ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු කරාපිටිය රෝහලේදී නව හැවිරිදි දැරියක මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සඳුදා විශේෂ කණ්ඩායමක් රෝහලට යවන බව ජාතික ඖෂධ අධිකාරිය පවසයි. මෙම දැරියගේ මරණයට හේතුවූවා යැයි කියන ප්‍රතිජීවක ඹෟෂධය දිවයිනේ සියළුම රෝහල්වලින් ඉවත්කිරීමට දැනටමත් කටයුතු කැර තිබේ. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ හේමන්ත බෙනරගම මහතා පවසන්නේ දැරියගේ මරණය සම්බන්ධ වාර්තාවක් ද කරාපිටිය රෝහලින් ඉල්ලා ඇති බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් දැන්නම් වැරැද්ද හදන්න බැහැ (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල්.... බණ්ඩාර අයිය පව්.... (ස)
මේවා අපරාධ
මේ දුව ඉගෙන ගත්තෙත් මගේ දුවගේ පන්තියෙමයි. අද මුළු ගාලු ප්‍රදේශයම කම්පා වෙනවා මේ පුංචි දියණියගේ මරණය සම්බන්ධව. කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ තුමා සත්ගුණවත් උනාට වැඩක් නෑ මේ වගේ සිදුවීම් වලක්වගන්න එතුමාට නොහැකි නම්. මේ වෙනකොට කරාපිටිය රෝහලේ ගරා වැටීම බලාගන්න නම් ඒකට යන්නම ඕන. අයාලේ යන සුනඛයෝ රෝහලේ ඇතුලත වාට්ටුවල කොරිඩෝවල රංචු පිටින්. උන්ගේ මළමුත්‍ර හැම තැනම. අපිරිසිදුකම හැම තැනම උතුරලා ගිහින්. සේවකයෝ රාජකාරිය පැත්තක තියලා එයාලගේ වැඩ. බොහෝ වෛද්‍යවරුත් වාට්ටුවට ආපු වෙලාවේ ඉඳන් ඔරලෝසුව බල බල ඉන්නේ චැනල්වලට දුවන්න. මේ මහපොළොව නුහුලන අපරාදෙට කරාපිටිය රෝහලේ කාර්යමණ්ඩල සනුහරයම වගකියන්න ඕන. (ස)
අමල් මහත්තයගේ කතාවනම් සහතික ඇත්ත (ස)
හොද වැඩක්
මේවා අහනවට වඩා මැරෙන එක හොඳයි (ස)
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගෙයි. (නි)
අයියෝ සල්ලි
රෝහල් කාර්ය මණ්ඩලයේ කවුරු හරි වැරැද්දක් කරනවා නම් ඒ ගැන රෝහලෙන් පිටවී යන දවසේ වත් පරිපාලනයට පැමිණිලි නොකරන්නේ ඇයි? (නි)
වුනු දේ ගැන කනගාටුයි
මොනවද මේ වැඩ
ඕක පිරික්සන්න ගියොත් ඉතිං සේරමලාගේ හොර අහුවෙයි. (නි)
යම් අවාසනාවන්ත හේතුවකට මෙම සිදුවීම උනත් මෙම රෝහලේ අධ්‍යක්ෂක මහතා ඉතා සත්ගුණවත් මහත්තයෙක්.එතුමා උපරිම සාධාරණයක් සිදුකරාවි (ස)
මගේ පොඩි කෙල්ල අද අසනීපව ඉන්නේ ඉක්මන් කරල මේ රෝහල වෙත ඒන්නේ දුන් බෙහෙතකින් දරුවා නැත හිනැහෙන්නේ ඇයි සුදු දුවේ අප තනිකර දුක දුන්නේ (ස)
මේවා කාගේ වැරදිද
අයියෝ සල්ලි
