දුරස්ථ පාලකයකින් ගුවන්ගත කළ හැකි කැමරාවක් සහිත කුඩා යානයක් අහංගම නාකන්දේ ගෙවත්තකට වැටී ඇතැයි පොලිසිය කියයි. තටු හතරක් සහිත මේ උපකරණය ගුවන් ඡායාරූප ගැනීමටත් විවාහ මංගල ඡායාරූප ගැනීමටත් ඡායාරූප ශිල්පීන් බහුලව භාවිතා කරයි.
මෙම යානය හිමිකරු නාකන්දේම පදිංචි පුද්ගලයකු බවත් කඩා වැටුණු ද්‍රෝන් කැමරාව පරීක්ෂණ කටයුතු සඳහා කොළඹට රැගෙන ආ බවත් පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ලගත් එකක් තියනවා මේවා නරක දේවල් නෙවෙයි රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන තැන්වල නොයවා රටේ සුන්දරත්වය කුරැලු ඇහැකින් බැලුවට කමක් නැහැ. (ර)
ඔත්තු බලන්න ඇවිල්ලද?(බ)
පරික්ෂාකර බලා අයිතිකරු පැමිණියොත් බාරදේවි. අපි මොකටද කලබල.? (ර)
මේක යානයක් නොවේ. දුරස්ථ පාලකයක් සහිත කැමරාවක් සහිත ද්‍රෝණයක්. අපේ රටට අලුත් වුනාට වෙන රටවල් වල සුලබ දෙයක්. මේක අනිවාර්යයෙන්ම අහංගම හොටෙල් එකට සංචාරය සඳහා පැමිණි සංචාරකයෙකුගේ වෙන්න ඇති. (බ)
මේක මිල අධික වර්ගයේ ද්‍රෝණයක් . අයිතිකරු සොයා බාර දෙන්න .(ම)
මේක පිටසක්වල යානයක් වත් ගුවන් යානයක් වත් නෙමෙයි. ඩ්‍රෝන් යානයක්. Quad-copter එකක්. ලංකාවට මේවා අලුත් දෙයක් වුනාට බොහොම සුලබ දෙයක්. මේවගේ දේවල් ඕනවට වඩා ලොකු කරලා කියන්න දෙයක් නෑ . ඕක සංචාරකයෙකුගේ වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. අනික උඩින් යන දෙයක් යම් හේතුවක් මත කඩා වැටෙන්න පුළුවන් (බ)
මිල කෙසේ වෙතත් අවසරයක් නැතුව වීඩියෝ කරන්න කාටවත් අයිතියක් නැහැ. මගේ ගෙදරට වැටුනානම් මම දෙන්නේ නැහැ. මේවා පාවිච්චි කරලා මිනිස්සු අනවශ්‍ය දේවල් කරනවා. (බ)
මොහාන් හරි (බ)
මේක ඩී.ජී.අයි පැන්ටොම් වර්ගයේ ලොව ප්‍රසිද්ධ කැඩ්කොප්ටර් වර්ගයක්. ඉතාම ආරක්ෂා සහිත ලෙස මෙය පියාසර කිරීමට ඩීජීඅයි සමාගම මෙය නිෂ්පාදනය කරල තියනව. නමුත් යම් හේතුවක් මත මෙය කඩා වැටෙන්නට පුළුවන්. කෙසේ වෙතත් අදාල පුද්ගලයා වෙත මෙය බාර දීමට කටයුතු කරන්න. (බ)
ඕකනේ ඉතින් මේ රටට සුද්දෙක් වත් එන්නේ නැත්තේ. (බ)
බැටරි බැහැල වෙන්න ඇති කඩාවැටුණේ (බ)
ගොඩයට මැජික්. (ස)
වීඩියෝ හෝ ඡායාරූප ගැනීම සදහා අවසර ඕනේ වෙන්නේ විශේෂිත ආරක්‍ෂිත හා සංස්කෘතික ස්ථානයන් සදහා පමණයි. චමල් කියන විදියට නම් ඉතින් ඡායාරූපයන් ගන්න අවසරගන්න වෙනවා පොලිසියෙන්. දකුණු ආසියානු රටවල් වල දියුණුවට තිබෙන ලොකුම බාධාවක් තමයි කුහක මතයන්. එකිනෙකට ගෞරව කරගැනීමට වෙනුවට අභියෝගයෙන් තර්ජනයෙන් අභිබවායන්න හදන එක ලොකුකමක් නෙවෙයි. චමල් වගේ හිතන අය වෙනසකට ලොකු බාධාවක්. (ස)
