දකුණු කොරියාවේ කිම්පෝ නුවර ගින්නකින් ශ්‍රී ලංකාවේ යුවලක් මිය ගිය බව එරට පොලීසිය කියයි. රාගම 35 හැවිරිදි පුද්ගලයකු හා 29 හැවිරිදි කතක මියගොස් ඇතැයිද, මරණයට හේතුව සොයාගෙන නැතැයි ද එම ගොඩනැගිල්ලේ තවත් කාමර වල සිටි ශ්‍රී ලංකිකයන් ගින්නෙන් බේරීමට සමත් වූ බව ද එරට පොලීසිය කියයි.