කරාපිටිය රෝහල ගැන කතා කරලා වැඩක් නැහැ, අධ්‍යක්ෂකතුමා හොඳයි ගෙදර යවන්න.මෙච්චර ලොකු රෝහලේ opd වාර්තාවක් ගන්න දවසක් ඉන්න ඕන,එතන ඉන්නෙත් එකම ළමයෙක් විතරයි.දවසම මැරෙන්නෙ ඒ මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි.......... (ස)
අමල් මහතාගේ කතාව සම්පූර්ණ ඇත්ත. (නි)
"චතුල වෙරෝනා 2012-10-15 14:39:03 අමල් මහතාගේ කතාව සම්පූර්ණ ඇත්ත." කවදාද ඔබතුමා කරාපිටියට අන්තිම වතාවට ආවේ? දැක්කා වගේ ඔහොම කියන්න නම් අඩු ගාණේ කලකට උඩදීවත් මෙතන ඇත්ත තත්වය බලන්න ආපු කෙනෙක් වෙන්න ඕනෑනේ. ඔය කියන තරම් නරක තැනක් නම්, දවසකට දළ වශයෙන් බාහිර අංශයෙන් නවසියයත් දහසත් අතර ගණනකුත්, සායන වලින් දෙදහසකට අධික පිරිසකුත්,රෝහල් ගත වීමෙන් තුන් සියයකට අධික පිරිසකුත්, මෙතනින් ප්‍රතිකාර ගන්න එන්න ඒ මිනිස්සුන්ට පිස්සුද? (නි)
අනේ එපා. ඕකේ අවසානයේ දුක් විදින්න වෙන්නෙත් අපිටමයි. සේරම දොස්තර මහ්තතුරු වර්ජනයක් පටන් ගනීවි. (නි)
මේවා නවත්වන්න නම් ලොකු අයගේ ඔලු ගෙඩි සුද්ද කරන්න වේවි (ස)
ශ්රී ලංකාවේ වෛද්‍යවරුන් තරම් ඊර්ෂ්‍යාවට හා වෛරයට භාජනය වූ වෙනත් සේවයක් නැති තරම්.. ඉඳ හිට වෛද්‍ය වරුන් අතලොස්සක් කරන වැරදි වැඩ වලට මහා ප්‍රචාරයක් ලබාදෙන ජන මාධ්‍යයන් අවුරුද්දේ 365 දවසේම වෙහෙස නොබලා වැඩ කරන වෛද්‍යවරුන් බහුතරයකගේ සේවය ගැන වචනයක් වත් කථා නොකිරීම කණගාටුවට කරුණක්. (අ)
බාල ප්‍රතිජීවක ඖෂධ ගෙන්වීම දැන්වත් නැවැත්තුවොත් හොදයි. (නි)
අමල් සමරවීර කරාපිටිය ගැන ගොඩක් දේවල් දන්නවා. ඔයාගෙන් අහන්න තියෙන්නේ, මේ තරම් විපත්තියක් වෙනකල් මේවා කියන්න ඇයි බලාගෙන හිටියේ? අසාධාරණයට විරුද්ධ අවංක පුරවැසියෙක් නම් ඔයාත් බදු ගෙවන ලාංකිකයෙක් හැටියට මේවා දුටුව දවසෙම පැමිණිලි කළා නම් ( අඩු ගානේ පුවත්පතකට වත් ලිවුවා නම්) මේවා වෙනස් කරන්න යමක් කළා කියලා කියන්න පුළුවන්. එහෙම නැතිව 'ඕවට පැටලිලා අපට අමාරුවේ වැටෙන්න බැහැ, අපට තවම මොකුත් වුණේ නැහැනේ, අපි මොකටද කට දාන්න ගිහින් තරහවල් හදාගන්නේ..' කියලා කට වහගෙන ඉඳලා අදහස් තීරුවෙන් වීරයා වෙන්න යන්න එපා. මේ දැරියගේ දෙමාපියන් රුපවාහිනී නාලිකා වලට කියන කතා මරණ පරීක්ෂණයේදී කිවුවාද කියා හොයලා බලන්න. ඔයාට ඇත්ත දැනගත හැකි වෙයි. හැමෝටම ඕනෑ කරන්නේ 'සැකයක් නැහැ, ස්වාභාවික හේතුවකින් වුණා කියා පිළිගන්නවා..' කියා දේහය රෝහලෙන් මුදාගෙන ගෙදර ගිහින් ඉන්පසු මාධ්‍ය හමුවේ විවිධ දේවල් ප්‍රචාරය කරන්නයි. (නි)
