ශ්රී ලංකාවේ ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් කාලය වේගයෙන් ඉක්ම යන බවත් විසඳුමක් පතා අන්තර් ජාතික ප‍්‍රජව වසර තුනක්ම බලා සිටි බවත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආධාරයෙන් ස්ථිර සාර සාමය බීජ වැපිරිය යුතු බවත් මහජන ආරක්‍ෂාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා සහකාර ලේකම් මරියා ඔටේරෝ ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇමෙරිකාවේ ස්ථාවරය මතු කරමින් ප‍්‍රකාශ කළාය. ඇය මෙසේ කීවාය.. ’’සංහිඳියාව හා කළ කී දේ පිළිබඳව වගවීම නැති තැන ස්ථිර සාමයක් නැති බව අපි අත්දැකීමෙන් දන්නෙමු.’’ ’’ ශ්‍රී ලංකාවේ ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් කාලය වේගයෙන්ම ඉක්ම යන බවට ඇමෙරිකාව සැක සංකා පවතිනවා. ශ්‍රී ලංකාව කි‍්‍රයාමාර්ගයක් ගනිතියි අන්තර්ජාතික ප‍්‍රජාව වසර තුනක් බලා සිටියා. උඟත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසමේ වාර්තාව නිකුත් කිරීම අගය කරනවා. එහි නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි. 2009 දී ගැටුම අවසන් වූ පසුව ද්විපාර්ෂිකව අප මේ ගැන ශ්‍රී ලංකාවට කතා කළා. ශ්‍රී ලංකාව සමග අප දිගටම වැඩ කිරීමට සුදානම්. මානව හිමිකම් කවුන්සිලය මගින් ස්ථිරසාර සාමයේ බිජ දැන් වැපිරිය යුතු කාලයයි.’’
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කතාව නම් ඇත්ත තමයි. තවත් ගැටුමකට කලින් විසදුමක් ගෙන්න වෙනවා..
ළමයව කුණිත්තන්නෙත් ඒ අයමයි. නලවන්නෙත් ඒ අයමයි..
උගත් පාඩම් කොමිසමින් උනත් අප ක්‍රියා කල යුත්තේ රටට අවශ්‍ය හා රටට ගැලපෙන තින්දු තිරණ පමණයි. නැතිව එන් ජි ඔ සංවිධාන හා කොටි හිතවාදින්ට උවමනා තිරණ නොවේ