IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ තෙවැනි ජගත් ධර්ම දුත මෙහෙවරක යෙදී සිටිති

ජුනි 13 වන සෙනසුරාදා කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපු සදහම් වැඩ සටහනේදී  ඤානානන්ද හිමියන් සවස 6.30 සිට 8.30 දක්වා ධර්ම දේශනාවක් පැවැත්වීමට නියමිතය.

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ එඩ්මන්ටන් නුවරදී ජුනි 15 වනදින සවස 7 ටත් කාල්ගරි නුවරදී ජුනි 16 වනදින සවස 5.30 ටත් ඤානානන්ද හිමියන්ගේ ධර්ම දේශනා පැවැත් විමට යයි.

ඤානානන්ද හිමියන් ලන්ඩන් නුවරට වැඩම කරවන්නේ ජුනි 17  දා වැඩම කිරිමට නියමිතය. ජුනි 18 දා උදැසන 9.30 සිට උන්වහන්සේ ලන්ඩන් නුවර අලුතින් ආරම්භ කළ සරේ මහමෙව්නා අසපුවේ දහම් වැඩසටහන් සඳහා සහභාගිවීමට නියමිතය.

උන්වහන්සේ 19 දා උදැසන 9.30 සිට ස්ටැන්මෝර් මහමෙව්නා අසපුවේ දහම් වැඩසටහන් සඳහා සහභාගිවනු ඇත.

උන්වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව මඟින් ජුනි මස 20 දා පවත්වන පින්කමේ දී සවස 4 සිට 6 දක්වා ධර්ම දේශනාවක් පැවැත්වීමට නියමිතය. එම පිංකම සඳහා විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගිවනු ඇතැයි බලාපොරොත්තු වන නිසා එය පැවැත්වීම සඳහා ඉඩකඩ ඇති එසෙක්ස් ප්‍රාන්තයේ පර්ෆ්ලීට්හි සුවිසල් බ්ලැක් ස්ටේජ් මධ්‍යස්තානය ලබාගෙන ඇත. 

එදින උදැසන 9 ට ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපු භුමියේ අභිනවයෙන් ඉදිකර ඇති කුටි සෙනසුන් ඤාණානන්ද හිමියන්ගේ අතින්  සිව් දිගින් වැඩම කරන්නාවූ මහා සංඝයා වහන්සේ වෙත පුජා කිරීමේ පිංකම පැවැත්වෙයි.

උන්වහන්සේ ආපසු ශ්‍රී ලංකාවට වැඩම කරවන ජුනි 23 දා උදෑසන 9.30 සිට අක්ස්බ්රිජ් මහමෙව්නා අසපුවේ දහම් වැඩසටහන් සඳහා සහභාගී වීමටද නියමිතය.

ඒ හිමියන්ගේ සදහම් වැඩසටහන පසුගිය 04 දා වොෂින්ටන් මහමෙව්නා භාවනා අසපුවේ දී පැවැත්විණි. තෙරුවන් සරණ යෑමේ වටිනාකම හා එමඟින් ජීවිතයට ලැබෙන රැකවරණය විස්තර කරමින් සිදු කළ මෙම දේශනය ශ්‍රවණය කිරීමට වොෂින්ටන්, මේරිලන්ඩ්, වර්ජිනියා ආදී ප්‍රදේශවල විශාල පිරිසක් සහභාගී වුහ. බොහෝ දෙනෙකුට යහපත උදාකළ මෙම සදහම් වැඩසටහන සංවිධානය කර තිබුණේ වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුව මගිනි. 

උන්වහන්සේ සහභාගිවූ යුරෝපයේ මුල්ම වැඩ සටහන මැයි 21 දා  "යුරෝපයේ අසිරිමත් වෙසක් මංගල්‍යය" ලෙස ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නුවරදී පැවැත්වුණ අතර එහිදී ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක් ඇතුළු සුවිෂේශී දහම් වැඩ සටහන් කිහිපයක්ම පැවැත්විණි.

මේ සඳහා ජර්මනියේ ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතිකයෝ විශාල පිරිසක් සහභාගී වුහ.

මැයි 24 දා ඉරුදින ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වු සදහම් මංගල්‍යය පින්කමේදී පස්වරු 1 සිට පස්වරු 4.30 දක්වා ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක් පැවැත්විණි.

ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ මහමෙව්නාව භාවනා අසපුවෙන් මඟින් සංවිධානය කළ "ඇමෙරිකා එක්සත් ජනපදයේ සදහම් මංගල්‍යයේ" මුල් වැඩසටහන මැයි 31 වනදා ස්ටටන් අයිලන්ඩ්හිදී පැවැත්විණි. එහිදී ඤානානන්ද හිමියන්ගේ ධර්ම දේශනය සවස 5 සිට 7 දක්වා පැවැත්වුණි.

නිව් ජර්සි මහමෙව්නාව භාවනා අසපුවේ දෙවැනි වෙසක් සදහම් වැඩසටහන ජුනි 1 දා නිව් ජර්සියේහිදී ඤානානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක් පැවැත්වුණි.

කැලිෆෝනියා මහමෙව්නා ජාත්‍යන්තර භාවනා අසපුවේ සදහම් වැඩසටහන පැවැත්වුණේ ජුනි මස 6 වන සෙනසුරාදාය. එදින සවස 4.30 සිට 7 දක්වා  ඤානානන්ද හිමියන්ගේ ධර්ම දේශනය පැවැත්විණි.

 

0[1] 1[1] 3_(1)[1] 5[1] photo[1]

 

 



අදහස් (0)

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ තෙවැනි ජගත් ධර්ම දුත මෙහෙවරක යෙදී සිටිති

මංගලි Wednesday, 10 June 2015 06:59 PM

නිර්මල බුදු දහම ලොව බබළවන්නට අපට ලැබුන දායාදයක් තමයි අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. (නි)

:       0       3

දිලානි Sunday, 07 June 2015 02:17 PM

මේ පින කවදාවත් කරගන්න බැහැ (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 07 June 2015 03:19 PM

මේ යුරෝපයේ වෙසෙන ජනතාව බුදුදහමේ අභාෂය කෙසේවෙතත් පවතින ක්‍රමය නිසා යම් හැඩගැසීමකින් ,ප්‍රඥාවකින් යුතුව ජීවත්වෙනවා. එනිසා වැඩි වැඩියෙන් මේ දේශනා අවශ්‍ය වන්නේ නිර්මල බුදුදහම පවතින අපේ රටේ සිදුවෙන විෂමාචාරයන් සමනය කිරීමට බව මගේ හැඟීමයි... (නි)

:       0       0

චාමර Sunday, 07 June 2015 08:14 AM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

චන්ද්‍රිකා Sunday, 07 June 2015 06:11 PM

විශාල පිනක් කරගතිමි. (නි)

:       0       1

කුමාර් Sunday, 07 June 2015 10:48 AM

මේ හාමුදුරුවොත් බුදු වූ බව පවසන කෙනෙක්ද? දැන් හැමතැනම රහතුන්... කලියුග කාලේ! (නි)

:       1       0

ටිෂාන් Sunday, 07 June 2015 10:49 AM

මේක නම් බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

සමන්ති විතාන ආරච්චි Sunday, 07 June 2015 11:19 AM

සාධු සාධු සාධු (නදී)

:       0       0

ප්‍රේම් Monday, 08 June 2015 01:28 AM

සඳුන්ගේ ප්‍රශ්නය වැදගත්. (නි)

:       0       0

නිහාල් ජයසිංහ Sunday, 07 June 2015 11:58 AM

එංගලන්තෙ කිතුණු බල සේනාවක් නැති හින්ද හොදයි.(නදී)

:       0       0

නදුන් Sunday, 07 June 2015 12:44 PM

කුමාර්, මෑත කාලීනව මෙම ස්වාමින් වහන්සේ තරම් මුළු ලොව පුරාම නිවැරදි බුදු දහම බෙදා බොහෝ මිනිසුන් සිල්වත්ව බන භාවනාවට යොමු කල සඟ රුවනක් නැති තරම්. හැම විටම බුදුන් වහන්සේ ගුණ කියමින් මිනිසුන්ට සත්‍ය මගට යොමු කරන පින්වත් ස්වාමින් වහන්සේට අපි නමස්කාර කරමු.(නදී)

:       0       1

ජානක දිසානායක Sunday, 07 June 2015 01:19 PM

සාදු, සාදු, සාදු ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site