ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (31) පැවැති සිවුවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රි) ඉන්දියාව කඩුලූ 6 ක පහසු ජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග ඉන්දියාව තරගයක් ඉතිරිව තිබියදී 3-1 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගත්තේය. ඉන්දියාව ලකුණු 252 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 42.2 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. ලකුණු 109 කට කඩුලූ 4 ක් දැවී සිටි ඉන්දීය ඉනිමට දැවැන්ත ශක්තියක් එකතු කරමින් විරාට් කෝලි සහ සුරේෂ් රයිනා පස්වැනි කඩුල්ල ස`දහා ලකුණු 146 ක නොබි`දුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා රැුගෙන ආහ. විරාට් කෝලි පන්දු 119 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 128 ක් රැස් කළේය. සුරේෂ් රයිනා පන්දු 51 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 58 ලබා ගත්තේය. ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 8 ට 251 (උපුල් තරංග 51, තිලකරත්න ඩිල්ෂාන් 42, ළහිරු තිරිමාන්න 47, දිනේෂ් චන්දිමාල් 28, ඇන්ජලෝ මැතිව්ස් 14, ජීවන් මෙන්ඩිස් 17, රංගන හේරත් නොදැවී 17, ලසිත් මාලිංග නොදැවී 15, මනෝජ් තිවාරි 61/4) ඉන්දියාව ඕවර 42.2 කදී කඩුලූ 4 ට 255 (විරේන්ද්‍ර සෙවැග් 34, විරාට් කෝලි නොදැවී 128, මනෝජ් තිවාරි 21, සුරේෂ් රයිනා නොදැවී 58)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරගය වෙනස් කළේ අපේ මහේල. (නි)
ධර්මසේනගේ තීරණ ගැන අපට සෑහිමකට පත් වෙන්න බැහැ. ඉන් තරගය හුගක් වෙනස් වුණා. (නි)
ධර්මසේන අයි.පී.එල්. එකට යන්නවද්ද හදන්නේ? (නි)
උනන්දුවා මොකද කළේ? (නි)
ධර්මසේන අයි.පී.පී. යන්න දැන්ම ඉදන්ම උත්සාහ කරනවා වගෙයි. (නි)
පාලක මණ්ඩලයක් සමග මේ අයගේ නිරන්තර ගැටුම් ඇති බව ආරංචියි. (නි)
පාලක මණ්ඩලයත් සමග ඇති ගැටුම් වලට අපේ රටම පළි නෑනේ. (නි)
ධර්මසේන අපේ පිළේ කෙනෙක් නෙමෙයිද? (නි)
අපේ රටට ඇවිල්ලා අපටම ගහලා යනවා. මොනවා කරන්නද ඉතිං??? (නි)
මහේල ඇතුළු ලංකා කණ්ඩායමට අපගේ බලවත් කණගාටුව! (නි)
අපේ අය වුවමනාවට වැඩිය අවංකකම පෙන්නන්න යනවනේ. ධර්මසේනටත් වුණේ ඒකමයි. (නි)
අපේ කට්ටිය එල්ලේ ගහන්නවත් සුදුසුද මන්දා. (නි)
මොනවා කියන්නද අනේ, ඉල්ලගෙන කෑවා නොකියා. (නි)
මහේලයි ධර්මසේනයි තමයි අපිව පැරැද්දුවේ. (නි)
අපේ කට්ටිය හොදයි සෙල්ලමට බෝල් දාන්න. (නි)
අපි ඉන්දියා ගමනෙන් ජය ගනීවි. (නි)
කට්ටිය හරියට කතා කරන්නේ අපේ අය හැම තරගයක්ම පැරදුනා වගේනේ. (නි)
විස්තර විචාරකයන් කුමාර ධර්මසේන ගැන කිවුව දේවල් ඇහුණා නේද? (නි)
ධර්මසේනගේ උනන්දුව වැඩි වුණ නිසයි මෙහෙම වුණේ. (නි)
සංගා, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. (නි)
සංගා නැතුව මොන ක්‍රිකට්ද? (නි)
නැහැ. කෝලි, රයිනා සහ ධර්මසේන ඉන්දියා පිළට ජය ගෙනේ. (නි)
ලංකාව වෙන ඕනෑම කෟණඩායමකට පැරදුණාට අපිට කමක් නැහැ. ඒත් ඉවසන්න බැරි මේ ඉන්දියන් පිළට පැරදෙන එකයි. (නි)
කෝලි එහෙම ගහන්නේ ඉතිං අපිට විතරනේ. (නි)
මම මොකටද වචන නාස්ති කරගන්නේ එයාල බෝල නස්තිකල වගේමේ ගැන අදහස් දක්වන්නත් ණයයි !!(නු)
සල්ලිවලට යටවෙලාවත්ද මෙහෙම වුණේ...!! (නි)
කතා කරන්න එපා. බැලුවටත් ණයයි (දී)
කමක් නැහැ හොද තරගයක් (දී)
මාලිංගට ගැහුවානේ (දී)
ඕන කමින් ගැහුවේ නැද්ද මන්දා (දී)
මාලිංග තරංග වෙනුවෙන් අලුත් අය ගන්න (දී)
මදි මදි හොදටෝම මදි. (නි)
අපේ කණ්ඩායම හිතන් හිටියද දන්නේ නැහැ මේක ටෙස්ට් මැච් එකක් කියලා. (නි)