දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කොරියා හෙරල්ඩ් පුවත් සේවය අද (9) වාර්තා කළේය.
මෙම පිපිරීම් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කොරියානු පොලිස් බලධාරීන් විසින් ඊයේ (08) දිනයේ ඊට සම්බන්ධ බවට සැක කරමින් මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇතැයි එම පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාකිකයා 27 හැවිරිදි අයෙකු වන අතර ඔහු කලක පටන් දකුණු කොරියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිට ඇතැයි සඳහන් වේ.
පසුගිය ඉරිදා දිනයේ දී අදාළ තෙල් ගබඩා සංකීර්ණයේ තිබු ටැංකියක් පුපුරා යාමෙන් එහි ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබුණි.
ඔහු විසින් යැවූ අහස් කූරක් අදාළ ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වී ඇති අතර ඒ සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් එම තෙල් ටැංකිය පුපුරා ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තරම් සරලව ගින්නක් පැතිරෙනවද භූමියට අහස කූරක් වැටුනා කියල? පෙට්ටි කඩයක මේ දෙය උනා කිව්වනම් විස්වාස කරන්න පුළුවන්. නමුත් කිසිම ආරක්ෂක ක්‍රමවේදයක් නැත්ද තෙල් ගබඩා සංකීරණයකට? ලේසියෙන්ම ත්‍රස්ත ප්‍රහාරයක් උනත් එල්ල වෙන්න පුළුවන්නේ මේ විදියට බැලුවම.
ඒක තමා. අහස්කූරු ආරක්ෂන පද්ධතියක් හයිකරා නම් හරි.
තෙල් ගබඩා සංකීර්ණයක දුම් බීම පවා තහනම් කර තිබෙන්නේ එයින් ගින්නක් ඇතිවීමට තිබෙන අවදානම නිසයි. එහෙම තියෙන එකේ, මේ මනුස්සයා මොන එහෙකට ඔතන අහස් කුරු අරින්ඩ ගියාද. මීට පසු කොරියාවට යන අයගේ ඇගපත මෙන්ම මොළයත් ඇද්දැයි පරික්ෂා කල යුතුයි.