(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි.
කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද රැස්වූ අතර රාජා කොල්ලුරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට එහිදී පියවර ගෙන ඇත.
වයඹ ආණ්ඩුකාරධූරය ද දරන කොල්ලුරේ මහතා ඉකුත් දා විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩවර්ජනයේ නිරත ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම කෙරෙහි සලකා බලන බව සඳහන් කළේය.
කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය ආන්දෝලනාත්මක වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල දැඩි විවේචනයට ද ලක්විය.
කොල්ලුරේ මහතාගේ එම ප්‍රකාශය කොමියුනිස්ට් පක්ෂය ද හෙළා දැක තිබූ අතර එම ප්‍රකාශය නිසා ඔහු පක්ෂ තනතුරින් ඉවත් කර ඇතැයි ද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ කෙලින් තීරණයක් ගත්තේ කොමියුනිස්ට් පක්ෂය පමණි. වටිනා ආදර්ශයක්... අගය කරමු
ගුරු වර්ජනය කඩාකප්පල් වුණානම් මුලු කම්කරු අරගලයට අනාගතයක් නැතිවෙනවා...
කම්කරුවාට තම පීඩනය පිට කරන්න තියෙන ප්‍රධාන ක්‍රමයක් තමයි අරගලය. කම්කරු නායකයන්ට තම පැවැත්ම රැකගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේදයක් තමයි අරගලය. හැබැයි රට දියුණු කරන්න අරගලය හරියන්නේ නැති බව පාලන තන්ත්‍රයට සහභාගි වෙනකොට තේරෙනවා. හැමෝම කරන්නේ තමන්ගේ න්‍යාය පත්‍ර අනුව හීන් චූන් එකක් ගන්න එක තමයි. කොහොම වුණත් ළමයින්ගේ පැත්තෙන් ගත්තොත් මෙතෙක් නොදැකපු කාලකන්නිම වර්ජනය සහ නිසි පරිදි පාලනය නොකරපුම වර්ජනය. හරි තීරණ ගත්තා නම් දරුවන්ට ආදරේ කට්ටිය විතරක් රඳවාගෙන ඉතිරි පුරප්පාඩු ප්‍රමාණයෙන් රැකියා වියුක්තියට විසඳුම් හොයන්නත් තිබුණා. කොල්ලුරේ මහත්තයා වුනේ කටමැත දොඩවන්නේ නැතිව නියම වෙලාවට සේවය හැරයාම් ගහන්නයි. එතකොට බලාගන්න තිබුණා කයිවාරු කාරයින්ගේ පදයට නටන අයගේ දුක් අඳෝනා...
කම්කරු අරගල කරන්න ජනාධිපති ආරක්ෂකයින්ට හැකිද?
මොහු පක්ෂයේ උදාර ප්‍රතිපත්ති අමතක කර රජයෙන් පින්බත් ගිලින බත්බැලයෙක් බවට පත්ව සිටී. එහෙව් අයගෙන් නිරෝධන පන්තියට සෙතක් බලාපොරොත්තු විය නොහැක. පක්ෂ සාමාජිකයිනුත් නෙරපමු. 77 - 89 ඉතාම දුෂ්කර යුගයකදීවත් පක්ෂය තම ප්‍රතිපත්ති අත්හලේ නැහැ.
ගුරුවරුන්ගේ පඩිකපන්න කතා කලේ තමුන් ඉන්නා තැන අමතක වී තනතුරේ ඌෂ්ණය ඇඟට වැදීම නිසයි. දැන් ඒකට දඬුවම ලැබුණත් පක්ෂයෙන්ද ඉවත් කළොත් දඬුවම සර්ව සම්පූර්ණ වෙනවා.
මොහු පක්ෂයෙන්ම නෙරපා හැරිය යුතුයි....
ලොක්කන්ගේ කකුල් ලෙවකන්න ගියා. වෙන දේ දැක්කද. කම්කරු සහ සේවක අරගල කඩාකප්පල් කරපු එකම කොමියුනිස්ට් නායකයා.....
වාමාංශික පක්ෂයක ජ්‍යෙෂ්ඨයෙක් උනත් අවසාන කාලේ තමන්ගේ පක්ෂේ ඉදිරියේ මල පහ කළා වගේ වැඩක් කරපු පුද්ගලයෙක්
වැඩකට නැති මිනිහා . කොමියුනිස්ට් පක්ෂයට සුබ පැතුම්. අවම වශයෙන් දැන් ඔබ ඔබේ නිෂ්ඵල තනතුරෙන්ද ඉල්ලා අස්විය යුතුය.
මස් කට්ටක් හමු උනාම ගෙදර අමතක වෙනවා.
හරිම කණගාටුයි. ගුරුතුමන්ලා වර්ජනයකට ගියේ ඇයි කියලා අමතක කරලා රාජ්‍ය මට්ටමින් පාසල් වල ඉගැන්වීම් වලට කරපු දෙයක් නැති වෙලාවේ ගුරුවරු තමන්ගේ අතින් වියදම් කරගෙන් ළමයින්ට ඉගැන්නුවා.