බාල බෙහෙත් ගෙන්වීම නවත්වන්න .මොකද ඔය අදුරේ අතගාන්නේ.......කාව රවට්ටන්නද ? (ස)
බාල ඉන්දියන් බෙහෙත් ගෙන්වන එකට ආණ්ඩුව වගකියන්න ඕනෑ. ඕනෑම බෙහෙතක් ඇලජික් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඇන්ටිබයෝටික්ස්. මේක හැමෝටම වෙන දෙයකුත් නෙමෙයි. හැම බෙහෙතටම වෙන දෙයකුත් නෙවෙයි. දහස් ගණනකට කෙනෙකුට බරපතල විදියට රියැක්ෂන් එකක් ඇවිත් මැරෙන්නත් අවදානමක් තියෙනවා. ලොකු පොඩි කාට වුණත් එන්න පුළුවන්. ඒක කාට එයිද කියලා කලින් කියන්න විදියක් නැහැ. කලින් ඇලජික් නම් දෙනකොට වැඩි අවධානයකින් දෙන්නෙ. මේවා කොච්චර දියුණු රටවල් වල වුණත් 100% ක් වළක්වන්න බැහැ. ප්‍රතිකාර කරනවා කියන්නෙ ස්වාභාව ධර්මයට විරුද්ධව කරන දෙයක්නේ. බෙහෙත් කියන්නෙ කෘතීම දේවල්. හැමතිස්සෙම මිනිහාට දිනන්න බැහැ. සමහර වෙලාවට ස්වාභාව ධර්මය දිනනවා. දොස්තරලා ඕනෑකමින් මිනිස්සු මරනවා කියන මතය සමාජයට ගෙන යාම වැරදි දෙයක්. මැටි කළ දාහක් හදද්දී එකක් බිදෙනවා. හදන නිසානේ බිදෙන්නේ. දරුවට නිවන් සුව ලැබේවා! (නි)
උණුසුම් පිටනම් ඉතිං අස්සක් මුල්ලක් නෑර පිරික්සයි. (නි)
අමල් කියන කතාවේ හැටියට නම් මෙවැනි දේවල් සිදුවෙන එකට කරාපිටියේ නොව ලංකාවේම සනුහරයම වගකියන්න ඕනෑ. මොකද ලංකාවේ අනික් කොයි තැන බැලුවත් දකින්න තියෙන්නේ ඔය පිරිහීමම තමා. ඔයා රෝහල තුල දකින බල්ලොත් කාර්ය මණ්ඩලය ගෙනත් දාපු උන් නොවේ. රජය ප්‍රතිපත්තියක් ලෙස බල්ලන් මරන්න තහනම් කළ දා ඉඳන් තමා රාජ්‍ය ආයතනවල කකුල් හතරේ බල්ලෝ වැහි වැස්සේ. ඊට අමතරව සත්ගුණවත් බෞද්ධයින් ගෙදර පැටවූ ගහන බල්ලන්වත් ගෙනත් දානවා. (නි)
කොහොමද එහෙම උනේ ඇත්තට
කරුණාකර කල් ඉකුත්වූ බෙහෙත් වර්ග ලංකාවට ගෙන ඒම නවත්වන්න (ස)
තුල්සිගේ කතාවට මමත් එකගයි. (නි)
ලංකාවේ හුග දෙනෙක් රෝහල් කාර්ය මණ්ඩලයකින් වෙන සේවය හදුනන්නේ නැහැ. (නි)
ඔය කරාපිටිය රෝහලේ තමයි මගේ යාලුවෙකුගේ අම්ම කෙනෙකුත් සති දෙකකට කලින් ලෙඩවෙලා නැවතිලා හිටියේ. දොස්තරලා යක්කු වගේ . මොනවත් අහන්න බැහැ ඇඟට ගොඩවෙනවා. ලෙඩේ ගැන ඇහුවම බණිනවා ඔයගොල්ලෝ මොනවද දන්නේ කියලා. විශේෂයෙන් දොස්තර නෝනලා තමයි මේ විදියට බණින්නේ. බොරුනම් කවුරුහරි 11 වාට්ටුවට ගිහිල්ලා කතාකරලා බලන්න. කවුරුහරි බලදාරියෙක් මේ ගැනත් හොයලා බලනවා නම් හොඳයි. (නි)