මේකේ වර්ග කීපයක් තියෙනවා, GPS තාක්ෂනය එක්ක නං, මෙය බැටරි සක්‍රීය තාවය අඩුවෙන විට ගුවන් ගත කල ස්ථානයට ස්වයන්ක්‍රීයව ගොඩ බසිනවා. අනික මෙහි භාවිත වන මෘදුකාංගයෙන් ගමන් කළහැකි උපරිම දුර ස්ථාපනය කල හැකි, එහෙම උනා නං මෙයාලට මේක ලැබෙන්නේ නෑ. ඕක මැජික් එකක් නෙවි. අයිතිකරු සොයා බාර දෙන්න. (ස)
චමල් තාම ආදී කාලෙ ජීවත් වෙන්නේ මේවා අලුත් දේවල්වත් ලොකු දේවල්වත් නෙවෙයි. ඡන්දෙ කාලෙ ප්‍රදාන අපේක්ෂකයෝ දෙන්නම මේවා පාවිච්චි කරලා ඡන්ද දැන්වීම් හැදුවේ, රැස්වීම් වීඩියා්ෙ කරේ. (ස)
කාගේ වුනත් ශ්‍රී ලංකා අහසේ පියාසර කරන්න අවසර ගත යුතුයි. ඡායාරුප ශිපියකුගේ වුනත් සුද්දෙකුගේ වුනත් ආරක්ෂක අමාත්‍යංශයෙන් සිවිල් සේවා වගේ තැන් වලින් අවසර ගත යුතුය (බ)
ඕකටත් නඩු දායිද දන්නෑ.? (ර)
මෙම ද්‍රෝන කුලියට ගැනීමට තිබෙනවා. පැය 3 කට රුපියල් 15000 ක් (බ)
ඉස්සෙල්ල චෙක් කරන්ට ඕනේ මොනවද ගත්තේ කියලා (ම)
අදාළ පුද්ගලයාට බාරදෙන්න (ම)
"චමල් " අනවශ්‍ය දේවල් කරන්නේ මානසික රෝගියො විතරයි... මා ගාවත් මෙය තියනවා මෙය භාවිතා කරන්නේ අපේ රටේ සුන්දරත්වය ලෝකයට ඉහලින් පෙන්වන්න සහ සුන්දර තැන් වල මා සංචාරය කරන විට එම ස්ථානවල ඡායාරූප ගැනීමට පමණි. (ම)
වෙන වැඩ නැද්ද මන්ද..(බ)
අපේ පොලිසියේ මහත්වරුන්ට නවීන උපකරණ ගැන අවබෝධයක් ලබාදිය යුතුයි. ඔවුන් එවිට අනවශ්‍ය ලෙස කලබල වෙන එකක් නැහැ. ගොඩක් අය කුහක සහ ඉරිසියාවෙන් මේ වගේ සිද්ධි ගැන බලන බැව් පෙනේ. (බ)
මට බැනල අදහස් දාල තියෙන අයගෙන් අහන්නේ. හිතන්න ඔබේ ගෙදර පිහිනුම් තටාකයක් තියෙනවා. එ්කේ ඔබේ බිරිඳ බිකිනි එකක් ඇඳන් නානවා. කවුරුහරි ඔය කැමරාව එවල වීඩියෝ කරගන්නවානම් මොකද කියන්නේ. වීඩියෝ කරන්න පොලිසි වලින් අවසර ගන්න ඕනේ නැහැ. කිසිම පුද්ගලයෙකුට තව කෙනෙක්ව ඔහුගේ කැමැත්තක් නැතුව වීඩියෝ කරන්න තහනම්. එ්කයි සී.සී.ටී.වී කැමරා සවි කරලා තියෙනවනම් ඒ බව දැන්වීමකින් අලවා තියන්න ඕනේ. නිකන් බොරුවට මොඩර්න් කියල පෙන්නන්න එපා. (නදී)
බොහෝ දෙන ලියල ඇති පරිදි මෙය මිල අධික උපකරණයක්. කරුණාකර මෙය සංචරකයෙකුගේ නම් නැවත බාරදෙන්න. ලංකාවේ දුර්ලභ වුණාට මෙය එතරම් පුදුම විය යුතු දෙයක් නොවේ (ම)
එදාට වඩා පොලිසියේ මහත්තුරුත් අද තාක්ෂණික මෙවලම් භාවිතයට ගන්නවා. ඒක නිසා කැමරා සහිත මේ ඩ්‍රෝනය ගැන ප්‍රබන්ධ ගොතා අසරණයෙකුගේ ගිණුමකට නොදා හිමිකරු සොයා භාර දෙන්න (ම)
