IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කැලණියට දැන් සිටම මහා පිරිස්

තිස්හතර වසරකට පසු කපිලවස්තු ධාතුන් වහන්සේලා ප‍්‍රදර්ශනය ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී අඟහරුවාදා උදේ සිට දෙදිනක් පුරා පැවැත්වේ. කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා මේ පිංකම සංවිධානය කරයි. අද දහවල් සිටම උවසු උවැසියෝ දහස් ගණන් එහි කඳවුරුලා සිටිති. ඇතැමෙක් රාත‍්‍රිය පහන් කිරීමට පැදුරුද රැගෙන එති. බුදුන් වැඩි කැලණියේ සිට බුදුන් වහන්සේගේ ධාතු වැඳපුදා ගැනීම තම අභිලාසය බව බොහෝ දෙනෙක් කීහ. කැලණියෙන් පසු කපිලවස්තු ධාතුන් වහන්සේ ඉන්දියාවට වැඩම කැරවීමට නියමිතය. ඉන්පසු එම ධාතු නව දිල්ලි කෞතුකාගාරයේ යළි තැන්පත් කැරේ.  



අදහස් (0)

කැලණියට දැන් සිටම මහා පිරිස්

සමන්ත Tuesday, 11 September 2012 09:16 AM

සාදු සාදු සාදු ... මේ පින් බලයෙන් මුළු රටටම පින් ලැබේවි... (ස)

:       0       0

ඉටාඩ් Tuesday, 11 September 2012 09:56 AM

නුවර දන්ත ධාතූන් වහන්සේත් මේ විදියට ප්‍රදර්ශනය කරානම් හොඳයි.. (ස)

:       0       0

ශාන් Tuesday, 11 September 2012 10:09 AM

කෝ තරුණ කට්ටිය. ඔක්කොම වයසක අය විතරනේ. (ස)

:       0       0

සමන් Tuesday, 11 September 2012 10:28 AM

මේ පින් බලෙන් පාලකයින් යහමගට යොමු වේවා (ස)

:       0       0

අමිලා Tuesday, 11 September 2012 10:52 AM

සම්මා සම්බුදුන්ගේ ධාතුන් ප්‍රදේශ අටක රජවරුන්ට චෛත්‍යවල තැන්පත් කරලා වැදුම් පිදුම් කරන්න දීපු ඒවා.. මේ බෞද්ධ කල්පයේ මිනිසුන් සසර දුකින් මිදෙන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි..!!(නු)

:       0       0

ප්‍රසන්න Monday, 10 September 2012 07:51 PM

සාධු.... සාධු.... සාධු.... සාධු....(දී)

:       0       0

රොහාන් Monday, 10 September 2012 08:10 PM

ඔක්කොම වයසක අය විතරයි, කෝ තරුණ අය? (නි)

:       0       0

සෙනරත් Monday, 10 September 2012 08:59 PM

බුදුන් ගත් මාර්ගය ගන්න ජය නියතයි..!!(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 11 September 2012 11:39 AM

බුදුන් වැඩිය රට දහම් සෙවණ යට යළි උපදින්නට පිනක් තිබේ හෙට....

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 11 September 2012 11:43 AM

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ..!!(නු)

:       0       0

ජෝන් Monday, 10 September 2012 09:26 PM

මම දන්න විදියට නම් සිංහලයා කියන්නේ හොද නුවණක් ඇති ජාතියක්. (නි)

:       0       0

විජය Monday, 10 September 2012 09:22 PM

මේ පිං බලයෙන් කැළණියට සෙතක් ශාන්තියක් වේවා! කැළණියේ සියලුම දෙනාට මෙය වැද පුදා ගැනීමට ලැබේවා! (නි)

:       0       0

සුජිත් පීරිස් - කැලණිය Monday, 10 September 2012 09:44 PM

ගංගාරාම විහාරේ වගේ හොඳට සංවිධානය කළොත් හොඳයි. හැමෝටම වැඳගන්න අවස්ථාව දෙන්න. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 11 September 2012 12:14 PM

මේ ධාතූන් වහන්සේලා වදින්න ගිය සැදැහැවතුන් මුහුණදුන් අසිරිමත් සිදුවීම් අසිරිමත් අත්දැකීම් සියල්ලත් වාර්තා කරන්න. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 10 September 2012 10:45 PM

