විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබීම සුබදායී පුවතක් වුව ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව 225ක් ලෙස තබා ගනිමින් කේවල ඡන්ද කොට්ඨාස 125ට සීමා කිරීමෙන් සුළු දේශපාලන පක්ෂවලට ඇති ඉඩකඩ ඇහිරීයන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පවසයි.
මේ හේතුවෙන් ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවට ද මුස්ලිම් ජනතාවට ද, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය වැනි පක්ෂවලට ද අහිතකර බලපෑමක් ඇතිකරන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ඔවුන් පවසන්නේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව ඉහළ නැංවීමකින් තොරව කාන්තා නියොජනය ද ඉහළ නැංවිය නොහැකි බවයි.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කැර ඇති කොට්ඨාස 125ක් හා මන්ත්‍රී ධූර 225ක් සහිත මැතිවරණ ක්‍රමය හේතුවෙන් ප්‍රධාන අර්බුද තුනක් මතුවන බව ද තෙන්නකෝන් මහතා පවසයි.
ඉන් පළමුවැන්න කොට්ඨාස 125 සම්බන්ධ සීමා නිර්ණයට විශාල කාලයක් අවශ්‍ය වීමයි. එමෙන් ම සුළු ජාතික නියෝජනය තහවුරු කිරීමට ප්‍රමාණවත් බහු ආසන ස්ථාපනය කළ නොහැකි වීමත් තෙවනුව උතුරු නැගෙනහිර සිංහල නියෝජනයත් උතුරු නැගෙනහිර පළාත්වලින් පිටත දෙමළ මුස්ලිම් නියෝජනයත් කොට්ඨාස ක්‍රමයෙන් තහවරු කළ නොහැකි වීමත් ගැටළුවක් බව තෙන්නකෝන් මහතා පවසයි.
අවම වශයෙන් බහු ආසන නමයක් හෝ ඇතිකිරීමට ඉඩ තැබිය යුතු බැවින් දිස්ත්‍රික්ක මට්ටමින් බදුල්ලේ ඇති ආසන 9 ආසන 6 දක්වා අඩු වීමත් ගාල්ලෙන් ආසන තුනක්, මාතරින් ආසන දෙකක්, කුරුණෑගලින් ආසන තුනක් හෝ හතරක් අඩුකරන්නට සිදුවේයැයි කැෆේ සංවිධානය පවසයි. කෑගල්ල, රත්නපුර, අනුරාධපුර හා කළුතර දිස්ත්‍රික්කවලින් ආසන දෙකක් හෝ හතරක් දක්වා අඩු කිරීමට සිදුවන බවත් යාපනය ආසන 11 ආසන හයක් දක්වා අඩුකිරීමට සිදුවන බවත් තෙන්නාකෝන් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කනගාටු ව්‍යවස්ථාවක් ,පක්ෂයක් හරියට හදා ගන්න නොහැකිව හැමදාම ප්‍රශ්න ගොහොරුවක එරෙන රටක ජනතාවට වෙන හානියයි .... (කේ)
බහු ආසන ක්‍රමය කියන්නේ විකාරයක්. භූගෝලීය පදනම මත ජනගහන අනුපාතය සමාන වන පරිදි කොට්ටාශ වෙන් කල විට කාටවත් අසාදාරනයක් වෙන්නේ නැහැ . කොට්ඨාස 125 හොදටම ඇති . සමානුපාතික ක්‍රමයට 75 කට එන්න පුළුවන් (කේ)
