ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වු ඊයේ (5) සවස ක‍්‍රීඩාව නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 468 ක ඉලක්කයක් හඹා යන ඉන්දිය පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 114 ක් ලබා අසීරු තත්ත්වයක පසුවිය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 659 ක් ලැබීය. ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් ක‍්‍රිකට් තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කළ සිවුවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නායක මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 329 ක් ලබා ගත්තේය. විශිෂ්ට පිතිහරඹයක නිරත වු ක්ලාක් පන්දු 468 කදී හතරේ පහර 39 ක් සහ හයේ පහරක් සමග ලකුණු 329 ලැබීය. ටෙස්ට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වන බ‍්‍රයන් ලාරා සතු ලෝක වාර්තාගත ලකුණු 400 බිඳ දැමීමට නොදැවී සිටි ක්ලාක් ට අවශ්‍ය වුයේ තවත් ලකුණු 71 කි. මැතිව් හේඞ්න් (380), මාර්ක් ටේලර් (නොදැවී 334) සහ ඩොන් බ‍්‍රැඞ්මන් (334) වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ වෙති. ක්ලාක් සහ මයිකල් හසී (නොදැවී 150) අතර පස්වැනි කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 334 ක සම්බන්‍ධතාවක් පැවැත්වීමට සමත්වුහ. එය ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සිවුවැනි සබඳතාව ද වේ. ඉන්දියාව පළමු ඉනිම 191 සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 114 (ගෞතම් ගම්බීර් නොදැවී 68, සචින් තෙන්ඩුල්කාර් නොදැවී 8) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 4 ට 659 ( රිකී පොන්ටින් 134, මයිකල් ක්ලාක් නොදැවී 329, මයිකල් හසී නොදැවී 150 )
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd