දකුණු කොරියාවේ නව ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා එරට ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිරිසක් අතර හමුවක් ක්වැන්ජු මුගක්යා විහාරස්ථානයේදී පැවැත්විණි. විහාරාධිපති බරවාකුඹුකේ විමලතිස්ස හිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැති එම හමුවට තානාපති කාර්යාල ප‍්‍රධාන ලේකම් කේශාන්ත කුමාරසිරි, කම්කරු සුබසාධන නිලධාරි සංජිව ගනේගොඩ සහභාගි වූහ. ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා ස්ථාන වල පැන නගින ප‍්‍රශ්න ගැටලූ නිරාකරණය කර ගැනීමට තම උපරිම සහයෝගය දෙන බව තානාපති කීවේය. හදිසි අනතුරුවලට ලක්ව රෝහල් ගතව සිටින තරුණ පිරිසකගේ සුවදුක් බැලිමට තනාපති රෝහල් වලට ගියේය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති තුමනි අපේ පැත්තටත් එන්න
මේක ඉතා හොද ක්‍රියාවක්
ගොඩාක් හොදයි මෙහෙම මුණ ගැසෙන එක අපි හැමෝටම ඒක ලොකු ශක්තියක්. ඔබතුමාට දීර්ඝ කාලයක් ඔය තනතුරේ ඉන්න ලැබේවා. බුදුසරණයි