(ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජි.කපිල)
කටුනායක ගුවන්තොටුපළ රේගු පරිශ්‍රයට ඇතුළු වී නීතිවිරෝධි ලෙස කිලෝ 2.5 බරැති රන් අබරණ තොගයක් පිටතට රැගෙන යාමට උත්සහ කළ විශ්‍රාමික රේගු පරික්ෂයකු (10) උදැසන අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි .
වටිනා මාල ,වළළු , කර පලදනා ඇතුළු රන් අබරණ තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ පනස් හතර දහසකි.
රේගු අත්අඩංගුවට පත් හිටපු විශ්‍රාමික රේගු පරික්ෂකවරයා (65) වියැති ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු රේගු පරිශ්‍රයට ඇතුළු වී බදපටියක් තුළ රන් අබරණ තොගය ඉතා සූක්ෂම අයුරින් සඟවා ගුවන්තොටුපළීන් පිටවීමට උත්සහ දරා ඇති අවස්ථාවේදී ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල ගේට්ටුව අසලදී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන කාලේ කොහොම ගහන්න ඇද්ද? තියන වත්කම් උපයාගෙන තියෙන විදිය කවුරුහරි පරීක්ෂා කරනවද? පොඩි මිනිහටම බදු ගහනවද?
මොහු තමාගේ සේවා කාලය තුල මේ වගේ කොයිතරම් නීති විරෝධි වැඩ කර ඇද්ද? වහාම මොහුගේ වත්කම් පරීක්ෂා කොට අනියමින් උපයාගෙන ඇති වත්කම් රාජසන්තක කළ යුතුයි.
මා දන්නා පරිදි රේගුවේ බහුතරයක් මෙවෙනි හොරකම් සහ සොරකම් වලට අනුබල හෝ සොරකමින් බඩු ගෙන ඒමට සහ රෙගෙන පිට වීමට ඉඩදී අති විශාල ධනස්කන්දයක් උපයා ගන්නා කොටසකි , ඉතා අල්ප සුලු කොටසක් තම රාජකාරිය අකුරට කර රජයට ඉහලම සේවයක් කරති , මා දන්නා රෙගුවේ කිහිප දෙනක් රෙකියාවට පළමුව යන විට තිබුනේ බයිසිකලයක් පමණි , ඉතා සුලු වර්ෂ ගනනකින් ඔවුන් අති සුපිරි වාහන සහ ඉඩම් වලට අයිති කරුවන් වී සිටිති