(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වන ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හාරදාස් එකසීයක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ශුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 59100ක් තාවකාලිකව වැසී ගොස් තිබෙන්නේ යැයිද විපක්ෂනායකවරයා කීය.
කාන්තා ව්‍යවසායිකාවන් සතු ව්‍යාපාර 27600ක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙන අතර තවත් එවැනි ව්‍යාපාර 11700ක් තාවකාලිකව වැසී තිබෙන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
2018 වසරට සාපේක්ෂව 2023 වසර වන විට ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ පරිමාණයේ ව්‍යාපාර සියයට 48.3 ක් වැසී ඇති බව ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛන වාර්තා කරන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd