දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත මිනි මැරතන් තරගමාලාවක් පැවැත්වීමට තාරුණ්‍යයට හෙටක් සංවිධානය කාල්ටන් ක‍්‍රීඩා සමාජයේ සහයෝගයෙන් සූදානම් වේ. එහි පළමු පියවර ලෙස උතුරු මැද පළාතේ මිනි මැරතන් තරගාවලිය ලබන මාර්තු 3 වැනිදා පොළොන්නරුවේ දී පැවැත්වේ. මෙම තරගමාලාවේ සෑම පළාත් කාන්තා හා පිරිමි තරගයකම ශූරයා හා ශූරියට රුපියල් ලක්ෂයේ සිට මුදල් තෑගි ප‍්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. රුපියල් 50,000, 25,000, 20,000, 15,000, 12,500, 10,000, 7,500, 5000, 2500ක් බැගින් 10 වැනි ස්ථානය දක්වා තවත් මුදල් තෑගි රැසක් ද මෙම තරග මාලාවේ දී ප‍්‍රදානය කෙරෙති. පළාත් ක‍්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ සහයෝගයෙන් සංවිධානය කෙරෙන මෙම මිනි මැරතන් තරග මාලාවට තරග ආරම්භ කරන ස්ථානයට එදින පෙරවරු 6.00ට වාර්තා කිරීමෙන් සහභාගි විය හැකිය. තරග මාලාව පිළිබඳව තොරතුරු දිස්ත‍්‍රික් හා පළාත් ක‍්‍රීඩා නිලධාරීන්ගෙන් ලබාගත හැකිය. තමන් පදිංචි බල ප‍්‍රදේශය පිහිටි පළාත් තරගයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට එහිදී ඉදිරිපත් විය හැකිය. මෙම මිනි මැරතන් තරග මාලාවේ සම්පූර්ණ දුර කිලෝමීටර් 30කි. කාල්ටන් දීප ව්‍යාප්ත අර්ධ මැරතන් පළාත් තරග මාලාව (කාන්තා - පිරිමි) පැවැත්වෙන දින හා ආරම්භක ස්ථානයන්. උතුරු මැද: මාර්තු 3 - පොළොන්නරුව තෝපා වැව පාසල් පිටියේදී උතුර: මාර්තු 10 - යාපනය දොරේ අප්පා ක‍්‍රීඩාංගනයේ දී බස්නාහිර: මාර්තු 17 - ගම්පහ ශ්‍රී බෝධි ක‍්‍රීඩාංගනයේ දී සබරගමුව: මාර්තු 24 - රුවන්වැල්ල නගරයේ දී මධ්‍යම: මාර්තු 31 - මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගනයේ දී දකුණ: අපේ‍්‍රල් 1 - ගාල්ල කොටුවේ දී ඌව: අපේ‍්‍රල් 7 - බුත්තල දුටුගැමුණු විදුහලේදී වයඹ: අපේ‍්‍රල් 21 - කුරුණෑගල වෙළඳ සංකීර්ණය අසලදී නැගෙනහිර: අපේ‍්‍රල් 28 - ත‍්‍රිකුණාමලය මැක්ස්හෙයිසර් පිටියේදී
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාල්ටන් මිනි මැරතන් තරගමාලාව මාර්තු 3දා සිට