(නිමල කොඩිතුවක්කු)
කිලෝමීටරයකටවත් වඩා අඩු පාරවල් සකස් කිරීමට වසර එකහාමාරකටත් වඩා කාලයක් ගතව ඇති බවත් ව්‍යාපෘතිවල වැඩ නිසි පරිදි සිදුනොවීමෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසිමට සිදුවන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹදි අද(21) පැවසීය.
ව්‍යාපෘතිවල වැඩ නිසි කාලයට නිම කිරීමට නොහැකි නම් එම ව්‍යාපෘති මාර්ග සංවර්ධන අධිකාරියට බාර දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.
මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රාවණාගාරයේ දී නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඔහු මේ බව පැවසීය.
ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පමනක් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1150ක් සංවර්ධනය කිරිමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම ග්‍රාමීය මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී නියමිත දිනට වගකීමෙන් යුතුව ඉදිකිරිම් කටයුතු අවසන් කළ හැකි ඉදිකිරිම් සමාගම් වලට පමණක් කොන්ත්‍රාත් පවරන ලෙසට ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.
නැගෙනහිර පළාතේ පමා වූ සියලුම මාර්ග ව්‍යාපෘත කඩිනමින් අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ...
අනේ යන්න... මෙයා ඔයාලා කවද්ද විවෘත ටෙන්ඩර් කළේ? ඔය සේරම ඔයාගේ යාළුවෝ...
බොරුව එපා .... ඔය පාරවල් හදන ටෙන්ඩර් ඔක්කොම දෙන්නේ ඔයාලගේ හිතවතුන්ට නේද? ඒවායින් හොඳ කොමිස් කුට්ටියක් ලැබෙනවා නේද?
ඔන්න කට්ටියට හොඳ ගණන් පාඩමකට අවස්ථාවක්... කිලෝමීටර් ගණනින් මෙයාගේ කොමිස් කුට්ටිය ගණනය කරලා හරියටම කියන හපනාට කිලෝමීටර 5ක පාරක නඩත්තුව දෙනවා. අවුරුදු 04ට...
ඇමැතිතුමෝ, හැඳල ඇලකන්දේ සිට දික්ඕවිට මාර්ගයේ බෝක්කුවේ වැඩ ඉවරකරලා දෙන්න. කොච්චර නම් කල්ද? නැති අවහිර ඇති කරනවා.