ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ තුන් වැනි පංතියට බදවාගැනීමේ සීමිත තරග විභාගය (2017/2018) ගැසට් නිවේදනයට පටහැනිව දෝෂ සහිතව පවත්වා ඇති බැවින් එම විභාගය යළි පවත්වන ලෙස විභාග අපේකෂයෝ ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමුකරමින් ඔවුහු මෙලෙස ඉල්ලා සිටිති.
විභාගය සඳහා නියමිත විෂය නිර්දේශයක් පැවතියද එකම මාතෘකාවක් පමණක් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍රය සකසා තිබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව ඔවුහු සඳහන් කරති.
රාජ්‍ය සේවයේ ඉහළ තනතුරකට යාමට අපේක්ෂාවෙන් සිටි විභාග අපේක්ෂකයින්ට මෙමගින් දැඩි අසාධාරණයක් වී ඇති බවත් තම අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් ඔවුහු කියති.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවෘත විභාගයයේ සාමාන්‍ය සම්ප්රජනණය ප්‍රශ්න පත්‍රය පැය 3ක් වුවද එය පැය 1 කින් පමන සියල්ල අවසන් කල හැකි ලෙස ඉතා සරල වීම. පුලුල් දැනුමක් අවශ්‍ය උසස් තනතුරක් සදහා ප්‍රශ්න 80කින් යුතු ප්‍රශ්න පත්‍රයකින් කට පාඩම් විභාග රටාව පමණක් මැන බැලීම. සීමිත විභාගයෙ රචනා ප්‍රශ්න හා විවෘත විභාගයේ ප්‍රශ්න ආකෘතිය වෙනස් වීම. රජයේ උසස් තනතුරක් සදහා බදවා ගන්නා විභාගයක් තුල මෙවැනි අක්‍රමිකතා සිදුවීම ඉතා අසාදාරණ ක්‍රියාවකි.
විභාග කල් දාන්න එපා. පේපර් එකේ වැරැද්දක් නැහැ. දෝෂයක් තිබේ නම් එ්ක ලකුණු දීමේදී නිවැරැදි කරන්න.
මෙය ඉතා තරගකාරී විභාගයක්. සුදුසුකම් ලාභීන් බොහෝදෙනෙක් මේකට ඉඳගන්නවා. ඒ නිසා ඒ අයගෙනුත් හොඳම කට්ටිය තේරෙනවා. කෙසේවෙතත් විභාගය වඩා අසීරු විය යුතුයි. මේ වසරේ පැවැත්වූ විභාගය සියයට 100ක්ම හොඳයි.
බලාපොරොත්තු නොවූ පරිදි විභාග පත්‍රය අරගෙන තිබ්බා. මේකෙන් විභාග අපේක්ෂකයන්ට අසාධාරණයක් වෙනවා. විභාගේ යලි වතාවක් තියන්න කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.
දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සිද්ධි අධ්‍යනය තනිකරම මූල්‍ය විශ්ලේෂණය විතරයි. තෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සිංහල මාධ්‍ය , ඉංග්‍රීසි මාධ්‍ය ප්රශ්නවල තේරුම් වෙනස්. අනේ මන්දා අපරාදේ විභාග අපේක්ෂකයන්ගේ මහන්සිය.
හරිම සමබර නැති විභාගයක්. ඉහළ තනතුරක් සඳහා දැනුම පරීක්ෂා කිරීමේදී මෙවැනි ප්‍රශ්න පත්‍ර සකස් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැටලුකාරී වේ.
විභාගය ඉතා අසාධාරණ ලෙස එකම කරුණු ටිකක් මත පදනම්ව සැකසී තිබුණා. විෂය නිර්දේශයෙන් පිට. නැවතත් විභාගය පවත්වනවානම් එය අපේක්ෂකයන්ට සධාරණයක්. සීමිත අපේක්ෂකයන් එකතු වෙන්න ඕන.