ලංකාවේ මුදලින් ලක්ෂ 1 1/2 - 2 පමණ වෙනවා කැමරාව නැතිව රුපියල් 80.000 පමණ වෙනවා යුද්දය පවතිද්දී කොටින් ඔත්තු බැලීමට රාත්‍රී කැමරා සවිකර මෙම ද්‍රෝන යොදාගත් බව විදේශ වලට පැනගත් කොටින් පවසනවා නමුත් හමුදාවට එය හෙළි වී නැහැ බොහොමයක් කඳවුරු වැටුනේ එම නිසා වෙන්නට පුළුවන් (බ)
කොයි එකටත් අරන් තියන ඡායාරුප මොනවද කියලා පරික්ෂා කරලා බාරදෙන්න (බ)
බැටරිය නඩත්තු කර නැහැ අදාල අය අවසර නොගෙන පාවිච්චි කළා නම් රේගුවට ප්‍රකාශ නොකර ගෙනාව නම් ඉදිරි පත්වෙන එකක් නැහැ මෙය හමුදා ඔත්තු සේවයට ප්‍රයෝජනවත් (බ)
මේක අඟහරු ලෝකෙන් ඇවිල්ල තියෙන්නේ පාවෙන පීරිසියක් ප්‍රදේශය පරීක්ෂා කළොත් අඟුටු මිට්ටන් සොයා ගන්න පුළුවන් (බ)
2008 පෙර මෙය තහනම් මෙවලමක් යුද කඳවුරු ආරක්ෂා කර ගන්න නමුත් පාවා දෙන්නගෙන් ආරක්ෂා වෙන්න බැරිවුන නිසා වසර 30 පැරදුනා (බ)
මෙය අනිවාර්යෙන්ම කොටි ඔත්තු සේවයේ එකක් විදේශ කුමන්ත්‍රණයක් (බ)
පැයකට 3000 දෙන්න. මමත් එ්ක අරගෙන තියෙනවා ළඟදීම ගෙනෙනවා (බ)
අවශ්‍ය දේවලට මෙන්ම අනවශ්‍ය දේවලට මෙය භාවිතා කළ හැක. කැමරාව පරික්ෂා කිරීමෙන් අවශ්‍යතාව තහවුරු කරගත හැක (ම)
මට මතකයි සරුංගලයක් වුනත් එහි ලෙඩ් බල්බ් සවිකරලා උඩ අරින්න බැරි කාලයක් තිබ්බා (බ)
ලංකාදීපේ කොමෙන්ට්ස් බලන එකෙන් හුගක් දේවල් ඉගෙනගන්න පුළුවන් චාමික, දුලාංජ, පාලිත බොහොම වටිනවා ඔබගේ අදහස් (බ)
මේ වගේ දේවල් ලෝකයට දැන් නවීන නැහැ. ලංකාවේ නම් අරුම පුදුම මැජික්. ඕක කොළඹ යවන්නත් දෙයක්ද? මේ වගේ එකක් හදන්න දැන් පුළුවන් අපිටත් (නි)
තාම ලංකාව ගල් යුගයේ තිබෙන දුපතක් බව මේකෙන්ම පේනවා. පිටසක්වල යානයක් වගේ මේක පේනවා ඇති (නි)
ඕවා ගණන් ගන්න එපා. මේ රටේ කේලමලා රජවාසල්වලට කොපමණ කඩා වැටිල තියෙනවද?. (ම)
මංගල ගමනක් ගිය එකක්වද්ද එහෙනම්? (නි)
මේක කැමරාකොප්ටර් එකක්....මේවායෙන් වීඩියෝ ගන්න තහනමක් අපේ රටේ නැහැනේ...වහාම අයිතිකරුට ලබා දෙන්න....(බ)
මෙය ගොඩාක් ප්‍රාථමික අවදියේ එකක්. ඕකට පස්සෙ මොඩ්ල් 3ක් ආවා. මට කියන්න තියෙන්නෙ ඕක දැන් ලන්කාවෙ හැම පළාතකම කට්ටිය දන්න අඳුරන දෙයක් වෙලා. මෙය හුදෙක් සෙල්ලම් බඩුවක් නම් නෙමෙයි. හැබැයි භාවිතා කරන්නාගෙ තිබෙන පළපුරුද මත ඔහු හෝ ඇය තීරණය කළයුතුයි භාවිතා කරන ස්ථානය සහ එම ස්ථානයේ භාවිතා කිරීමට අවසර ගත යුතුද කියන එක. කුමක් වුවත් භාවිතා කරන්නා වගකීම ගතයුතුයි. (නි)
මේක අපේ ගෙවල් ගාව සුද්දෙක් යැව්වේ. එයාට ඒ වත්ත වටේ බලා ගන්න. අපිත් වටෙම හෙව්වා හොයල දෙන්න කිව්වම. (ර)
අයිතිකාරයා හොයලා එයාට දෙන්ට. (ර)