මන්ත්‍රීලා වැඩි උනහම ඔවුන් නඩත්තු කරන්න වැඩියෙන් ජනතා මුදල් වියදම් කරන්න සිදු වෙයි. ලෝකයේ ලොකුම අැමති මණ්ඩලය තිබුනෙත් මෙහේනේ (නදී)
මෙහෙම හොඳයි (නි)
එක එක්කෙනා පොඩි පොඩි පක්ෂ අටවාගෙන ඡන්ද ටිකක් කඩාගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාගේහරි බලයේ ඉන්න පැත්තට තර්ජන කරමින් කේවල් කරමින් අසාධාරණ විදිහට එක එක සුළු ජාතීන්ට විශේෂ වරප්‍රසාද ගන්න එක නැවැත්විය යුතුමයි. (නි)
ඔය සුළු පක්ෂ කිව්වට වැදගත් යැයි සැළකිය හැකි කුඩා පක්ෂ 4 ට වඩා නැහැනේ. තියෙන ඒවත් ආණ්ඩු පක්ෂයට මුක්කු ගහලා තමන්ගේ බඩ වියත රැකගැනීමනේ හැමදාම කරන්නේ.ඉතින් ඒවා ගැන තවත් කතා කර කර ඉන්න එක අපරාධයක්. (නි)
දැන් එතකොට වැඩි කරන්න කියන මන්ත්‍රී සංඛ්‍යාවට පඩිදෙන්නෙ කොහොමද? (නි)
අනුපාත ක්‍රමය තියාගෙන මැතිවරණ ක්‍රමය පමණක් නැතිකරන්න (නි)
සුළු පක්ෂ දේශපාලනෙන් ඉවත් කරන්න ඕනෑ. රට කෑලි කෑලි වලට කඩන්නේ මෙයාලා තමයි. එකක් දෙකක් මන්ත්‍රීධූර අරගෙන මහා පක්ෂ දෙක නටවනවා. ලෝකයේ දියුණු රටවල ද්විපක්ෂ තියෙන්නේ. බහු පක්ෂයන් නැහැ. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වෙන්න නම් බහුපක්ෂ අවශ්‍යයි. මොනවා වුණත් ජයවර්ධන ජනාධිපතිතුමා සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්නේ ආසන ක්‍රමයේ දුර්වලතා ගොඩක් තිබුන නිසා.රට හදන්න මේ එකකින්වත් බැහැ. පුලුවන් නම් හැම අපේක්ෂකයාටම අවම සුදුසුකම් සීමාවක් ගේන්න (නි)
මම නම් හිතන්නේ මේ ක්‍රමය වඩාත් ගැලපෙන ක්‍රමය බැවින් අද රටට අවශ්‍ය සුළු ජාති රැකිම නොව සැමට සුරක්ෂිත ජීවන රටාවක් නිර්මාණය කිරීමි.(ම)
සුළු පක්ෂවලට සුළු නියෝජනයක් තිබුනම ඇති. වැඩිය දුන්නම අපේ අරක්කුවලින් අපිටම ගහනවා. (ස)
මෙතන දැනට දාල තියෙන අදහස් දැක්කම මට සතුටක් දැනුන, හුඟක් අය බුද්ධිමත් සහ ජාතින් අතර සමගියක් දැකීමට කැමති බව තේරෙනවා. (ම)
සුළු පක්ෂ තමුන්ගේ අනන්‍යතාවය සාධාරණව රැකගනිමින් ප්‍රධාන පක්ෂ සමග එක් විය යුතුයි.මැතිවරණ වලදී ඔවුන්ට සාධාරණ නියෝජනයක් ලැබෙන පරිදි ගිවිසුම්ගත විය යුතුයි. සියලු ප්‍රධාන පක්ෂ වලට එම නියෝජනය රැකෙන පරිදි අනිවාර්ය කල යුතුයි.(ම)
සුළු පක්ෂ කවදත් කලේ දිනන පැත්තට එල්ලී වාසි ලබා ගැනීම, හකීම්ලා තොන්ඩමන්ලා හැමදාම ඇමතිවරු, දෙමල මුස්ලිම් ජනයට කල දෙයක් නැත. මීට වඩා සේවයක් පැරණි ක්‍රමයට පත්වූ සුළු ජාතික ඇමැතිවරු කර තිබෙනවා. මනාප ක්‍රමය නැතිවීම ඉතා හොඳ දෙයක්. (ම)
