තරග 27 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ තරග 7 කට සහභාගීවී ඉන් තරග 5 ක් ජයගෙන සිටින විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වී තිබේ. ප‍්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ සිටි ඔවුහු ඊයේ (20 වැනිදා) පැවති තරගයකින් රාජස්ථාන් රොයල්ස් පිල පරාජය කිරීමත් සමගම ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්හ.
කුමාර් සංගක්කාර කී‍්‍රඩා කරන යුත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ද තරග 7 කට සහභාගීවී ඉන් තරග 5 ක් ජයග‍්‍රහණය කර තිබේ. කෙසේ වෙතත් අසාර්ථකත්වය මත සංගක්කාර මේ දිනවල කණ්ඩායමෙන් ඉවත් වී සිටී.
තරග 6 කට සහභාගීවී ඉන් තරග 4 බැගින් ජයග‍්‍රහණය කර සිටින මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ රාහුල් ද්‍රාවිඞ්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් පිල පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල පසුවෙති.
බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් පිලේ නායක විරාට් කෝලි වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින අතර ඔහු තරග 7 කදී ලකුණු 321 ක් රැස්කරගෙන තිබේ. වැඩිම කඩුලූ ලාභියා වන්නේ එම පිලේම විනේ කුමාර්ය. ඔහු තරග 7 කදී කඩුලූ 12 ක් දවාගෙන තිබේ.
| කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ | ප‍්‍රසාද ලකුණු | සාමාන්‍ය |
| බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් | 7 | 5 | 2 | 0 | 10 | 0.47 |
| සන්රයිසර්ස් හයිද්‍රාබාද් | 7 | 5 | 2 | 0 | 10 | -0.104 |
| චෙන්නායි සුපර් කිංග්ස් | 6 | 4 | 2 | 0 | 8 | 0.729 |
| රාජස්ථාන් රෝයල්ස් | 6 | 4 | 2 | 0 | 8 | 0.714 |
| මුම්බායි ඉන්දියන්ස් | 5 | 3 | 2 | 0 | 6 | 0.05 |
| කිංග්ස් XI පංජාබ් | 5 | 2 | 3 | 0 | 4 | 0.21 |
| කොල්කටා නයිට්රයිඩර්ස් | 6 | 2 | 4 | 0 | 4 | 0.021 |
| පුනේ වොරියර්ස් | 6 | 2 | 4 | 0 | 4 | -0.788 |
| දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් | 6 | 0 | 6 | 0 | 0 | -1.274 |
(*)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝලිගේ බැංගලෝර් පිල පෙරමුණ ගනී