උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ඇතිවී තිබෙන අර්බුදය විසදීමට ස්විට්සර්ලන්තය මැදහත් වී ඇතැයි රුසියාවේ විදේශ ඇමතිවරයා පවසයි. දෙරට අතර ස්විට්සර්ලන්තයේදී සාකච්ඡා පැවැත්වීමටත් ඒ සඳහා ඇමෙරිකාව, චීනය, රුසියාව සහ ජපානය සහභාගී වීමටත් එකඟ වී ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියා නායක කිම් ජෝන් ඉන් සිය පියා උතුරු කොරියාවේ ජනාධිපතිවරයාව සිටියදී එරට තානාපති කාර්යාලයේ රියදුරකුගේ පුත්‍රයකු ලෙස පෙනී සිටිමින් හොර රහසේම ස්විට්සර්ලන්ත අධ්‍යාපනය ලබා සිටීම මෙම මැදහත් වීමට විශේෂ හේතුවක් බව ද දේශපාලන විචාරකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්විස්ටර්ලන්තයේ දැන්වත් ලංකාවේ වුණ දේවල් ගැන කතා කරයිද දන්නේ නැහැ. (නි)
මේ ලමයව ස්විස්ටර්ලක්තයේ මානසික රෝහලකට ඇතුලත්කරන්න.(නදී)
යුද්ධයක් ඇති නොකර සාමයෙන් විසඳාගන්න කියල අපි යෝජනා කරනවා. යුද්ධයෙන් හිමිවන්නේ අහිමිවීමයි. (නි)
මොන රට එන්නෙත් සමාදාන කරන්න. ඇවිත් කරන්නේ ප්‍රශ්න වැඩිකරන එක. මතකනේ ලංකාවට වුණ ප්‍රශ්න. (නි)
නොර්වේට මොනවා වෙළද ? ඒගොල්ලානේ සාම දූතයෝ.(නදී)
සුබ අලුත් අවුරුද්දක් වේවා!(නදී)
අර නොර්වේ අපට ගොඩක් උදවි කරපු රට ඒ අය කෝ.(නදී)
මේ කිම් ජොහන් ඉන් මාර බධුවක්නේ. ඔය කරා වගේ තමා කවද හරි උතුරු කොරියාවත් විනාශ කරලා යන්නේ.(නදී)
යුද්ධයක් වෙනවා කියන්නේ විනාශයක් මිස හොඳක් නෙමෙයි. අපේ රටේ කී දෙනෙක්ගේ රැකියාවල් නැති වේවීද? තව විදේශියන්ගේ කී දෙනෙක්ගේ ජීවිත නැති වේවිද? (නි)
අනේ ඉතින් දැන් මේ ප්‍රශ්නය තවත් දිග්ගැස්සෙයිද දන්නෙ නැහැ. (නි)
බොහොම පරිස්සමින්. ස්විස්ටර්ලන්තය කියන්නේ රටවල් බෙදන්න උදවු කරන රටක්. (නි)