(ඉන්දිකා රාමනායක)
කිරිබත්ගොඩ නගරයේ පිහිටි පෞද්ලික බැංකුවකට අද (20) පස්වරුවේ ඇතුළු වු කොල්ලකරුවෙක් පිහියක් පෙන්වා සේවකයින් බිය ගන්වා එහි කටුන්ටරයේ තිබුු රුපියල් 9,50,000 ක මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි.
මෙම සැකකරු ගනුදෙනුකරුවෙක් වශයෙන් අද (20) දහවල් පැමිණ ඇති අතර පසුව සවස පිහියක් පෙන්වා එහි සේවකයින් බිය ගන්වා කවුන්ටරය වෙත ගොස් එහි තිබු මුදල් බෑගයක අසුරාගෙන පැමිණි යතුරු පැදියෙන්ම පලාගොස් ඇත.
සැකකරු සම්බනධයෙන් මෙතෙක් තොරතුරු හෙලිවී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටයන ව්දිහට බැංකුවක් නොවේ ගෙදර බත් මූට්ටියත් පරිස්සම් කර ගන්න බැරිවෙනවා.
ශ්රී ලංකාවේ වාණිජ බැංකු වල තියෙන්නේ බොහොම යල්පැන ගියපු ආරක්ෂක පද්දතියක්. මේ විදිහට පිහි පෙන්නලා නෙවෙයි, හරියට සැලසුම් කරොත් බැංකුවේ සේප්පුව උනත් අරන් යන්න පුළුවන්. ලංකාවේ හොරු තාක්ෂණික අතින් තාම දියුණු නැති එක ගැන වාණිජ බැංකු සතුටු වෙන්න ඕන.
මෙයා මෝඩ හොරෙක් . එකපාරක් ඇවිල්ල මුණ පෙන්නලා දෙවෙනි පාර හොරකම් කරන්න තරම් මෝඩයෙක්.
ඔයා මොනවද බැංකුවල ආරක්ෂක පද්ධති ගැන දන්නේ? මෙතනදි වුනත් කොල්ලකාලා තියෙන්නේ කවුන්ටරයේ මුදල් පමණයි. මෙවැනි කොල්ලකෑමකදී පුද්ගලික බැංකු මූලිකත්වය දෙන්නේ සේවකයින්ගේ හා ගනුදෙනුකරුවන්ගේ ජීවිතාරක්ෂාව. මොකද සල්ලි රක්ෂණය කරලා තියෙන්නේ.
බැංකුවේ නම දැම්මේ නැත්තේ ඇයි ?