 2013 08:10 AM

'සඵල නොවූ සිහිනයන් පිළිබඳව පසුතැවෙමින් සිටිනවාට වඩා තමන්ට සතු කුසලතාවන් වටහාගෙන ජීවිතය ගොඩ නංවාගැනීම' මා ඔබෙන් දකින ආදර්ශයයි. ඔබට ජය! (නි)

:       0       0

සංජීව Tuesday, 30 April 2013 05:08 PM

මටත් මොකක්ද හිතෙනවා, නමුත් ලියාගන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site