(අංජුල මහික වීරරත්න)
කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඒකමතික අනුමැතිය හිමි විය.
අධික වර්ෂාව හේතුවෙන් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) පස්වරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර එහිදී ප්‍රදේශවාසී ජනතාව ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල බලපෑමට ලක්ව ඇති ජනතාවට ආහාර පාන සැපයීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සලසා දීම, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර තත්වයන්ට හේතු වී ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීම ,ඉඩම් ගොඩ කිරීමේ කටයුතු නැවැත්වීම සහ ප්‍රදේශයේ කානු පද්ධතිය පිළිසකර කිරීම ඇතුළු අනෙකුත් අදාළ පියවර ගැනීම,එම ප්‍රදේශයේ ගංවතුර තත්වයන් ඇතිවීම සඳහා බලපා ඇති මූල හේතූන් හඳුනාගෙන ඉදිරියේදී එවැනි තත්ත්වයක් නැවත ඇති නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් උපරිම ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොලොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාල අනෙකුත් ආයතනවල නියෝජනයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
507
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1056
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොලොන්නාව ගංවතුරට තිත තියෙන වැඩසටහනට තැබෙන අනුමැතිය
පුරවැසියා Tuesday, 04 June 2024 09:20 AM
අවුරුදු 75 ක් ම ගියා වැඩේට කැබිනට් අනුමැතිය ගන්න ඒකත් චන්ද ගුණ්ඩුවක්ද දන්නේ නැහැ නේ
රංබොඩ Tuesday, 04 June 2024 09:32 AM
ඡන්ද බලාගෙන වැඩ කරනව වෙන්න පුලුවන් කොලොන්නාව ජනතාව ගෙවල් හදාගෙන ඉන්නෙ වගුරු බිම්වල. ඒවා ගොඩ කළාම වැහි වතුර ගලා යන්න තැනක් නෑ. දේශපාලකයින් නෙවෙයි මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ විශය දන්න උගතුන්
BuddhikaTuesday, 04 June 2024 10:50 AM
ජනතාව වගුරු බිම් ගොඩකර නිවාස ඉදිකර තියෙනවා ඒවා ඉදිකිරීම් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මෙන්ම අදාල පලාත් පාලන ආයතන අනුමැතිය ගන්න ඕන එම අනුමැතිය දෙනවිට අනාගතය ගැන නොබලා හිතවත් කමට හා සංතෝසම මත කරන අනුමැතිය දීම නිසා මෙහෙම දේවල් වෙනවා විශේෂයෙන් පොතපතින් ලබන දැනුම පපමණක් ඇතුව ප්‍රායෝගික අත්දැකීම් හා පුහුණුවක් නැති නිළධාරි නිසාද මෙහෙම වෙනවා විශේෂයෙන් සාර්ථක අධ්‍යාපනයක් නැති අත්දැකීම් නැති දේශපාලුවන්ට ඉහළම තනතුරු දීමත් දේශපාලුවො කොතරම් වැරදි කලත් දඩුවමක් නැතිවීමත් රටේ පරිහානියට හේතුවක් වෙනවා
sam Tuesday, 04 June 2024 09:47 AM
මේවා අහලා පන පලයන් පෙරේදා.චන්දෙට බැහැලාම වැඩ.අනවසර ඉදි කිරීම් අහස උසට ගිහිල්ලා.වෙලවල් , බෝක්කු ,ඇල මාර්ග ගොඩ කරලා බිල්ඩින් හදලා .දැන් ඉතින් ඒවා අයින් කරනවා බොරු.ඔය බොරු දේශපාලන වැඩ සටහනක්.ඕවා කරන්න තිබුනේ මීට බොහෝ කාලෙකට ඉස්සෙල්ලා.දැන් බොහොම පරක්කු වැඩියි
අරවින්ද මොනරවිල Tuesday, 04 June 2024 09:55 AM
1994 ඉදලා කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා, රටේ අගමැති ලෙස පස්වරක් රට පාලනයට හවුල් වෙලා තියෙනවා. දැන් තමයි මෙයාට කොලොන්නාවේ ගං වතුර පාලනය කරන්න මතක් වෙලා තියෙන්නේ.
සෙනෙවිරත්න Tuesday, 04 June 2024 03:29 PM
අපි දැක්කා මරික්කාර් සර් කිය කිය පස්සෙ යනවා ,පොහොට්ටු සජිත් කට්ටිය එකතුවෙලා, ජවිපෙ එතන නැති එකට දොස් කියනව.වඳුරො කූඩු හදන ජාතියෙ මේ වගේ බඩු එක්ක යන උන්ටයි පිස්සු , චන්දෙ නැත්නම් මොනවහරි බෙදල දීල විසිර යනව. කෙහෙල් ගෙඩියෙ සීල් එක ගහල බෙදූ අයනේ.