මාතර රාහුල හන්දියේ පස් මහල් ගොඩනැඟිල්ලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි අත් උදව්කරුවකු වූ විරැකියා උපාධිධරයා ගාල්ල කරාපිටිය රෝහලේ දී මරුමුවට පත්විය. මාතර දීයගහ ඩබ්ලිව්.එම්. රුවන් ශාන්ත (27) එසේ මරුමුවට පත්වූයේ සණස රක්ෂණ සමාගමේ පත්වීම් ලිපිය තැපෑලට යැවීමට ද පෙරය. ඔහු රුහුණු සරසවියේ කලා උපාධිධරයෙකි. 2010 දී උපාධිය සමත්වූ ඔහු රැකියාවක්සොයා ගත නොහැකිවූ තැන කුලී වැඩට ගියේය. බාප්පා සමග රාහුල පාරේ කුලී වැඩටගොස් දින තුනකි. දිනකට කුලිය රුපියල් අට සියයකි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට සුදුසු තැනක් ලංකාවෙ නැහැ. නූගත්තු සභාපතිවරු, උගත්තු කුලී වැඩ. අබුද්ධස්ස කාලේ...
ඉතාම දුක්බරයි!!!
ඕක තමයි ලංකාවේ උපාධියේ තත්ත්වය. වැඩකට නැති, ජොබ් එකකට යන්න බැරි උපාධියෙන් ඇති වැඩේ මොකක්ද? දැන්වත් මේ අධ්‍යාපන ක්‍රමය අපිට ගැලපෙන විදියට හදාගන්න ඇස් ඇරේවා
ලංකාවේ නායකයෝ දිව්‍ය ලෝකයේ ඒත් අපි????
අනාගතය ගැන දුකයි???? අනේ අපේ රට????????
ඕක තමයි රටේ තියෙන නියම තත්ත්වය
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට හෙන ගැහිලද?
ඔබ ගැන දුකයි! පුතේ... මතු උපදින ජාති ජාතිත් මෙවැනි අකල් මරණයක් ඔබ පත් නොවේවායි කියලා පතමි. ඔබට නිවන් සුව
මෙවැනි තැනක සේවකයන්ට ලබාදියයුතු ආරක්ෂාව තිබුනේ නැත්නම් නඩු දමා වන්දියක් ගත හැකියි
ජනතාව තෝරා බේරා ඡන්දය නොදීමේ පල විපාක තමයි ඕවා
මේක හරිම ඛේදවාචකයක්. විශ්ව විද්‍යාලයේ පාඨමාලා තෝරා ගන්න විට රැකියා වෙළෙද පොළ දිහා බලලා පාඨමාලා තෝරා ගන්න ඕනි. නොගැලපෙන දේවල් වලින් සුදුසුකම් ලැබුනාට ඒවාට රැකියා නැහැ. අනිවාර්යයෙන්ම වෘත්තීය පුහුණුවක් ලබා තිබුනා නම් මේ කථාව මීට වඩා වෙනස් වේවි. මේ සහෝදරයා එයාගේ ජීවිතය පූජා කරලා අපිට කියා දීපු පාඩම තමයි මේ
මේක බැලුවම ඇතිවෙච්ච දුක මට කියල නිම කරන්න බැහැ
බොහොම කණගාටුයි... නිදහස් අධ්‍යාපනයට අපි බදු මුදල් වලින් වියදම් කරල අන්තිමට උපාධිධාරියාට කුලී වැඩ කරන තැනටද යන්න වෙන්නෙ? කොතනද වැරැද්ද??? කාගෙද වැරැද්ද???
පෙර කළ පාප කර්ම කියලා මැති-ඇමැතිවරු හිතල ඇති....?
සහෝදරයානෙණි ඔබට නිවන් සුව
පව්... වටින ජීවිතයක්
අනේ ඒ අම්ම කොහොම ඉවසනව ඇතිද දෙයියනේ
ලංකාවේ උපාධියට කුලීවැඩ නිසානේ පිටරට උපාධියට යන්නේ, කොහොමත් ලංකාවේ කුලී වැඩටත් උපාධියක් ඕන බව දැන් වත් තේරුම් ගත්ත නම් හොදයි
ඉතාම කණගාටු දායක සිද්ධියක්. ඇත්තටම මට හරි දුකයි. ඔබට නිවන් සුව
නැතිඋනොත් නැති වෙන්නෙ මේ වගේ වටින ජීවිතයක්ම තමා.. ඒත් මැරෙන්න ඕනෙ උන් බේරෙනවා
නැතිඋනොත් නැති වෙන්නෙ මේ වගේ වටින ජීවිතයක්ම තමා
රට ඉදිරියට යන්න ඕන ඔහොම තමයි??? පව් අසරණයා
උගත් අසරණකම පිටු දකිමු