IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරියා රැකියා වීසා ටිකකට නවතී

දකුණු කොරියාවට එල්ලවී ඇති යුද තර්ජනය නිසා දකුණු කොරියාවේ රැකියා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සියයට 90ගේ පමණ ගමන් අත්හිටුවා ඇතැයි විදේශ රැකියා කාර්යංශය කියයි.

වසරක් පාසා 5000ක් පමණ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යති.

කොරියාවේ පවතින යුද උණුසුම පහව ගිය පසු තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි කියති.

යම් හෙයකින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එහි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර් ජාතික සංවිධානය සහ වෙනත් රටවල් උදව් කිරීමට ප්‍රතිඥා දී ඇතැයි රජය කියයි.

එරට යුද්ධයක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්දැයි සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති නිස්සංක විජේරත්න මහතා හා කාර්ය මණ්ඩලය එරට ලාංකිකයන් සමග සාකච්ඡා කරන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.

තානාපති ඇතුළු සියලු විදේශිකයන් දකුණු කොරියාවෙන් පිටත් විය යුතු බවට උතුරු කොරියාව තර්ජනය කර ඇත.



අදහස් (0)

කොරියා රැකියා වීසා ටිකකට නවතී

දිමුතු Sunday, 14 April 2013 01:59 PM

ශ්‍රී ලංකාවේ කොල්ලෝ කී දෙනෙක්ගේ ජීවිත මේ යුද්ධට බිලි වෙයිද? අනේ එහෙම වෙන්න එපා දෙවියනේ.(නදී)

:       0       0

සම්පත් Saturday, 13 April 2013 05:58 PM

මම වැඩ කරන්නේ දකුණු කොරියාවේ මෙහෙ ඉන්න අයටවත් ලංකාවේ ඉන්න අයට තරම් යුද උණුසුමක් නෑ.(නදී)

:       0       0

ෂෙහාහිර් Saturday, 13 April 2013 10:38 AM

හොදයි සල්ලි හම්බ කරගන්න පුළුවන්. ඒ වගේද ජීවිතය. මල්ලිලා දුක්නොවන්න. ඉක්මනින් ඔබ සැමට එන්න ලැබේවායි පතමි.(නදී)

:       0       0

ලතිකා Saturday, 13 April 2013 10:42 AM

මම හිතන්නේ කොහොම වුනත් දෙරට අතර යුද්ධයක් ඇතිවෙන්න දෙන්නේ නැහැ. එහෙම වුනොත් තුන්වන ලෝක යුද්ධයක් ඇති වෙන හින්දා.(නදී)

:       0       0

සරදියල් Saturday, 13 April 2013 11:10 AM

හොද තීරණයක් ... (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 15 April 2013 01:37 PM

යුද්ධයක් ඇති වුණොත් වදින්නේ ඇමෙරිකාවට නොවෙයි අපේ ආර්ථිකයටයි. කරුණාකර යුද්ධයක් ඇති වුණොත් අපේ මිනිස්සු ටික බේරාගැනීම සදහා නැවක් කොරියාව කිට්ටුව රදවා තබන්න. අපේ ශ්‍රමිකයන් 25000 විතර කොරියාවේ ඉන්නවා. (නි)

:       0       0

විහග Saturday, 13 April 2013 12:12 PM

තෝරු මෝරු හැප්පෙනකොට තැලෙන්නේ අපි වගේ හාල්මැස්සෝ. මේ වෙලාවේ ලංකාවේ රජය දකුණු කොරියාවට උපරිම සහය ලබාදිය යුතුයි.අපිට කරපු උදව් වලට අපිත් කලගුණ සලකන්න ඕනෑ.නැත්තම් අපි ගුණමකුවෝ වෙනවා. මේ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවේ පුර්ණ සහාය දකුණු කොරියාවට ලබාදිය යුතුයි (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Saturday, 13 April 2013 12:30 PM

කවදා විතර සලකා බලාවිද? (නි)

:       0       0

මිලාන් Saturday, 13 April 2013 02:40 PM

අපේ කොල්ලෝ කීයක්‌ හරි මහන්සි වෙලා හම්බ කරගන්න කට්ට කන හැටි දන්නේ එහෙ ඉන්න කොල්ලෝ විතරයි. එයාලට සම්මා සම්බුදු සරණයි! (නි)

:       0       0

මිලාන් Saturday, 13 April 2013 02:44 PM

අනේ අපේ අහිංසක ලංකාවේ කොල්ලෝ ටික... කියක්හරි හම්බ කරලා ලංකාවට එවන්න මාර මහන්සියක් වෙන්නේ. එයාලට බුදුන්ගේ දෙවියන්නේ ආරක්ෂාව ලැබෙන්න ඕනෑ නිරතුරුව. (නි)

:       0       0

කැලුම් Saturday, 13 April 2013 03:53 PM

කොරියන් මිනිස්සු ගැන නම් කනගාටුයි. නමුත් ඇමරිකන් අය පාඩමක් ඉගන ගන්නේ මේ සැරේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site