‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියට (2013) සමගාමීව සංවිධානය කරන දේශිය ක‍්‍රීඩකයන්ගේ තරගාවලියේ නුවරඑළිය තුරඟ තරග පිටියේ පෙරේදා (30 වැනිදා) අවසන් වූ දේශීය තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගැනීමට ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් දකුණ ශාක්ස් පිල සමත් විය. ප‍්‍රදීප් ලියනගේ මෙහෙයවන උතුරු මැද ටයිෆූන්ස් පිලට අනු ශූරතාව හිමිවිය.
පළමු අදියර අවසන් මහා තරගයේදී දකුණ ශාක්ස් පිල විසින් උතුරු මැද ටයිෆූන්ස් පිලට එරෙහිව ලකුණු 28-26 ක තියුණු ජයක් ලැබීය.
පළමු අදියරේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ෆාෂීල් මරීජා මෙහයෙවන උතුර ග්ලැඩියේටර්ස් පිල විසින් ලකුණු 31-12 කින් සෙනාල් ඩයස් මෙහෙයවන නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී.
‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙස මෙම දේශීය තරගාවලිය පැවැත්වේ. මෙම තරගාවලියේ දෙවැනි අදියර ජූලි මස 6 සහ 7 දෙදින නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ප‍්‍රබල විදෙස් ක‍්‍රීඩකයන් 40 කට වැඩි සංඛ්‍යාවක සහභාගිත්වයෙන් ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ ජාත්‍යන්තර තරගාවලියේ පළමු අදියර මේ මස 27 සහ 28 දිනවල ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහි දෙවැනි අදියර අගෝස්තු මස 2 සහ 3 දෙදින කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු දේශීය තරගාවලිය අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහන
ස්ථා. කණ්ඩායම ප‍්‍ර.ල
1. දකුණ ශාක්ස් 25
2. උතුරු මැද ටයෆූන්ස් 22
3. උතුර ග්ලැඩියේටර්ස් 19
4. නැගෙනහිර ඊගල්ස් 16
5. බස්නාහිර වොරියස් 13
6. ඌව වයිපර්ස් 11
7. වයඹ බ්ලැක්ස් 9
8. මධ්‍යම කිංග්ස් 7
9. සබරගමුව ස්ටැලියන්ස් 5
10. යාපනය චැලෙන්ජර්ස් 3
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කාල්ටන්’ සත් සාමාජික දේශිය තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දකුණ ශාක්ස් පිලට
සමන් Tuesday, 02 July 2013 07:28 AM
රග්බි ශ්‍රී ලංකා වෙබ් සයිට් එකත් ඩවුන්නේ (නි)
රත්නසිරි Monday, 01 July 2013 09:35 PM
අපරාදෙ සල්ලි, ශ්‍රි ලංකාව සල්ලි විනශ කරනව, රටේ දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදල දුන්නනම් පිනක්.(අ)
ක්‍රිස් Tuesday, 02 July 2013 01:37 AM
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ රගර් මැච්? (නි)
ලක්ෂිත Monday, 01 July 2013 04:14 PM
නියමයි!(නදී)
චන්දන Tuesday, 02 July 2013 01:16 PM
ඕක අනිවාර්යෙන්ම දකුණට තමයි යන්නේ. (දී)