සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති විදෙස් වෛද්‍යවරයකු සම්බධයෙන් තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව විරෝධතාවයක් දැක්වූවද මෙතෙක් ඒ සම්බන්ධ කිසිම පියවරක් ගෙන නොමැති බවත් මේ හේතුවෙන් එම වෛද්‍යවරයාගෙන් හෘද සැත්කම් සිදුකර ගන්නා රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව අද (17) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.
එහි දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සාමාජික ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය මංගල ගුණතිලක මහතා මෙසේ කීවේය.
" අපි මේ විරෝධතාව දක්වන්නේ පුද්ගලික කාරණාවකට නොවෙයි. 2012 වර්ෂයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය වෘත්තික සංගම් සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් සහ ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙන විදෙස් විශේෂඥ වෛද්‍යවරුන් නියාමනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා.
එහිදී අපේක්ෂාව වුණේ සුදුසුකම් නොමැති විදෙස් වෛද්‍යවරුන් සේවය කිරීමට පැමිණීම නිසා ජනතාවට සිදුවන හානිය නැතිකර ජීවිත සුරක්ෂිත කිරීමයි. එහි දී විශේෂයෙන්ම විදේශීය විශේෂඥ වෛද්‍යවරයෙක් මේ රටේ සේවය කිරීමට අනුමැතිය ලබාගැනීමේ දී තම මව් රටේ වෛද්‍ය සභාවෙන් ලබා ගන්නා සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට එම ප්‍රතිපත්ති ලේඛනයේ 24 වැනි පිටුවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. "
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් සඳහා පැමිණෙන එංගලන්ත වෛද්‍යවරයකුට එංගලන්ත වෛද්‍ය සභාව නිකුත් කරන එම බලපත්‍රය (license to practice) නොමැති බවයි.
ඔහුට එම බලපත්‍රය 2015 වර්ෂයෙන් පසු ලැබී නොමැති බවත් දැනට එම වෛද්‍යවරයා විශ්‍රාම ලබා ඇති බවත් 67 වැනි වියේ පසුවන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියේය.
මෙම විදේශීය වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ සිදුකළ සැත්කම් වලදී මරණ ඇතුළුව සංකුලතා වාර්තාවීම හේතුවෙන් ඔහුගේ සුදුසුකම් සම්බන්ධව සොයා බැලීමේදී මෙම කරුණු අණාවරණය වූ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව එම වෛද්‍යවරයා තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කිරීම සඳහා පැමිණීම නීත්‍යානුකුල නොවන බැවින් එයට තම සංගමයේ දැඩි විරෝධය දක්වන බව ද ඔවුන් පවසයි.
"එංගලන්තයේ රෝහල් වල සේවය කරන්න දෙන බලපත්‍රය වත් හිමි නොවූ වෛද්‍යවරයකුට අපේ රටේ වැඩකරන්න දෙන්න හැකියාවක් නැහැ. මේ බලපත්‍රය නොමැති වෛද්‍යවරයකුට එංගලන්තයේ දී අඩුම ගණනේ පැරසිටමෝල් පෙත්තක්වත් නිකුත් කරන්න බලයක් දෙන්නේ නැහැ. ඔහු බලපත්‍රය අරගෙන ඇවිත් වැඩ කරනවානම් ගැටළුවක් නැහැ.
මෙය රටේ හදවත් රෝගීන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. පසුගිය කාලයේ ඔහු සිදුකළ සැත්කම් වලින් ප්‍රශ්නගත මරණ දෙකක් වාර්තා වුණා. එයින් එක් මරණයක් කුඩා දරුවකුගේ, එය මා සැත්කමක් සඳහා නිර්දේශ නොකළ එකක්. මෙම මරණය සම්බන්ධව මා වෛද්‍ය සභාවට පැමිණිලි කර දැනට මාස හයක් වෙනවා. තවම උත්තරයක් නැහැ.
