ලොව පුරා බිහි වී ඇති සම්භාව්‍ය කලා නිර්මාණ ලෙස ප්‍රචලිත චිත්‍ර ,මුර්ති,ගල් කැටයම් පමණක් නොව සිනමා සිත්තම් ද වෙනත් සාහිත්‍ය නිර්මාණ ද ලෝකයාගේ මානව වර්ගයාගේ පැවැත්ම නම් වු සොබා දහමේ අරගලය වෙනුවෙන් දායක වන ඒවා බව අමතක කිරීමට අප රට ජනතාවගේ ජන මිශ්‍රනය සකස් කැර ඇත.
මේ චින්තනය අප රට දිගු කාලයක් මුළුල්ලේ ගලා ආ සමාජ , ආගමික හා සාරධර්ම චින්තනය විසින් සීමා බන්ධන පැනවීමක් නිසා ඇති වු දෙයකියි පෙනී යයි.
සොබා දහම ලෝකයත් මිනිස් ජීවිතයත් පිළිබඳව නියත ගමනක් තීරණය කැර ඇත්තේ එය ඉදිරි ගමන සාක්ෂාත් කැර ගැනීමේ අරමුණුය.මිනිසුන් හා ගැහැණුන් සොබා දහමට අයත් ප්‍රපංචයෝ වෙති.
ඔවුහු ලෝකයේ පැවැත්ම වෙනුවෙන් හැසිරිය යුතු වන්නේය.එය සීමා බන්ධන තහංචි ඔස්සේ කඩා බිද දැමිය යුතු නැත.
ඒ ඒ රටවල සමාජ සංස්කෘතිය විසින් පනවනු ලබන හා පනවා ගනු ලබන සිමා තිබිය හැකි වුවත් ඒවා මනුෂය ජීවීතය සැපවත් කරන තෘප්තිමත් කරන මානව සිතිවිලි බිහි වීමටත් ඒවා ඇගයීමටත් හැකියි.නිරවුල් වුත් සරල වුත්,සුගම වුත් ,තීක්ෂණ වුත් මානයක් මිනිසුන් අතර වර්ධනය කළ යුතුය.
මේ මුලික දර්ශනය විද්‍යාව,පරිණාමය,දේශපාලනය හා ලිංගික ජීවීතය පිළිබව විචිත්‍ර බවක් පුළුල් දැක්මක් විවෘත කැර ගැනීමට ඉඩකඩ විවෘත කළ යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ ජනතාවට මේ ඉඩ හසර පිරී ගොස් තිබීම කනගාටුදායක අත්දැකිමකි.අපට නිරුවත් චිත්‍ර මුර්ති කලා අධ්‍යයනයට හා රසවින්දනයට හැකියි.ඒ විචක්ෂණ භාවය ලං කැර දීමට අපේ අධ්‍යාපනය වත් අපේ සමාජ විග්‍රහය විසින්වත් ඉල ලබා දී නැත.
ක‍්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ සීගිරී චිත්‍ර බිහි වන විටත් ලෝකයේ එබඳු චිත්‍ර බිහි වි නොතිබිණි.
යුරෝපයේ සම්භ්‍ය කලා කෘති ලෙස බිහි වු චිත්‍ර හා මුර්තී ක්‍රිස්තු වර්ෂ 17-18 සියවසවල අයත් ඒවාය.
අපේ රට ඒ වන විට උසස්තම චිත්‍ර බිහි වී සියවස් දොළහක් ගෙවී හමාරය.එහෙත් අපේ රට සිගිරියෙන් පසු ඒ චිත්‍ර කලාව ද අහිමි වී ගියේය.
මේ පසු බෑම අපේ රටේ සමාජ චින්තනයේ කඩා වැටීමක් වෙයි.එය සිදු වුයේ ඇයි දැයි අප ප්‍රශ්න කළ යුතුය ථේරවාදී බුදු දහමේ සමාජ විද්‍යාත්මක පදනම ඊට බලපා ඇත්දැයි කල්පනා කළ යුතුය.
විමල් රණතුංග මහතාගේ සෞන්දර්ය මානවරූප හා කලාව නම් කෘතීය මෙම කරුණු පාදක කැරගෙන දීර්ඝ සංවාදයකට මුල පුරා ඇත.
එහි අන්තර්ගත කරුණු සාකච්ඡාවට බඳුන් විය යුතු බව ද අවධාරණය කරන්නෙමු.
