(විනීතා එම් ගමගේ)
වනාන්තර හා වනජීවින් වෙනුවෙන් ප‍්‍රකාශයට පත්කෙරුණු ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බැවින් එකී සම්මුතීන්වලට එරෙහිව කැලෑ විනාශ කරන්නන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන යා හැකි යැයි විල්පත්තුව සුරකිමු සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.
විශේෂයෙන් විල්පත්තුව වනාන්තරය ජාත්‍යන්තර තෙත් බිම් පිළිබඳ රැම්සා සම්මුතියට අත්සන් කර ඇති බැවින් විල්පත්තුව පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කළ හැකි යැයි ද උන්වහන්සේ කීහ.
විල්පත්තුවට උතුරින් ඇති පූකුළම් කැලෑව ජනාවාස කිරීම ගැන පරිසරවේදීන් විරෝධය පළ කිරීමෙන් පසු රංගේ බණ්ඩාර අමාත්‍යවරයා ඔවුන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති බව ද ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.
ආනන්ද සාගර හිමියෝ මේ අදහස් පළ කළේ විල්පත්තුව අපි සංවිධානය විසින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ පාහියන්ගල හිමියෝ මෙසේ ද පැවැසූහ.
රට වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට නොයෙක් බාධා එල්ලවෙනවා. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කියන්නේ රටේ හදවත බඳු වනාන්තර විනාශ කරන්නන්ට දඬුවම් දෙන්න කියලයි. පූකුලම් පැරණි සම්ප‍්‍රදායික ධීවර ගම්මානයක් බව ඇත්ත. එහි පවුල් කිහිපයක් ඉන්නවා. ඔවුන්ට බලපත‍්‍ර දිලා තියෙන්නේ කොනදේසි සහිතවයි.
අගමැතිතුමාට අපි කියන්නේ මැතිවරණය ඉවර වෙනතුරු මේ ඇමැතිතුමා අරලියගහමන්දිරයේ ගැට ගහල තියන්න කියලයි. නැත්නම් අවාසි ගොඩක් වේවි. මේ වගේ අය ගැන හොඳින් හොයා බලන්න කියලයි. හාමුදුරුවරු එක්කයි මේ ඇමැතිතුමා පැමිණිලි කරන්න යන්නෙත්.’’ යැයි ද උන්වහන්සේ පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම පුලුවන් මෙහෙම පුලුවන් කියනව විතරයි. කරන කෙනෙක් නෑ. රට විනාස කරන්න දීල බලාගෙන ඉන්නවාව.
විල්පත්තුව සුරකිමු සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝත් දන්නා දේවල් ! එතකොට හාමුදුරුවනේ, ඒ ගොල්ලොත් විදුලි පුටුවට යවන්න පුලුවන්ද ? දන්නා නැති නිසයි අහන්නේ.....මොකොද චන්ද ලං වෙනකොට නේ මිනිස්සු ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන කතා එලි බහින්නේ. ඒ නිසයි මම විදුලි පුටුව ගැන අහන්නේ !
බලය ඇත්තා හෙමින් ගමනක් නෙ යන්නෙ. ගැහැණියක් පිරිමියෙක් කරන්න විතරක් අසමත්, පවතින අධිබලැති විධායක බලතල ප්‍රයෝජනයට ගන්නේ හොරෙන් පැනල තමන්ගේ පක්ෂයට එන අතරමන් වුවන්ට අපේ වියදමින් ඇමති පට්ටම් දෙන්න පමණක්ද ?
ඔය කියන ජාත්‍යන්තර අධිකරණයෙන් මෙච්චර කාලෙකට දඬුවම් දීපු පාරිසරික වරදකරුවෝ කවුද? ඔය රාජ්‍ය නොවන සංවිධානයට ලංකාවේ අධිකරණය විශ්වාස නැත්නම්, ලංකාවේ නීතිය විශ්වාස නැත්නම් ඇයි මේ ලංකාවේ පාරිසරික අන්තවාදය පතුරුවා හරින්නේ?
ජාත්‍යන්තර පරිසර නීති පවා ලංකාවේ අධිකරණය යොදාගත් විශේෂ අවස්ථාවක් තමයි, එප්පාවල නඩුව... ධරණීය සංවර්ධන මූලධර්ම විශේෂයෙන්ම මේ වගේ ස්වභාවික සම්පත් අනාගත පරම්පරාවට යොදාගත හැකි පරිදි භාවිතාකළ යුත්තේ.... ඒ වගේම ස්වභාවික සම්පත් වර්තමාන පරම්පරාව භාවිතා කල යුත්තේ බාරයක් ලෙසයි. වීරමන්ත්රී විනිසුරුතුමා ජාත්‍යන්තර අධිකරණයේදී මේ සංකල්පය යොදාගෙන තියෙනවා. තවත් කියනවා නම් හානි කල පුද්ගලයාගෙන් වන්දිය ගත හැකි බව පරිසර නීතියේ තියෙන මුලධර්මයක්... ලංකාවේ පාරිසරික පනතේ සාපේක්ෂ වශයෙන් ප්‍රබල පනතක් කලාපයේ මේවගේ තියෙන්නේ ප්‍රායෝගික ගැටළු...
මේකෙන් පෙනෙනවා නේද? දැන් අපිට ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් නැති බව දැන්... ඔන්න වෙනස.