මෙම විදේශ වෛද්‍යවරයා ළඟදී දිනක නැවත කරාපිටිය රෝහලේ සැත්කම් සඳහා පැමිණෙන බව ආරංචියි. මෙය ඉතාමත් නරක පූර්වාදර්ශයක්. විදේශීය වෛද්‍යවරයකු ලංකාවේ රෝහල්වල සැත්කම් සඳහා සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳව තිබෙන එකඟතා ගිවිසුම අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. මේ ගැටලුව සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත්නම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. "
මෙම වෛද්‍යවරයා සතු දැනට කරාපිටිය රෝහලේ ස්ථාපිත කර තිබෙන "එක්මෝ" නමැති රුධිරය පිරිසිදු කිරීමේ යන්ත්‍රය සම්බන්ධව ද ගැටලු කිහිපයක් පැන නැගී ඇත. එම යන්ත්‍රය රෝගියෙක් සඳහා යොදා ගැනීමේ දී එයට අවශ්‍ය ද්‍රව්‍ය සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 12ක් පමණ වැය කිරීමට සිදුවන බව ද එම යන්ත්‍රය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කරාපිටිය රෝහලේ කිසිම වෛද්‍යවරයකු පුහුණු කර නොමැති විදේශ වෛද්‍යවරයා සේවය කරන අවස්ථාවල පමණක් එය ක්‍රියාත්මක කරන බව ද පැවසේ.
එමෙන්ම එම යන්ත්‍රයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ගෙන්වන ආයතනය පිළිබඳ සොයා බැලූ විට එම නමින් ලියාපදිංචි ආයතනයක් අදාළ එංගලන්ත වෛද්‍යවරයාගේ හිමිකාරිත්වය යටතේ තිබෙන බව ද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැනදී හොඳහැටි බැලුවොත් පෙනෙන්නේ මෙම වෙදා තමන්ගේ සුවෙච්ඡා යැයි කියාගන්න සේවාව සඳහා සියලු වියදම් අයකරගන්නා ක්රමවේදයකි. කොහොම වුනත් සෞඛ්‍ය අංශයේ පුටු රත්කරන අය මේ ගැන ටිකක් අවධානය යොමු කළොත් හොඳයි.
මා දන්නා පරිදි මේ දොස්තර මහතා නමින් රිචර්ඩ් පර්මන් නමැති අයෙක්. ඔහු ලංකාවේ හෘද රෝගයෙන් පෙළෙන දරුවන් 1500 ක් පමණ පිරිසකගේ ජීවිත බේරාගෙන තියනවා නොමිලේ. ලංකාවේ වෛද්‍යවරුන් මෙම ප්‍රශ්න ඇති කරන්නේ පුද්ගලික වාසි තකා, පුද්ගලික චැනල් නැති වෙන නිසයි.
ලංකාවේ අය වර්ජන... පිටරට දොස්තරලා කනෙන් රිංගලා. ඔන්න ලංකාව දුප්පත් වෙන හැටි...
මෙම කතාව ඇත්ත නම් පිටරට දොස්තරට ලංකාවේ වෙදකම තහනම්. බලපත්‍ර අලුත් වැඩියා කරගන්න බැරිවන දොස්තරලා ඇමරිකාවේ බස් එලවනවා . ඔස්ට්රේලියාවෙනම් කිසිම රටක බලපත්‍ර පිළිගන්නේ නැහැ අලුතින් ඔස්ට්‍රේලියාවේ බලපත්‍ර ගන්න ඕන
මේ කට්ටියට බාගෙට පිස්සු! මමත් එංගලන්තයේ වැඩ කරන වෛද්‍යවරයෙක්... වෛද්‍යවරයා විශ්‍රාම ගියාට පස්සේ එංගලන්ත වෛද්‍ය සභාව සාමාන්‍යයෙන් අලුත් කරන්නේ නැ. මේ වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ සැත්කම් කරලා අපේ ලෙඩ්ඩු කියක් ගොඩදාලා තියෙනවද? මේ වෛද්‍යවරයාට හොඳට අත්දැකීම් තියෙන කෙනෙක්. ඔය කෑගහන කට්ටියට තියෙන්නේ එම්.බී.බී.එස්. නෙමේද? එම්.බී.බී.එස්. එංගලන්තෙන් අාවේ කියලා දන්නවද? ලකාවේ එම්.බී.බී.එස්. අනුගමනය කරන්නේ එංගලන්ත වෛද්‍ය සභාව... ඔය කෑගහන කට්ටිය ලංකාවේ දූපත් මිනිසුන්ගේ බදු මුදල් වලින් එංගලන්තයට ගිහින් නේද වැඩිදුර ඉගෙන ගන්නේ?