විමල් රණතුංග මහතා ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයේහි ලා සංස්කෘතිය,කලාව,සෞන්දර්ය ,ආගම,භාෂාව හා සාහිත්‍ය යන විෂයන් මගින් ඉටු කරන ලද කාර්ය භාරයත් ඒ සඳහා ඉටු කළ යුතු හා ඉටු කළ හැකි ක්‍රියා දාමයන් පිළිබඳ නිරන්තරයෙන් අධ්‍යනය කරමින් සිටින විද්වතෙකි.එහි දි ශ්‍රී ලංකාවේ සමාජ ඉතිහාසය තුල සිදු වී ඇති ජන සංක්‍රමණ සංස්කෘතික හා ආගමික බලපෑම් මෙන්ම බුදු සමය විසින් ඇති කරන ලද බලපෑම්ද සියුම් විග්‍රයට ලක් කරමින් ඒවායේ ප්‍රතිඵල අර්ථ කතනය කිරීමට යොමු වී සිටී.
‘සෞන්දර්ය මානව රූප හා කලාව ’ කෘතියෙන් විමල් රණතුංග උත්සාහ කරන්නේ කලාව ඉටු කැර ඇති කාර්ය භාරය හුදෙක් කාමය සඳහා වුවක්ම නොව එය මිනිස් සංහතියේම පැවැත්ම සඳහා වු අරගලයේදී ස්වාහාව ධර්මයට අනුගත වු හා අධ්‍යාත්මික වේදයිතයක් තුල මිනිසා විසින් නිර්මාණය කරන ලද සංස්කෘතික සංචිතයක් බව කියා පෑමටයි.’
විමල් රණතුංග මාධ්‍යවේදියෙකි.ගත් කතුවරයෙකි,විශ්‍රාමික රජයේ සේවකයෙකි.උපාධිධරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මා, ඔයා හරියටම හරි. මම ඔබ අගය කරමි. (නි)
කලාව දෙස කලාකාමී ඇසින් බැලිය හැකි නම් එතන කිසිසේත්ම ශෘංගාරාත්මක ආශාවක් ඇති නොවේ. (ස)
මේ සම්භාව්‍ය කලාව නැවත ඇති කරලා හරි, මේ ස්ත්‍රී දුෂණ සම්ප්‍රදාය නැති කරන්න බැලුවොත් නරකද?. නැති විය යුතු දේ නෙවේ නැති උනේ... (ස)
ඉතාමත්ම ගැඹුරු විෂයයක් . පොතක් කියවා බලා එහි හරය උකහා ගැනීමෙන් පසු පමණක් සාධාරණ අදහසක් ඉදිරිපත් කළ හැකිය. (ස)
සීගිරියේ නිරුවත් පින්තුඋර සාදාරනීකරණය කිරීමට ගත උත්සහයක් (අ)
මාතෘකාව වැරදිය. එය 'කලාව කොහෙත්ම කාමය සඳහා නොවේය ' ලෙස වෙනස් විය යුතුය (දී).
සිරිපාල, ඔබට සීගිරි චිත්‍ර "අසාධාරණ" ලෙස පෙනෙනවද? (නි)
මට කවුරුහරි මේ ගැන තව පැහැදිලි කරලා දෙනවද? (නි)
ඇත්තටම ලස්සන චිත්‍ර ටිකක් (දී)
කලාව යනු කුමක්ද යන්න වටහා ගන්නට නම් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද රචනය කර, විශාරද නන්දා මාලිනියන් විසින් ගායනා කරන ලද " අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි " ගීතය සිහිකර සිතා බලන්න. එවිට ඔබට වටහා ගන්න පුළුවන් කලාවේ හැඩය. කලාවේ වර්ණය. කලාවේ අගය. (නි)
ඕනෑම දෙයක් දෙස බලන විදියෙන් තමා වෙනස් වෙන්නේ. වැරදි ඇහින් බැලුවොත් වැරදියටම තමා පෙනෙන්නේ. අපි හුඟ දෙනෙක් හරි දේ දිහා වැරදි ඇහින් බලනවා. වැරදි දේ දිහා හරි ඇහින් බලනවා. (නි)
සමාවෙන්ට. " අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි " යනුවෙන් වෙනස් විය යුතුයි. (නදී)
ඔබතුමා කිවූ ලෙස ථෙරවාද බෞද්ධ පදනම තමා ලංකාවෙන් ඔවැනි උසස් කලාවක් නැති වෙන්න බලපෑවේ. එහෙමයි කියලා බුද්ධාගම නරකයි කියනවා නොවේ. නමුත් ඒ ථෙරවාද බෞද්ධ පදනම බිඳ දමා ස්ත්‍රී දුෂණ කරන සංස්කෘතියක් ඇති වුණේ කෙසේද? පහුගිය වසර 3 තුළ පමණක් ස්ත්‍රී දුෂණ දහනවදාහයිලු. (නි)