බ්‍රිතාන්‍යයේ අන් කිසිදු නාලිකාවකට වැඩියෙන් ශ්‍රී ලංකාව පිළිබඳව රුදාවක් විහින් ඇතිකරගෙන ඇති චැනල් 4 නාලිකාවේ නාඩගම් ප්‍රශ්න වලට ඊයේ සවස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් අමතක නොවන පිළිතුර දුන්නේය.
පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තිය සඳහා බ්‍රිතාන්‍ය මහ රැජින විසින් අත්සන් තැබීම පිලිබඳ ප්‍රවෘත්තිය පසුබිම් කරගෙන චැනල් 4 උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ යහ පාලනයක් නොමැති බව සහ මානව හිමිකම් උල්ලංඝනය වන බව යළි යළි කියා පෑමටය.
මෙහිදී මහ රැජින සහභාගීවූ උත්සවයේ තොරතුරු අබිබවා පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම නුසුදුසුයි කියා පෑමට චැනල් 4 ලොකු උත්සාහයක් ගත්තේය.
එම අවස්ථාවට සිය බිරිඳ සමඟ පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයේ මහා ලේකම් කමලේෂ් ශර්මා මහතා කොටුකර ගැනීමට ගිය උත්සාහය සාර්ථක වුයේ නැත.
ඒ වෙලාවේම එතැනට පැමිණි ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මාධ්‍ය නැඟු සියලු ප්‍රශ්න වලට පැහැදිලි පිලිතුරු ලබාදුන්නේය.
චැනල් 4 මාධ්‍යවේදියා පුන පුනා ප්‍රශ්නකළේ ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් ගැන පමණය. වාර්තාකරු කඩාපනිමින් කඩිමුඩියේ ඇසූ ප්‍රශ්න සියල්ලටම නෝනිස් ඉතාමත් උපශාන්ත අන්දමට පැහැදිලි පිළිතුරු දුන්නේය.
"ඔබ සිය ලුදෙනාටම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අපූරු සංහිඳියා සහ පුනරුත්ථාපන වැඩ පිළිබඳව අපක්ෂපාතී නිගමනයක් ලබාගන්න එය හොඳ අවස්ථාවක් වේවි. මේ දේවල් ගැන වපර ඇහෙන් බලන එක මේ වගේ ආයතනයකට තරම් වටින්නේ නෑ නේද?" යනුවෙන් නෝනිස් පැවසු පසු වාර්තා කරුට අහන්න වෙන දෙයක් නැති බවක් පෙනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුනේ යුද්දේ අමතක කරමුකෝ ..ලංකාවෙ කොහෙද මානව අයිතිවාසිකම් රකින්නේ ...(ස)
ක්‍රිස් නොනිස්ගෙන් චැනල් 4 එකට හතරේ පහරක්! (නි)
ශ්‍රේෂ්ටයි. හැමෝම එක ඇහැකින් බලන්නෙ නැහැ. (නි)
බොහොම ස්තූතියි මහතාණෙනි. (නි)
ඇත්ත තේරුම් කරලා දෙන්න (දී)
පක්ෂපාති නාලිකා (දී)
නියමයි. ඔබට ජය වේවා! (නි)
අන්න එහෙමතමයි ඉන්න ඕනේ (දී)
ඔබගේ අභීත වදන් පෙළට තුති. (නි)
ලංකාව වෙනුවෙන් සුභපතනවා (දී)
නියමයි .....නියමයි .....
ලංකා මාතාවට අපහාස කරද්දී ඒ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් සිංහල බිමේ උපන්න හෙළ බිමට ආදරය කරන පුත්තු මේ බිමේ තවම ඉන්නවා. ආඩම්බරයි අපට ...! (නි)
නියමයි. ඔබ වගේ තව දහයක් හිටියා නම් රටම ජයෙන් ජයට පත්වෙනවා. (නි)
ස්තූතියි සර්,ඔබට හොඳක්ම වේවා! (නි)
නියමයි. ජයවේවා! (නි)
ඇත්තටම අපිට ඔබතුමා ගැන ආඩම්බරයි. (නි)
නියමයි. නියමයි. නියමයි. (දී)
ඉතාමත්ම සතුටුයි . ඇත්තමයි (දී)
නියමයි. (නි)
ගරු මහත්මයා, ශ්‍රී ලංකාවේම සමහරු රටට මඩ දෙන කාලයේ, ඔබ කළේ අගය කළ යුතු දෙයක්. (නි)
මොනවා කලත් ඇත්ත වහන්න බැහැ (දී)
ඇත්ත කවද හරි එලි වෙයි (දී)
හැමදාම ලංකාවට මඩ ගහන්න බැහැ නේ (දී)
විශිෂ්ටයි සර්. (නි)
නෝනිස් මහතාටත් මගේ රට ගැන ආඩම්බරයෙන් අදහස් දක්වපු හැම දෙනාටමත් මාගේ ප්‍රණාමය.......(ස)
නියමයි... නියමයි... ස්තුති (දී)
ලංකාවට මඩ ගහන්න කාටවත් ඉඩ තියන්න එපා (දී)
ලංකාව වෙනුවෙන් කල ජාතික මෙහෙවරක් (දී)
ලංකාවේ කවුරුත් නෑනේ මෙහෙම දෙයක්වත් කියන්න (ස)
විශිෂ්ටයි. සුභ පැතුම්! (නි)
අන්න එහෙමනේ ඉන්න ඕනේ (දී)