එංගලන්තේ සැබෑ වෛද්‍යවරු හා ලංකාවේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ, දොස්තර මුදලාලිලාත් අතර වෙනස අපි නොදන්නවා නොවේ. එංගලන්ත වෛද්‍යවරයා කරන සේවය නිසා මොවුන්ගේ පොකට් එකට තට්ටුවෙලා ඇති එකයි මේ කෑ මොර දෙන්නේ.
අපි දන්නා විදිහට නම් එංගලන්තේ ලංකාවේ වගේ අය නැහැ. ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන වැදගත් දොස්තර මහත්වරු මිස, දේශපාලන දොස්තරලා එංගලන්තේ නැහැ.
කොහෙද අපේ පාලකයින්ට තමන්ගේ බල පරාක්‍රමය රැක ගන්නත් විරුද්ධවාදීන්ට වල කපන්නත් කුළල් කා ගන්නවා මිසක් මේවා හොයන්න වෙලාවක් තියෙනවද?
ඔක්කොම විරෝධතා වලින් ලෙඩ්ඩු අමාරුවේ වැටෙන්නේ. කවුරුත් ලෙඩ්ඩු ගැන හිතනවද මොනතරම් පෝලිම් ලිස්ට් වල කල් බලා ඉන්නවද සැත්කම් කරගන්න මේ රටේ කයිවාරු විතරයි ලෙඩ්ඩු සදාකාලික අසරණයි
විරුද්ධ වෙන්නේ නැති එකක් කියන්න බලන්න...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ නොවෙන කිසිම දෙයක් නැහැ.
ඔබ කියන්නේ වෛද්‍ය සභාවට පැමිණිලි කර මාස හයක් වෙනවා උත්තරයක් නෑ... කියා. මා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් කොට අවුරුදු තුනාමාරක් වෙනවා.. තවම උත්තරයක් නෑ. විනය කමිටුවේ තීරණය ඔබට යථාකාලයේදි දැනුම් දෙනු ඇතැයි කියලා උත්තරයක් ඇවිත් වසරක් වෙනවා තවම යථාකාලය ඇවිල්ලා නෑ.
මහත්තයෝ, ඕක නෙවෙයිනේ ඇත්ත කතාව. වෙන දොස්තරලා ඇවිත් තමන්ට තරගයක් වෙනවට මෙයාලා බයයි. මේ විදිහට රජයේ රෝහල්වල සැත්කම් කළාම තමන්ට පුද්ගලික රෝහල්වල සැත්කම් කරලා හම්බවෙන ගානට වඳිනවා. මෙයාලා කවද්ද ලංකාවේ හොර දොස්තරලා ගැන ක්‍රියා කරේ? ගබ්සා මධ්‍යස්ථාන ගැන කතා කරේ?මෙයාලගේ සැත්කම්වලින් මියයන රෝගීන් ගැන මොකද කියන්නේ?
ඕවා ගැන හොයලා බලන්න තියෙන උනන්දුව ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නත්, වෙලාවට තම රාජකාරිය කරන්නත් යොදවනවා අපි නම් දැකලම නැහැ.. ජී.එම්.ඕ.ඒ.. ලොජික්...
