(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරෝනා මර්ධන නිල නිල ඇඳුම්වලින් සැරසුණු හය දෙනකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට සිදුකළ පැමිණිල්ලකට අනුව වැඩිදුර විමර්ශන කිරීමේදී පැමිණිල්ල සිදුකළ කාන්තාවම  මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.

සොරාගත් බව කියු මුදල් හා රන් භාණ්ඩ සියල්ලම පොලිසිය මගින් සොයාගෙන ඇත

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කල බව පොලිසිය කියයි

මීගොඩ මිනුවන්දෙනිය බෙරුකැටිය ප්‍රදේශයේ සොරකම සිදුවූ නිවස වෙත ගිය පොලිස් නිලධාරින් පරීක්ෂණ සිදු කිරීමේදී පැමිණිල්ලේ සඳහන්ව තිබූ පැහැරගෙන ගිය බව සඳහන් කර තිබූ නර්තන ඇඳුම් කිහිපයක් ගිනි තබා පුළුස්සා තිබූ ස්ථානයක තිබී කොටස් කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බවත් ඒ අනුව පොලිස් නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත පැමිණිල්ල සිදුකළ කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න සොරකමේ සියලු තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

සැකකාරියගේ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහ හතකට ආසන්න රන්භාණ්ඩ  නිවස පිටිපස වල දමා තිබියදී සොයාගත් බවත් රන් බාන්ඩ අසුරන ඊට මදක් ඔබ්බෙන් විසිකර තිබියදී සොයාගත් බවත් පොලිසිය කියයි