ශ්‍රි ලංකාවේ වයස අවුරුදු 13-15 අතර වයසේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සියයට එකොළහක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් පරිහරණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ පර්යේෂණ වාර්තාවක සඳහන් කර ඇතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහ දෙනෙකුගෙන් එක් අයකු දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිහරණය කරන බවත් වෛද්‍ය සමරසිංහ මහතා පෙන්වා දෙයි.
එම වාර්තාවට අනුව පාසල් ශිෂ්‍යයින් සීයට දහසයක්ද (16%) ශිෂ්‍යාවන් සීයට පහක් (5%) මොන යම් හෝ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයක් පරිහරණය කරති.
දුම්වැටි පානය කරන වයස අවුරුදු 13 -15 දරුවන් විසින් ම දුම්වැටි මිල දී ගනී.
එම වාර්තාවේ මෙසේ ද දක්වා ඇත.
‘දරුවන්ගෙන් සියයට අසූවක් දුම්වැටි සහ දුම්කොළ භාවිතයට එරෙහි සහ ඉන් සිදුවන හානිය ඇතුළත් දැන්වීම් දකිති. එහෙත් එයින් ප්‍රයෝජනයක් ගෙන නැත.
පාසල්වල මේ හා සම්බන්ධව ලබාදෙන අධ්‍යාපනයෙන් සැහීමකට පත්වන්නේ නැති බවත් ඒ පිළිබඳව ලබා දෙන අධ්‍යාපනය ක්‍රමයෙන් හීනවෙමින් පවතින බවත් දරුවන්ගෙන් අනාවරණය වී ඇත.
දරුවන්ට මේ හා සම්බන්ධ දැනුවත් කරවන ක්‍රියාකාරකම් පැවතුන ද එමඟින් දුම්වැටි විරෝධි දැනුමක් දුන්නද එහි ප්‍රතිළුල දුර්වල මට්ටමක පවති. ඊට හේතුව සීයට එකොළහක්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දුම්වැටි පානය කරන්නේ අධ්‍යාපනයක් ලබමින් සිටියදීය.
දුම්කොළ දුම්වැටි විරෝධි අධ්‍යාපනය ප්‍රබල ශක්තියක් දැනෙන සුළු විය යුතු බවත් පවතින ක්‍රමවේද අසාර්ථක බව මෙමගින් සනාථ වන නිසා නව ක්‍රමවේද වහාම ක්‍රියාවට නැංවිය යුතු බවත් වෛද්‍ය සමරසිංහ මහතා පෙන්වා දෙයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයක් පිහිටුවා ඇත. එනිසා අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය මෙම වාර්තාව වෙත යොමුවිය යුතු බවත් තතු දත් ආරංචි මාර්ග පැවසීය.‘
ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව සිදු කළ පර්යේෂණයකට අනුව මෙම වාර්තාව එළි දැක්වුයේ මැයි 31 ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනයේදී ය.
මෙම පර්යේෂණ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහත්වරුන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දලාල් - ප්‍රංශය, ඔබ මෙය උපහාසයට ලියා ඇතැයි සිතනවා. දියුණු රටවල දුම්බීම වැඩියි තමයි. ලංකාව දියුණුවෙමින් පවතින රටක් වුණත් දුම්බීම ඉතා අඩුයි. අපි ඒ අතින් ඉහළින් ඉන්නවා. අපේ සෞඛ්‍ය සේවා එතරම් හොඳ නැති නිසා ඒක වඩා වැදගත්. (නි)
සමහර දුම්වැටි සමාගම් අපේ රටේ කෙල්ලන්ව සිගරට් බොන්න හුරුකරගන්න හැදුවා (නදී)
ඉතින්? ඕකත් මහා කජ්ජක් ද? ලෝකයේ හැම දියුණු රටකම කෙල්ලෝ විතරක් නොවෙයි ගැහැණු අයත් දුම්පානය කරනවා. ඇයි, අපේ මේ ශ්‍රී ලංකාව දැන් දියුණු රටක් නොවෙයි කියලද ඕගොල්ලෝ කියන්න හදන්නේ ? (ර)
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විතරක් නෙවෙයි, තලතුනා ගැහැණු බොහොමයක් දුම් බොන බවද පේනවා, ටික කාලයකින් පිරිමින්ගේ වාර්තාවත් කඩයි වගේ (ම)
වෙනස සහ නිදහස (ම)
අධ්‍යාපනයටම ඔක්කොම බැර කරන්න බැහැ. ඕවා රටේ ව්‍යාප්ත කරන ආයතනවලට ඉස්සෙල්ලම වැට බදින්න ඕනේ මොනයම් හෝ නිති පද්ධතියක් ගෙනල්ලා. (ම)
කටාර් වල නම් පාසල් ආසන්නයේ ඇති සියලුම කඩවල දුම්වැටි අලෙවිය තහනම්. එවෙන්නක් ක්‍රියාත්මක විය යුතුයි.(ම)
අපේ මුදලාලිලා ඉස්සර වෙලාම අල්ලගන්න හදන්නේ ඉස්කෝලේ යන පොඩි අය. ලැජ්ජාවක් නැහැ කොහොමටවත්. (ර)
ඉතින් ඕක වැඩක්යෑ. (ර)