IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කාල්ටන් සුපිරි ක‍්‍රීඩා සැණකෙළිය 27 දා සිට

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ කාල්ටන් ක‍්‍රීඩා සමාජය හයවැනි වරටත් මෙහෙයවන ‘කාල්ටන් සුපරි ක‍්‍රීඩා සැණකෙළිය 2012’ මේ මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා තිස්සමහාරාමය කාල්ටන් ධාවන පථය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. දින තුනක් පුරා පැවැත්වෙන තරගමාලාවට තුන් ප‍්‍රයාම, මෝටර් රථ, 4-4 ජීප් රථ, ජල ක‍්‍රීඩා, ඉලක්කයට වෙඩි තැබීම, මවුන්ටන් පාපැදි, කඹ ඇදීම, ඔරු පැදීම, යන තරගාවලි ඇතුළත්වේ. පැරා මෝටරින් සහ සුනඛ සංදර්ශනවලින් මෙන්ම පවුලේ සැමට විනෝද විය හැකි අංග රැසකින් ද සැණකෙළිය සමන්විතය. ක‍්‍රීඩා සැණකෙළියට දෙවැනි වරටත් ඇතුළත්වන ශ්‍රී ලංකා විවෘත තුන් ප‍්‍රයාම තරගාවලියේදී තරගකරුවකු මීටර 750 ක පිහිනුම් තරගයකට, කිලෝමීටර 20 ක් දුරැති පාපැදි ධාවන තරගයකට සහ කිලෝමීටර පහක දීවීමේ තරගයකට සහභාගිවෙමින් අඩුම කාලයකින් තරග තුනම අවසන් කළ යුතුය. එම ඉසව්ව මේ මස 28 වැනිදා පෙරවරු 7.00 ට ආරම්භ කිරීමට නියමිතය. මෙම ඉසව්වට තරගකරුවන් 50 දෙනකු පමණ අයැදුම්පත් යොමු කර ඇතැයි සංවිධායකවරු පවසති. තරගයට ක‍්‍රීඩිකාවන් ද ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ. ක‍්‍රීඩා සැණකෙළියේ පළමු දිනයේ (27) පෙරවරු 8.30 ට ආරම්භවන මවුන්ටන් පාපැදි තරගාවලියට වයස 10 න් පහළ (මිශ‍්‍ර) 13 න්, 16 න්, 19 න් පහළ (බාලක/බාලිකා) ඉසව් ද, විවෘත පිරිමි සහ කාන්තා ඇතුළුව ඉසව් 12 ක් ඇතුළත් වේ. වයස 40 න් ඉහළ ප‍්‍රවීණයන්ගේ පිරිමි ඉසව්වක් ද එහිදී පැවැත්වේ. අමල් සූරියගේ මහතා, සභාපති, ජාතික මවුන්ටන් පාපැදි සංගමය, නො: 524, මරදාන පාර, කොළඹ 10 යන ලිපිනයට තරගාවලියට සහභාගිවීම සඳහා අයැදුම්පත් යොමු කළ හැකිය. ජයග‍්‍රාහී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට ලක්‍ෂ පහක් පමණ වටිනා ත්‍යාග පිරිනමන බව අමල් සුරියගේ මහතා පැවසීය. තිස්ස වැවේ පැවැත්වෙන ජල ක‍්‍රීඩා තරගාවලියට රුවල් ඔරු, සුළං ඔරු ඇතුළු ඉසව් රැුසක් ඇතුළත් අතර ජල ක‍්‍රීඩා සංදර්ශනයකින් ද එය සමන්විතය. ක‍්‍රීඩා සැණකෙළියේ 4-4 ජීප් රථ තරගාවලිය තිස්සමහාරාම ප‍්‍රදේශයේ සෆාරි ජීප් රථ වෙනුවෙන්, නවීකරණය නොකළ සහ නවීකරණය කළ යන කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. 4-4 සුපිරි ජීප් රථ රැළිය මේ මස 27 වැනිදා පෙරවරු 9.00 ට කොළඹ ගාලූ මුවදොර පිටියේ සිට තිස්සමහාරාම නගරය දක්වා ගමන් අරඹයි. ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලිය ප‍්‍රායෝගික වෙඩි තැබීමේ ඉසව්වෙන් පැවැත්වේ. කී‍්‍රඩා සමාජ 12 කින් කණ්ඩායම් 102 ක් මෙවර වෙඩි තැබීමේ තරගාවලියට සහභාගිවන අතර කාන්තා ඉසව්වක් ද පළමු වරට ඇතුළත්ව තිබේ. කිලෝග‍්‍රෑම් 640 බර පංතියෙන් පැවැත්වෙන කඹ ඇදීමේ තරගාවලියට පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසයෙන් ද කණ්ඩායම් මේ වන විටත් ඉදිරිපත්ව ඇතැයි සංවිධායක කමිටුව පවසයි. දිවයිනේ නම ගිය ධාවකයන් රැසක් තරග වදින මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පැවැත්වෙන්නේ මෙම 29 වැනිදා පෙරවරු 9.00 සිටය. කාගේත් අවධානය දිනා ගන්නා යතුරු පැදි ඉසව් සඳහා ඉන්දියාවේ ධාවකයන් තිදෙනෙක්ද සහභාගි වෙති. දිවයින පුරා විසිරී සිටින නැගී එන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ක‍්‍රීඩා කුසලතා දියුණු කිරීමේ තාරුණ්‍යයට හෙටක් වැඩසටහනේ අරමුදලට ආධාර පිණිස මෙවර සැණකෙළිය සංවිධානය කෙරේ.



අදහස් (0)

කාල්ටන් සුපිරි ක‍්‍රීඩා සැණකෙළිය 27 දා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site