දකුණු කොරියාවට එල්ලවී ඇති යුද තර්ජනය නිසා දකුණු කොරියාවේ රැකියා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සියයට 90ගේ පමණ ගමන් අත්හිටුවා ඇතැයි විදේශ රැකියා කාර්යංශය කියයි.
වසරක් පාසා 5000ක් පමණ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යති.
කොරියාවේ පවතින යුද උණුසුම පහව ගිය පසු තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි කියති.
යම් හෙයකින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එහි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර් ජාතික සංවිධානය සහ වෙනත් රටවල් උදව් කිරීමට ප්‍රතිඥා දී ඇතැයි රජය කියයි.
එරට යුද්ධයක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්දැයි සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති නිස්සංක විජේරත්න මහතා හා කාර්ය මණ්ඩලය එරට ලාංකිකයන් සමග සාකච්ඡා කරන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
තානාපති ඇතුළු සියලු විදේශිකයන් දකුණු කොරියාවෙන් පිටත් විය යුතු බවට උතුරු කොරියාව තර්ජනය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ කොල්ලෝ කී දෙනෙක්ගේ ජීවිත මේ යුද්ධට බිලි වෙයිද? අනේ එහෙම වෙන්න එපා දෙවියනේ.(නදී)
මම වැඩ කරන්නේ දකුණු කොරියාවේ මෙහෙ ඉන්න අයටවත් ලංකාවේ ඉන්න අයට තරම් යුද උණුසුමක් නෑ.(නදී)
හොදයි සල්ලි හම්බ කරගන්න පුළුවන්. ඒ වගේද ජීවිතය. මල්ලිලා දුක්නොවන්න. ඉක්මනින් ඔබ සැමට එන්න ලැබේවායි පතමි.(නදී)
මම හිතන්නේ කොහොම වුනත් දෙරට අතර යුද්ධයක් ඇතිවෙන්න දෙන්නේ නැහැ. එහෙම වුනොත් තුන්වන ලෝක යුද්ධයක් ඇති වෙන හින්දා.(නදී)
හොද තීරණයක් ... (නි)
යුද්ධයක් ඇති වුණොත් වදින්නේ ඇමෙරිකාවට නොවෙයි අපේ ආර්ථිකයටයි. කරුණාකර යුද්ධයක් ඇති වුණොත් අපේ මිනිස්සු ටික බේරාගැනීම සදහා නැවක් කොරියාව කිට්ටුව රදවා තබන්න. අපේ ශ්‍රමිකයන් 25000 විතර කොරියාවේ ඉන්නවා. (නි)
තෝරු මෝරු හැප්පෙනකොට තැලෙන්නේ අපි වගේ හාල්මැස්සෝ. මේ වෙලාවේ ලංකාවේ රජය දකුණු කොරියාවට උපරිම සහය ලබාදිය යුතුයි.අපිට කරපු උදව් වලට අපිත් කලගුණ සලකන්න ඕනෑ.නැත්තම් අපි ගුණමකුවෝ වෙනවා. මේ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවේ පුර්ණ සහාය දකුණු කොරියාවට ලබාදිය යුතුයි (නි)
කවදා විතර සලකා බලාවිද? (නි)
අපේ කොල්ලෝ කීයක් හරි මහන්සි වෙලා හම්බ කරගන්න කට්ට කන හැටි දන්නේ එහෙ ඉන්න කොල්ලෝ විතරයි. එයාලට සම්මා සම්බුදු සරණයි! (නි)
අනේ අපේ අහිංසක ලංකාවේ කොල්ලෝ ටික... කියක්හරි හම්බ කරලා ලංකාවට එවන්න මාර මහන්සියක් වෙන්නේ. එයාලට බුදුන්ගේ දෙවියන්නේ ආරක්ෂාව ලැබෙන්න ඕනෑ නිරතුරුව. (නි)
කොරියන් මිනිස්සු ගැන නම් කනගාටුයි. නමුත් ඇමරිකන් අය පාඩමක් ඉගන ගන්නේ මේ සැරේ. (නි)