විභාගය අසාර්ථකයි. දක්ෂයා තෝරන්න ඔහොම පේපර් එකකින් බැහැ. ඩොකියුමන්ට් පුරවන්න පුළුවන් සේවකයෙක් නෙමෙයි මෙතැනදී බලන්න ඕනේ. තීරණ ගන්න පුළුවන් කාර්යක්ෂම නිලධාරීන් තෝරන්න නම් විභාගය මීට වඩා වෙනස් වෙන්න ඕනේ...
ඉතාම අසමබර හා අසාර්ථක විභාගයක්. ගොඩාක් කැප කිරීම් කරලා විභාගෙට සුදානම් උනේ. සිද්ධි අධ්‍යනය මුල්‍ය විශ්ලේෂණයට සීමා කරලා. ක්‍රම සම්පාදන ප්‍රශ්න පත්‍රයත් විෂය නිර්දේශයට අදාල නොවන ආකාරයට සකසා තිබීම අසාධාරණයි.
හරි අසාධාරණ ප්‍රශ්න පත්‍රයක්...............
නැවත විභාගය තියන්න එපා ලකුණු දීමේදී නිවැරදි ක්‍රමයක් අනුගමනය කරන්න. නැත්නම් අපේ මහන්සිය කාලය වතුරේ. උපරිම කැප කිරීම් කරපු අයට අසාධාරනයි
ඕපන් එකේත් ජී.කේ. ප්‍රශ්න එකට එක සම්බන්ධ තැන් තිබුණා. ජී.කේ. අන්තිම රචනා ප්‍රශ්නේ එහෙමයි හදලා තිබුණේ.
නැවත විභාගය පවත්වන්න එපා. අපේ මහන්සිය වතුරේ යනවා . විභාගයක් කියන්නේ අමාරු එකක් තමයි. මොන පැත්තෙන් ඇහුවත් උත්තර දෙන්න ප්‍රළුවන් දක්ෂයා තමයි තේරෙන්න ඹ්න. ලකුණු දීමේදී අසාදාරණයක් වී නම් නිවැරදි කළයුතු බවයි මගේ අදහස.
සීමිත විභාගයේ 2 හා 3 ප්‍රශ්න පත්‍ර නැවත පැවැත්වීම තමයි සුදුසු. නැත්නම් බොහොමයක් දෙනාට අසාධාරණයක් වෙන්නේ.
නැවත විභාගය තියන්න ඕනේ.
මෙම විභාගය නැවැත තියන්න එපා අපිට අසාධරණයක් වෙනව ක්‍රමසම්පාදන ප්‍රශ්න පත්‍රය හා සිද්ධි අධ්‍යනය විෂය නිර්දේශයම තමයි තිබුනේ මට නම් හිතෙන්නෙ පසුගිය ප්‍රශ්න පත්රවලට වඩා බුද්ධිමත්ව ප්‍රශ්න හදල තිබුන කියලයි. ප්රශ්නවල ශෛලිය විතරයි වෙනස් වෙලා තියෙන්නෙ සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වීම හොදයි බඳවා ගන්නෙත් සැලසුම් සේවයට නේ
මෙම විභාගය නැවැත තියන්න එපා අපිට අසාධරණයක් වෙනව ක්‍රමසම්පාදන ප්‍රශ්න පත්‍රය හා සිද්ධි අධ්‍යනය විෂය නිර්දේශයම තමයි තිබුනේ මට නම් හිතෙන්නෙ පසුගිය ප්‍රශ්න පත්රවලට වඩා බුද්ධිමත්ව ප්‍රශ්න හදල තිබුන කියලයි. ප්රශ්නවල ශෛලිය විතරයි වෙනස් වෙලා තියෙන්නෙ සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වීම හොදයි බඳවා ගන්නෙත් සැලසුම් සේවයට නේ
නැවත විභාගය තියන්න එපා විෂය නිර්දේශයෙන් පිට කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නැහ. නැවත විභාගය තිබ්බොත් හොදට ලියපු අයට අසාධාරණයක් වෙනවා