IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රීඩා සතිය ඇරැඹෙයි

අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතිය අද ආරම්භ කෙරිණි.

ඊට සමගාමීව Clean Sri Lanka වැඩසටහන හා එක්ව සංවිධානය කළ පාපැදි රැලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපිටින් අද ආරම්භ විය.

එම පාපැදි රැලිය තුම්මුල්ල වටරවුමෙන් දකුණට හැරී බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාර, සැවොයි සිනමා ඉදිරිපිටින්, කොල්ලුපිටිය වටරවුමෙන් දකුණට හැරී ලිබර්ටි වටරවුම පසුකොට ටවුන් හෝල්, ඉබ්බන්වෙල හංදිය පසුකොට මරදාන ටෙක්නිකල් හන්දිය පංචකාවත්ත වට රවුමෙන් අලුත් පාලම පසුකර පෑලියගොඩට පිවිස මීගමුව පාර ඔස්සේ ජාඇල පොලීසිය ඉදිරිපිටින් දකුණට හැරී ඒකල පාර ළමා උද්‍යානය අසල ප්‍රථම විවේකය ගත්තේය.

අනතුරුව ඒකලින් වමට හැරී කොටුගොඩ පාලම, උඩුගම්පොළ හංදිය පසුකර ගම්පහ ගුවන් පාලමින් ඉදිරියට ගොස් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල 50km සම්පූර්ණ කළේය. එම ස්ථානයේ සිට 50km ධාවන ඉසව්ව ආරම්භ විය. මිරිස්වත්ත, වැලිවේරිය, දෙල්ගොඩ, කඩුවෙල හංදිය පසුකොට මාලඹේ, අතුරුගිරිය පාරේ අධිවේගය මාර්ගය අසලට පිවිස එතැන් සිට 25km ධාවන ඉසව්ව ආරම්භ විය. අතුරුගිරිය හංදිය, කොට්ටාව, හයිලෙවල් මාර්ගය හරහා පන්නිපිටිය, මහරගම, නාවින්න, දෙල්කඳ පසුකොට නුගේගොඩ ගුවන් පාලම හරහා කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය අසලින් 5 km ධාවන ඉසව්ව ආරම්භ විය. එතැන් සිට හැව්ලොක් සිටි ඉදිරියෙන් තුන්මුල්ල හරහා තර්ස්ටන් පාරට පිවිස නෙලුම් පොකුණ ඉදිරිපිටින් පැමිණ නිදහස් චතුරස්‍රය අසලින් පාපැදි රැලිය නිමාවට පත්විය. එමෙන්ම අද දින ජිම්නාස්ටික්, වූෂු,ටයිකොන්ඩෝ,කරාතේ,පාපන්දු ඉසව් ප්‍රදර්ශනාත්මක තරඟ වශයෙන් ද පැවැත් වූ අතර එම තරඟ ඉසව් සඳහා සහභාගී වූ සියලුම දෙනාට සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.



අදහස් (0)

ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රීඩා සතිය ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site