තව අසන වැඩි නොකළ යුතුය.ජාති වැඩි පක්ෂ ඕනේ නැහැ. (ම)
තවදුරටත් මොකටද සුළු සුළු පක්ෂ හැටියට බෙදෙන්නේ?අවශ්‍යවන්නේ රට දියුණු කිරීමද,දේශපාලුවෝ ටික දෙනෙක් දියුණු කිරීමද?එකම විසදුම සියලුම පක්ෂ එකතුවෙලා ජාතික ආණ්ඞුවක් පිහිටුවා ගැනීමයි. (බ)
කෝටි 2 1/2 පමණ ජනගහනයක් සිටින මේ පුංචි රටට 225 ඕනෑවටත් වැඩියි. අපි මහජන නියෝජිතයන් පත් කරන්නේ මහජනයා වෙනුවෙන් පෙනී සිට ඒ මහජන අවශ්‍යතා ඉටුකිරීමටයි. කෝටි 130 පමණ සිටින බහු ආගමික, බහු භාෂා කතා කරන,ඉන්දියාවේත් මහජන නියෝජිතයන් 552 පමණයි සිටින්නේ. සියලු දෙනාම සමගියෙන් ජාතිවාදය අමතක කර මේ වැඩ පිළිවෙලට සහය දෙමු. මහින්ද ජනාධිපතිතුමා රටට පිළිලයක් වූ ත්‍රස්තවාදය නිමා කිරීමට මුල් වුනා සේම , මෛත්‍රී ජනපතිතුමාට යහ පාලන සංකල්පය සාර්ථක කර ගැනීමට සැවොම සහය දෙමු. (ස)
ජාතික ලිස්තුවේ 25 අවලංගු කරලා මන්තී ආසන 200 කලානම් වඩාත් සුබදායකයි.(හේ)
මොනවා කලත් මොකක් හරි වැරද්දක් හොයන එකයි තියෙන්නේ. සුළු පක්ෂවලට දැනුත් කාගේ හරි ලොකු පක්ෂෙක එල්ලෙන එක තමා කරන්නේ.(හේ)
නකුට බල්ලාව වනපු කාලේ ඉවරද එහෙනම්????(ම)
මට නම් මේ ක්‍රමය හොඳයි. සුළු ජාතිකයින්ට මහා පක්ෂ වල 10% තනතුරු වෙන්කරමු. අපි සැවොම ලාංකිකයින් ලෙස සිතා වැඩකරමු. පටු වාද බේද ඉවත දමමු. ජාතිවාදය නැති කරමු. (නි)
සුගත්, ඔබගේ අදහසට 100% එකගයි. මමත් එයම ප්‍රාර්ථනා කරනවා. නමුත් හරිම සැකයි අපේ මිනිස්සුන්ට ඒක අවශ්‍යද කියන එක. සමහර අයට ඕන අපේ සල්ලිවලින් වැඩිපුරම හොරා කාල පොහොසත් වෙලා ඉන්න නායකයෝ දකින්න. (බ)
මට හිතෙන්නේ අලුත් ක්‍රමය හොඳයි. දැනට තිබෙන ක්‍රමයට සුළු පක්ෂ වලට එයාලගේ ඇත්ත ඡන්ද අනුපාතයට වඩා වැඩි ආසන ප්‍රමාණයක් ලැබෙනවා. ඒක නිසා එයාලගේ කේවල් කිරීමේ හැකියාව අසාධාරන විදිහට වැඩිවෙනවා. (නි)
හෙළ උරුමය, ජේවීපී ,වගේ පක්ෂ අතු ගාල දැමිය යුතුය. නිතරම තමාගේ වාසියට මුළු රටම අවුල් කරනවා. (ම)
ප්‍රදාන දේසපාලන පක්ෂ වල හැම ජන වර්ගයකම අය සිටිනවා නම් ජන වර්ග නමින් දේශපාලන පක්ෂ කුමකටද? (ර)
ජාති වාදී පක්ෂ රටට ඕනේ නෑ (බ)
සුළු පක්ෂ තියෙන්න ඕන. නැත්නම් ප්‍රදාන පක්ෂ කරන වැරදි පෙන්වල දෙන්නේ කවූද ? (ර)
රාජාණ්ඩු ක්‍රමය එනවනම් මිට වඩා හොදින් රට පාලනය කරාවී (බ)
ලොකු පක්ෂ 2-3 ක් තිබුනහම හොඳටම ඇති. ආසන කීපයක් තියාගෙන කේවල් කරන පක්ෂ වැඩක් නැහැ. ඡන්දෙට යන වියදමත් අඩු කල හැකියි. (ර)