තිස්හතර වසරකට පසු කපිලවස්තු ධාතුන් වහන්සේලා ප‍්‍රදර්ශනය ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී අඟහරුවාදා උදේ සිට දෙදිනක් පුරා පැවැත්වේ.
කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා මේ පිංකම සංවිධානය කරයි.
අද දහවල් සිටම උවසු උවැසියෝ දහස් ගණන් එහි කඳවුරුලා සිටිති. ඇතැමෙක් රාත‍්‍රිය පහන් කිරීමට පැදුරුද රැගෙන එති. බුදුන් වැඩි කැලණියේ සිට බුදුන් වහන්සේගේ ධාතු වැඳපුදා ගැනීම තම අභිලාසය බව බොහෝ දෙනෙක් කීහ.
කැලණියෙන් පසු කපිලවස්තු ධාතුන් වහන්සේ ඉන්දියාවට වැඩම කැරවීමට නියමිතය. ඉන්පසු එම ධාතු නව දිල්ලි කෞතුකාගාරයේ යළි තැන්පත් කැරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.... (නි)
මේ ධාතූන් වහන්සේලා වදින්න ගිය සැදැහැවතුන් මුහුණදුන් අසිරිමත් සිදුවීම් අසිරිමත් අත්දැකීම් සියල්ලත් වාර්තා කරන්න. (නි)
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ..!!(නු)
බුදුන් වැඩිය රට දහම් සෙවණ යට යළි උපදින්නට පිනක් තිබේ හෙට....
සම්මා සම්බුදුන්ගේ ධාතුන් ප්‍රදේශ අටක රජවරුන්ට චෛත්‍යවල තැන්පත් කරලා වැදුම් පිදුම් කරන්න දීපු ඒවා.. මේ බෞද්ධ කල්පයේ මිනිසුන් සසර දුකින් මිදෙන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි..!!(නු)
මේ පින් බලෙන් පාලකයින් යහමගට යොමු වේවා (ස)
කෝ තරුණ කට්ටිය. ඔක්කොම වයසක අය විතරනේ. (ස)
නුවර දන්ත ධාතූන් වහන්සේත් මේ විදියට ප්‍රදර්ශනය කරානම් හොඳයි.. (ස)
සාදු සාදු සාදු ... මේ පින් බලයෙන් මුළු රටටම පින් ලැබේවි... (ස)
ගෑණු කට්ටියට ඕපාදූප දොඩව දොඩවා ඉන්න නියම අවස්ථාවක්. (නි)
"........මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා මේ පිංකම සංවිධානය කරයි.....". එහෙනම් ඉතිං තවත් මොනවා කියන්නද? (නි)
නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.... (නි)
සාදු... සාදු...සාදු...සාදු...! ගෞතම බුදූන් සිරිලක් දෙරණට වැඩියා හා සමානයි. කපිලවස්තු ධාතුන් වහන්සේලා ඉන්දියාවෙන් දිවයිනට වැඩම කරදා සිට මේ දක්වා ලංකාදීප පූවත්පතින් ප්‍රචාරය කිරීම නිසා දැක බලා ගැනීමට ලැබීම සතූටක්. ඒ වෙනූවෙන් ලංකාදීප පූවත්පතේ සියඵම කාර්ය මණ්ඩලයට මාගේ ප්‍රණාමය! (නි)
සාධු..සාධු..සාධු.. බුදුන් වදින්න නේද මේ... සාධු..සාධු..සාධු.. (දී)
මේකේ ප්‍රතිචාර දානකොට නම් 'සාධු සාධු..!' ශ්‍රද්ධාව පිටාරේ යනවා. හැබැයි හෙට කොහේ හරි පුවතක ඉතා කෙටියෙන් යම් චූදිතයෙක් ගැන ලියවිලා තියෙනවා දැක්කහම ඔක්කොම ඉවරය. " රජකාලේ වගේ උල තියන්න ඕනෑ, එල්ලුම් ගහ ගෙනාවනම් ඉවරයි, ගල් ගහලා මරන්න එපැයි " ඔන්න කියැවෙන ඒවා. ලොකු අපරාධයක් ඕනෑ නැහැ, මේ අනිවාර්ය සිදුවීමක්. මා මෙහි පෙන්වාදුන් 'වරදට' දැන් ඔන්න බලන්නකෝ කියන ඒවා. මට පෙන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ මේකයි පින්වතුනි. අපේ රටේ බුදු සසුනේ නමින් සිදුවන්නේ ප්‍රදර්ශනාත්මක ප්‍රසාංගික දේවල් මිස සැදැහැවතුන්ගේ සිත් නොසැළෙන නිවන් මගකට යොමු කරවන දේවල් නොවන බවයි. එහෙම නොවුණා නම්, උඩින් පලවෙන පුවතට 'සාධු ' කියා ලියූ අතින් ඊළඟට පළවන පුවතට 'ගනිවු මරවූ කොටවූ ' වර්ගයේ ප්‍රතිචාර නොලියැවෙනු ඇත. මේක පෙන්වාදීම බුදුදහමට අපහාසයක්ය කියා හිතෙනවා නම් ඔබ කිසිවෙක් බොදුනුවන් නොවේ. බොදුනුවෙකු වීමට ඊට වඩා මොළයක් අවශ්‍යයි. (නි)
මම නම් 1978දිත් වැන්දා. 2012දිත් වැන්දා. අනේ නැවත වදින්න ලැබේවා! (නි)
ගංගාරාම විහාරේ වගේ හොඳට සංවිධානය කළොත් හොඳයි. හැමෝටම වැඳගන්න අවස්ථාව දෙන්න. (නි)
මේ පිං බලයෙන් කැළණියට සෙතක් ශාන්තියක් වේවා! කැළණියේ සියලුම දෙනාට මෙය වැද පුදා ගැනීමට ලැබේවා! (නි)
මම දන්න විදියට නම් සිංහලයා කියන්නේ හොද නුවණක් ඇති ජාතියක්. (නි)
බුදුන් ගත් මාර්ගය ගන්න ජය නියතයි..!!(නු)
ඔක්කොම වයසක අය විතරයි, කෝ තරුණ අය? (නි)
සාධු.... සාධු.... සාධු.... සාධු....(දී)
සාදු සාදු . බුදුගුණ අනන්තයි ! බුදුගුණ අනන්තයි ! බුදුගුණ අනන්තයි ! ගෞතම බුද්ධ රාජ්‍යයට සෞභාග්‍ය උදා වේවා. (දී)
බුදුන් වදින්න මහා පිරිසක් (දී)
බුදුහාමුදුරුවෝ ජීවමානව හිටියනම් (දී)