ශ්‍රී ලංකාවේ සියලුම ත්‍රී රෝද රථ ඇතුළු කුලී රථවල දුර හා නිශ්චිත මිල දක්වන මීටර සවිකිරීම අනිවාර්ය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කියයි.
“ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් දෛනිකව ත්‍රී රෝද රථ හා කුලී වාහන සේවා භාවිතා කරනවා. නමුත් නිතරම ලැබෙන පැමිණල්ලක් තමයි බොහෝ රථවලින් අය කළ යුතු මුදලට වඩා වැඩි මුදලක් අයකරන බව. මේ ගැන අපේ අමාත්‍යාංශය අවධානය යොමු කර සැළැස්මක් සකස් කළා. 2017 වර්ෂයේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද රථ ඇතුළු සියළුම කුලී වාහන සඳහා නිශ්චිත මුදලක් අය කිරීම සඳහා මීටර සවිකිරීමට
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ කාර්යය සිදුකරගෙන යනවා.“ යැයි ද ඔහු කීවේය.
COMMENTS
ඉතාම හොද තීරණයක්. (බ)
ලබන අවුරුද්ද වෙනකම් ඉන්න එපා.දැන්ම ක්‍රියාත්මක කරන්න.මීටර් එකක් හයි කරන්න අවුරුද්දක් බලා ඉන්න ඕනද?(හේ)
ඒක නම් බොහොම හොඳ අදහසක් (නි)
ඉතාමත් හොඳයි (නි)
මේක නම් හොඳම වැඩක් ත්‍රීරෝද වල අසාධාරණ අයකිරීම් වලට (නි)
මීටරයක් සවි කළා කියලත් වැඩක් වෙන්නේ නෑ.(ෆහ්)
මේක සාර්ථක වැඩක් නෙමෙයි.(හේ)
ලෝකයේ තිබෙන බොහෝ රටවල කුලී රථවල මීටර් ඇත. මෙය ලංකාවෙත් ක්‍රියාත්මක කළයුතුය. රියදුරෝ හිතුන හිතුන මුදල් අය කරති. මෙවැනි නීති පැනවීමේදී කිය කියා ඉන්නේ නැතුව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන කෙළින්ම නීතිය පනවන්න (නි)
ඒකනම් හොඳ දෙයක් මම ළඟදි අනුරාධපුරේ ගිය ශ්‍රී මහ බෝධිය වඳින්න. හරිම අසාධාරණ ගණන් අයකරන්නේ ත්‍රීවීල් වල දුම්රියපළ ළඟ ඉන්න අය ගිනි ගණන් අය කරලා අහිංසක බැතිමතුන් ගසා කන එක වළක්වන්න (බ)
මීටරයක් විතරක් නෙවෙයි. සි්යලු දෙනාගේ ජීවිත අනතුරේ දමමින් මාර්ග අනතුරු අධික ප්‍රමාණයකට දායක වන මොවුන්ට රියැදුරු බලපත්‍රය ලබා දීමේදී සහ ඉන් පසුව ශික්ෂණයක් ඇතිව රිය පැදවීම අනිවාර්ය වන පරිදි ප්‍රායෝගික පරීක්ෂණය සඳහා දැඩි නිර්ණායක පනවන්න. (බ)
කව්රු හරි මීටර් ගෙන්වන්න ලෑස්ති වෙලා වගේ! (බ)
ඉතා හොඳ ක්‍රියාවක්. එහෙත් ඔවුන්ගේ නවතම උපක්‍රමය වන්නේ ආධුනික රියදුරන් වශයෙන් රඟපා දුර වැඩි පාරවල් වලින් ගෙන ගොස් ගාන කැපීමේ ක්‍රම වේදයි..(හේ)
ඉතාම හොඳ තීරණයක්. මේ රට තුල විනයක් සහිත ජනතාවක් බිහිකරන්න නම්, රටේ පොදු ජනතාවට හිතකර නීති රීති සම්පාදනය කොට ඒවා වහාම ක්‍රියාත්මක කල යුතුයි.(හේ)