IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කල් පැන්න කෝටියක ‘කෝස්ටික් සෝඩා’ රජයේ ආයතනයකින් අල්ලයි

(යොහාන් භාසුර)

කළුතර ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ආයතනයක අළෙවි කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ මෙට්‍රික්ටොන් 45 කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.  

සබන් නිෂ්පාදනය සඳහා අළෙවි කරමින් තිබූ එම කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 බැගින් වන කොට්ට 1,857 ක් භාරයට ගෙන ඇති අතර වෙළෙඳපොලේ සාමාන්‍ය මිලට වඩා රුපියල් 3,500 ක පමණ අඩු මුදලකට එම ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 ක කොට්ටයක් අළෙවි කර තිබේ.

එම ආයතනය කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 ක කොට්ටයක් රුපියල් 5,000කට අළෙවි කර ඇති බව හෙළිවිය.

මෙම වැටලීම පිළිබඳව කළ විමසුමකදී පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසුවේ අදාල කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගය රඳවාගෙන විමර්ශන කරන බවයි.



අදහස් (2)

කල් පැන්න කෝටියක ‘කෝස්ටික් සෝඩා’ රජයේ ආයතනයකින් අල්ලයි

DM Friday, 16 February 2024 04:32 PM

ඊළඟට වෙන්නේ මේ කෝස්ටික් සෝඩා තොගය විනාශ කරන්න කියලා කාට හරි දෙනවා. ඒ ගොල්ලෝ ආපහු මේ ටික හොරෙන් වෙළඳ පොලට දානවා...

:       0       15

chandima Saturday, 17 February 2024 12:09 AM

මේ මෝඩ රැළ ඒක අත්අඩංගුවේ තියාගත්තාම තවත් නරක් වෙනවා. පාඩුව රටට නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site