
(යොහාන් භාසුර)
කළුතර ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ආයතනයක අළෙවි කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ මෙට්‍රික්ටොන් 45 කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.
සබන් නිෂ්පාදනය සඳහා අළෙවි කරමින් තිබූ එම කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 බැගින් වන කොට්ට 1,857 ක් භාරයට ගෙන ඇති අතර වෙළෙඳපොලේ සාමාන්‍ය මිලට වඩා රුපියල් 3,500 ක පමණ අඩු මුදලකට එම ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 ක කොට්ටයක් අළෙවි කර තිබේ.
එම ආයතනය කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 ක කොට්ටයක් රුපියල් 5,000කට අළෙවි කර ඇති බව හෙළිවිය.
මෙම වැටලීම පිළිබඳව කළ විමසුමකදී පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසුවේ අදාල කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගය රඳවාගෙන විමර්ශන කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට වෙන්නේ මේ කෝස්ටික් සෝඩා තොගය විනාශ කරන්න කියලා කාට හරි දෙනවා. ඒ ගොල්ලෝ ආපහු මේ ටික හොරෙන් වෙළඳ පොලට දානවා...
මේ මෝඩ රැළ ඒක අත්අඩංගුවේ තියාගත්තාම තවත් නරක් වෙනවා. පාඩුව රටට නොවේද?