IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කැලණිතිස්ස තව දුරටත් අවදානමේ

(යොහාන් භාසුර)

කැලණිතිස්ස විදුලි බලාගාරයට ඛනිජ තෙල් සංස්ථාවෙන් පසුගිය සිකුරාදා පස්වරුවේ ලැබුණු ‘නැප්තා’ මෙටි්‍රක්ටොන් 2300 දින තුනකට පමණක් ප්‍රමාණවත් බවත් ලබන 17 වැනිදා සිට කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීම නැවත අවිනිශ්චිත තත්වයකට පත්වන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විදුලිබල මණ්ඩලය සතුව ‘නැප්තා’ මිලදී ගැනීමට මුදල් නොමැතිවීමෙන් පසුගිය සිකුරාදා සිට විදුලි බලාගාරය අක්‍රීය වීමේ අවදානමක් ඇති වූ අතර ඛනිජ තෙල් සංස්ථාව එදින පස්වරුවේ ‘නැප්තා’ මෙටි්‍රක්ටොන් 2300 ක් සැපයීමෙන් එම අවදානමෙන් ගැලුවුණි.

ඛනිජ තෙල් සංස්ථාව අත්පිට මුදලට පමණක් ‘නැප්තා’ සැපයීමට තීරණය කිරීම නිසා මෙම තත්වය උද්ගත වී තිබේ.

කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

 



අදහස් (1)

කැලණිතිස්ස තව දුරටත් අවදානමේ

Sunil Monday, 16 January 2023 07:15 AM

එදා වේල සොයා ගනිමින් බැරි බැරි ගායෙන් යන ගමනක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site