කොළඹ කොටුව - ගල්කිස්ස දුම්රියට ගල් ගැසූ බව කියන සිව්දෙනකු ලබන 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.
එම්.එෆ්.එම්.සලීම්, එම්.කේ.එම්.රමීස්, එම්.එන්.එම්.ෆාරුක්, එස්.එච්.එම්.රෆීක් එසේ අත්අඩංගුවට ගත් අය වෙති.
කොල්ලුපිටිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
දිගින් දිගටම දුම්රියට ගල් ගැසීම් වාර්තා වූ බවත් ඒ හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවීම වැළැක්වීම සඳහා සහ එසේ ගල් වැදීමෙන් එක් අයකුට තුවාල සිදුව ඇතැයි දැනට වාර්තාවී තිබීම නිසාත් ඔවුන් රිමාන්ඩ් කිරීමට නියෝග කරන බව විනිසුරුවරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අයට උපරිම දඬුවම් දියයුතුයි (නි)
උපරිම දඬුවම් දෙන්න. අනෙක් අයටත් පාඩමක් වෙයි එතකොට (නි)
ඔය වගේ වැඩකරන බොහොමයක් අය ගැන අපිට දැන් හොඳ අවබෝධයක් තිබෙනවා (නි)
ගල් ගහනවා වගේ වනචාරී වැඩ අපේ අයට අලුත් දෙයක් නෙමෙයිනේ (නි)
සුදු පාලකයින් මෙරටට ගෙනා දුම්රිය සඳහා වන මඟ දෙපස ඇති රක්ෂිතය සහ ඊට අදාළ නීතිරීති රෙගුලාසි කෙරෙහි අවධානය යොමුකර එම රක්ෂිත මහජන පරිහරණයෙන් මුදාගැනුනොත් බොහෝ ගැටළු නිරාකරණය කැරගැනීමට හැකිවෙතැයි පෙනේ. දුම්රිය හරස් මාර්ග ඇති තැන් ආවරණය වීම නිසා දුම්රිය ළඟාවීම නොපෙනීමෙන් සිදුවන අනතුරු එමටය. මා මෙසේ සඳහන් කරන්නේ මටද දුම්රියෙන් කොල්ලුපිටිය පසුකර එද්දී මගේ වම් බාහුවට වැදුන ගල් පහරකින් ලත් කටුක අත්දැකීමකිනි (නි)
දැඩි දඬුවම් දෙන්න. රට පුරා රැල්ලක් වගේ යන එක නවත්වන්න පුළුවන් වන්නේ එතකොට තමා. තාම ගල් යුගයේද අපි ජීවත් වෙන්නේ. අනුන්ට හිරිහැරයක් නොකර ජීවත්වෙන්න බැරි ජාතියක්ද අපි. වසර 2500 සංස්කෘතිය ගැන පුරසාරම් දෙඩුවාට වානර ගති ඇරිලා නැහැනේ අපේ අයගේ (නි)
මේ පිරිස මානසික ලෙඩ්ඩු මේ අය අංගොඩ යවන්න.(හේ)
උපරිම දඬුවම් දියයුතුයි. (ර)
දුම්රිය මාර්ග අසළ අවසර හෝ අනවසර පදිංචිකරුවන්ට වගකීම් පවරන්න මේ ප්‍රදේශයේ දී දුම්රිය නිරුපද්‍රිතව ගමන් කළයුතු බවට. ඔවුන් එය මනාව ඉටුකරාවි. (නි)
මාර්ග වල අධික තදබදය සහ පුද්ගලික බස් වල යාමට ඇති අකමැත්ත නිසා පසුගිය වකවානුවේ බස් වල සෙනග සැලකිය යුතු ලෙස අඩුවී දුම්රිය වල යාමට වැඩි නැඹුරුවක් පෙනෙන්නට තිබුනා. මේකට එරෙහිව කරන බස් මාෆියාවේ කඩාකප්පල්කාරී වැඩක්ද සැකයි. මොකද ළඟක් ඉන්දලානේ මේ සෙල්ලම පටන් ගත්තේ. අනෙක මේ අවස්ථාවේ දුම්රිය මාර්ග අසල ඇති අනවසර පැල්පත් ඉවත් කිරීමත් කල යුතයි . බොහෝ දුරාචාර වලට මේවා තෝතැන්නක් . (ර)
මේ තත්වය නම් ඉතා ඉක්මනින් මර්දනය කල යුතුමයි, මිනිසුන්ට හානි වුනාට පස්සේ ගන්න පියවර වලින් වැඩක් නැහැ, එහෙම නොවුනොත් මේක ඊළඟට බෝවෙන්නේ අධිවේගී මාර්ගයට.(හේ)
මෙයාලට ගිය රට (බ)
මේ අයට උපරිම දඬුවම් දිය යුතුයි, මානසික වෛද්‍යවරයෙකුට පෙන්නලා අංගොඩ ඉස්පිරිතාලෙට ගිහින් දාන්න තියෙන්නේ (බ)
මේ අයට හොද දඩුවමක් දෙන්න.(හේ)