ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ අයඩින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත‍්‍ර වල අඩංගු විකිරණ රෝහලට නිකුත්වන බව ශී‍්‍ර ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය පවසයි.
මේ පිළිබඳ සොයා බැලූ එම අධිකාරිය විකිරණ නිකුත්වීම වැළැක්වීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ රෝහල් බලධාරීන් දැනුම්වත් කැර මාස කිහිපයක් ගතවී ඇතත් ඒවා කි‍්‍රයාතමක කැර නැත.
අයඩින් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ මළ මූත‍්‍ර අඩංගු ටැංකි පොළව යට සෑදිය යුතු වුව ද රෝහලේ එම ටැංකි ඉදිකර ඇත්තේ පොළොව මතුපිටය. ටැංකි ඊයම් වලින් ආවරණය කරන ලෙසත් විකිරණ කාන්දුවන ගොඩනැගිල්ලක් සහ ටැංකි අතර කොන්කී‍්‍රට් ආස්තරණයක් යොදන ලෙස දැනුම්දී ඇතත් එයද සිදුකැර නැත.
රෝහල් අධ්‍යක්ෂ වරයා පවසන්නේ මෙවැනි විකිරණ කාන්දුවක් සිදු නොවන බවයි. එවැනි දෙයක් පිළිබඳ තමන්ට දැනුම්දී නැතැයි ද හෙතෙම කියයි.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කරාපිටියේ තව ලෙඩක්
උපුල් Thursday, 22 March 2012 08:25 PM
කරාපිටියේ පිළිකා ඒකකය ගැන කියනවානම් තව ගොඩක් ගැටළු තියෙනවා. මේක විවෘත කරපු දවසේ ඉඳන් අද දක්වාම කිසිම දියුණුවක් පේන්න නැහැ. 2010 අග හරියේ අයඩින් ඒකකය සහ ඔසුහලක් පිහිටෙව්වා හැරෙන්න බුදුපිළිම, බෝධිපූජා, පිරිත්, ධාතු ප්‍රදර්ශන මිස රෝගීන්ට වත් සේවකයන්ට වත් ප්‍රයෝජනවත් වන කිසිවක් ලබාගන්න පුළුවන් වෙලා නැහැ. ලැබුන ඇතැම් දේවල් පවා පිළිකා සංගමයේ පරිත්‍යාග මිස පරිපාලනයේ හොඳකමින් දීපු ඒවා නොවෙයි. සේවකයෝ ඉතාම අනතුරුදායක පරිසරයකයි රාජකාරි කරන්නේ. ඒ සේරම තිබියදී අලුත් මෙට්‍රන් කෙනෙකුට රජකුටියක් හැදුවා. ඒකට ගිය සල්ලි අපතේ. දැන් මිනිහා දකින්නත් නැහැ. ශල්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා නොසිටින්න මේක අපායක් වෙලා. මේවා එළිදරවු කරන්න ඉදිරිපත් වීම ගැන ලංකාදීපයට පින්.