( තිළිණි ද සිල්වා)
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් බවට වාර්තාවූ නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් අදාළ පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා නාවික නියෝජිත ආයතන, අදාළ බලධාරීන් මෙන්ම විදේශ රටවල පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩල සමඟ අඛන්ඩව සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණ කරගැනීමට පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යාංශය කියයි.
මෙම නෞකාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර නොමැති වූවත් එහි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු සේවය කළ බව විදේශ කටයුතු අමාතයාංශය විසින් ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා සිදු කළ මූලික විමසීම්වල දී හෙළිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට අනතුරකින් තොරව ඉක්මනින් නිදහස ලැබේව කියා ප්‍රර්ථනා කරනවා.
ඇවන්ගාර්ඩ් අයින් කරලා කොරගත්ත එක තමයි.
මේ නාලක කියන කෙනා ඇවන්ගාර්ඩ් එකේ අයිතිකාරයද?