මම නම් 1978දිත් වැන්දා. 2012දිත් වැන්දා. අනේ නැවත වදින්න ලැබේවා! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 10 September 2012 11:19 PM

මේකේ ප්‍රතිචාර දානකොට නම් 'සාධු සාධු..!' ශ්‍රද්ධාව පිටාරේ යනවා. හැබැයි හෙට කොහේ හරි පුවතක ඉතා කෙටියෙන් යම් චූදිතයෙක් ගැන ලියවිලා තියෙනවා දැක්කහම ඔක්කොම ඉවරය. " රජකාලේ වගේ උල තියන්න ඕනෑ, එල්ලුම් ගහ ගෙනාවනම් ඉවරයි, ගල් ගහලා මරන්න එපැයි " ඔන්න කියැවෙන ඒවා. ලොකු අපරාධයක් ඕනෑ නැහැ, මේ අනිවාර්ය සිදුවීමක්. මා මෙහි පෙන්වාදුන් 'වරදට' දැන් ඔන්න බලන්නකෝ කියන ඒවා. මට පෙන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ මේකයි පින්වතුනි. අපේ රටේ බුදු සසුනේ නමින් සිදුවන්නේ ප්‍රදර්ශනාත්මක ප්‍රසාංගික දේවල් මිස සැදැහැවතුන්ගේ සිත් නොසැළෙන නිවන් මගකට යොමු කරවන දේවල් නොවන බවයි. එහෙම නොවුණා නම්, උඩින් පලවෙන පුවතට 'සාධු ' කියා ලියූ අතින් ඊළඟට පළවන පුවතට 'ගනිවු මරවූ කොටවූ ' වර්ගයේ ප්‍රතිචාර නොලියැවෙනු ඇත. මේක පෙන්වාදීම බුදුදහමට අපහාසයක්ය කියා හිතෙනවා නම් ඔබ කිසිවෙක් බොදුනුවන් නොවේ. බොදුනුවෙකු වීමට ඊට වඩා මොළයක් අවශ්‍යයි. (නි)

:       0       0

කියානි Monday, 10 September 2012 11:45 PM

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.... (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 11 September 2012 01:37 AM

සාදු... සාදු...සාදු...සාදු...! ගෞතම බුදූන් සිරිලක් දෙරණට වැඩියා හා සමානයි. කපිලවස්තු ධාතුන් වහන්සේලා ඉන්දියාවෙන් දිවයිනට වැඩම කරදා සිට මේ දක්වා ලංකාදීප පූවත්පතින් ප්‍රචාරය කිරීම නිසා දැක බලා ගැනීමට ලැබීම සතූටක්. ඒ වෙනූවෙන් ලංකාදීප පූවත්පතේ සියඵම කාර්ය මණ්ඩලයට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

ජයරත්න Tuesday, 11 September 2012 03:19 AM

නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.... (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 11 September 2012 06:19 AM

"........මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා මේ පිංකම සංවිධානය කරයි.....". එහෙනම් ඉතිං තවත් මොනවා කියන්නද? (නි)

:       0       0

කැලුම් Monday, 10 September 2012 05:58 PM

සාධු..සාධු..සාධු.. බුදුන් වදින්න නේද මේ... සාධු..සාධු..සාධු.. (දී)

:       0       0

බිහාර Tuesday, 11 September 2012 07:53 AM

ගෑණු කට්ටියට ඕපාදූප දොඩව දොඩවා ඉන්න නියම අවස්ථාවක්. (නි)

:       0       0

ජනක Monday, 10 September 2012 06:21 PM

බුදුහාමුදුරුවෝ ජීවමානව හිටියනම් (දී)

:       0       0

අනුර Monday, 10 September 2012 06:31 PM

බුදුන් වදින්න මහා පිරිසක් (දී)

:       0       0

මහේල Monday, 10 September 2012 06:36 PM

සාදු සාදු . බුදුගුණ අනන්තයි ! බුදුගුණ අනන්තයි ! බුදුගුණ අනන්තයි ! ගෞතම බුද්ධ රාජ්‍යයට සෞභාග්‍ය උදා වේවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site