(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීපව වාරියපොළ රෝහලට රැගෙන ඒමේදී මියගොස් ඇතැයි වාරියපොළ රෝහලේ ප්රකාශයෙක් පැවසීය.
වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී අද (5) රාත්‍රීයේදී හදිසියේ ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගැනීමෙන් අනතුරුව වාරියපොළ රෝහලට රැගෙන ආ බවත් එසේ පැමිණෙන අතරතුර ඔහු මියගොස් ඇති බවත් බන්ධනාගාර ප්රකාශයෙක් පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතිකයකු වන දිලිප් කුමාර් නමැති 47 හැවරිදි පුද්ගලයෙකි.
ඔහුගේ මෘත ශරීරය මේ වන විට වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව තැන්පත් කොට ඇති බවත් අධිකරණ නියෝග ලබාගැනීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණය සහ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කුරූණෑගල ශීක්ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කරන බව බන්ධනාගාර නිලධාරියා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ... දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදුන් අවස්ථාවක්.. කොයි ආගමට අයත් වුණත්,වඳින පුදන පිළිමෙකට බලයක් තිබෙනවා.අද උගත් යැයි සම්මත සමහර භවුතික වාදීන් සුන්දන් මෙන් පර්යේෂණ කොට යමක් පවසන්නේ නැහැ.කිසිදු පර්යේෂණ ක්‍රියාවක් සිදුනොකොට නොපෙනෙන දේ බොරු යැයි හිතළු කියනවා.තවත් කලක් යනවිට ඔවුන් වැරදි බව බටහිර විද්වතුන් සොයාගත් විට පෙර අදහස් ඉවතදා,බටහිර ගැතිකම නිසා රැල්ලට මහා ඉහළින් සත්‍ය පිළිගන්නවා.බටහිර මතය එනතුරු සත්‍යයට අවමන් කරනවා.මේවා ගැන හරිහැටි කරුණු කාරණා නොදන්නා කොළු කුරුට්ටන් ඒවාට හුරේ දානවා.මේ පිළිම කඩන අමන නරි මෝඩයන් මින්පසු හෝ සත්‍ය තේරුම්ගත යුතුයි.
කාගේ හරි කොන්ත්රාතුවක් කරලා වගේ.
හොඳ වෙලාවට නම දිලීප් කුමාර්. නැතිනම් ඊළඟ ඡන්දයට ඕකත් හොඳ තුරුම්බුවක් වෙන්න තිබ්බා.
මේක කාගේ හරි කොන්ත්රාතුවක්. වැඩේ ගැස්සිලා මහ උන් අහුවෙන නිසා මෙයාට ගේම ගැහැව්වා. ඕක තමයි කියන්නේ අනුන්ගේ පව් ගෙවනවා කියලා.
පාස්කු ප්‍රහාරයට මහා මොළ කරුවෙක් සොයමින් පිරික්සන මේ සමයේ මෙයාව දාලා ආණ්ඩුව වගකීමෙන් මිදෙයිද, ඇයි මැරිච්ච මිනිස්සුන්ට කථා කරන්න බැහැනේ.