මේ "ඊනියා " වෛද්‍යවරු මේකට විරුද්ධ අැයි කියලා අපි දන්නවා. මේ උන්නැහේලගේම කට්ටිය පහුගියකාලේ හාර්ට් සර්ජරීස් කරන්න නොදී කඹ ඇදීමක නිරත වුණා. එ්ක ප්‍රකට තොරැසික් සර්ජන් කෙනෙක් සහ වෛද්‍යවරියක්... මේකේ මුල හිටිය අර වෛද්‍යවරයාට ශල්‍යාගාරය දුන්නේ නැහැ. මේ ගැන ඔය සංගමය නොදන්නවා වගේ හිටියා. දැන් තමන්ට "කෙළවෙන" (සමාවන්න මේ වචනය සැර වැඩිනම්) හින්දද කොහෙද අර මනුස්සයාගේ සුදුසුකම් හොයනවා. මේ රටේ සුදුසුකම් නැති " දොස්තරලා" කීයක් ඉන්නවද? අැයි ඒ අය ගැන නොසොයන්නේ? අනික මෙයාලා මෙයාලගේ න්‍යාය පත්‍රයට අදාළ නැත්නම් පෙනේ පුප්පනවා 1) සෛටම් දොස්තරලා 2) ඉන්දියානු ගිලන්රථ (මේකටත් මේ අමන සංගමය විරුද්ධ වුනා නෙව.. 3 ) සප්තා ගිවිසුම මේවා කොහොමද මේ සමහර " චැනල් කාක්කන්ට අදාල වෙන්නේ? (දෙවිවරු බඳු අය සමාවෙත්වා). එ්කහින්දා මෙතන තියෙන්නෙත් වෙන ප්‍රශ්නයක්... මේවට ඉඩදෙන්න නම් රටේ ආණ්ඩුවක් තියෙන්න ඕන නැහැ..
පැන්ෂන් ගියාම, පලපුරුද්ද නැතිවෙනවද? ඒ මනුස්සයා ඇවිල්ලා නිකන් ඔපරේෂන් කළාම, මේ අයගේ බඩටනේ වදින්නේ, එ්කයි ඔය...
කරාපිටියේ නාමල් ගමගේ සර් බයිපාස් සැත්කම කළ නිසා මමත් අද යහතින් ඉන්නවා. එතුමාගේ විස්වාසනීයත්වයට කැලලක් වෙන්න තමයි ඔය මනුස්සයා තියාගෙන ඉන්නේ. මෙක සෙල්ලමක් නෙවෙයි. මිනුස්සු මැරෙන වැඩක්... එම වෛද්‍යවරයා සුදුසු නැති නම් කරුණාකර ඉවත් කරන්න. ජනාධිපතිතුමනි, සෞඛ්‍ය ඇමතිතුමනි, මේ ගැන විශේෂ සැලකිල්ල යොමුකරන්න.
ඔය අපේ සුදුසුකම් සම්පූර්ණ අය තමයි වැරදි කකුල කපන්නේ? වැරදි ලෙඩාව ඔපරේෂන් කරන්නේ. පැහැදිලි ඉරිසියාව...
මම මේ බැලුවේ ඉහළ කොමෙන්ට් දාලා තියන තියන සමහරු මොන තරම් පරගැති මානසිකත්වයකින් පෙලෙනවද? කියලයි. කොටින්ම සුද්දෙක්ට කියලා සයනයිට් විදගෙන මැරුණත් සැපයි කියලා හිතන කටිටිය කොතරම් ඉන්නවද? හැබයි ඒ පරගැති මානසික සෙට් එක දන්නේ නැහැ ඔය හෘද රෝග සඳහා නිපදවා තියන, ඔය කියන එංගලන්ත දොස්තරත් පාවිච්චි කරන, අද ලෝකේ කෝටි ගානක් මිනිස්සුන්ගේ ජීවිත රැකදෙන "ස්ටේන්ත්" කියන උපකරණය හැදුවේත් ලංකාවේ දොස්තර කෙනෙක් කියලා...