ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ අයඩින් ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත‍්‍ර වල අඩංගු විකිරණ රෝහලට නිකුත්වන බව ශී‍්‍ර ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය පවසයි.
මේ පිළිබඳ සොයා බැලූ එම අධිකාරිය විකිරණ නිකුත්වීම වැළැක්වීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ රෝහල් බලධාරීන් දැනුම්වත් කැර මාස කිහිපයක් ගතවී ඇතත් ඒවා කි‍්‍රයාතමක කැර නැත.
අයඩින් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ මළ මූත‍්‍ර අඩංගු ටැංකි පොළව යට සෑදිය යුතු වුව ද රෝහලේ එම ටැංකි ඉදිකර ඇත්තේ පොළොව මතුපිටය. ටැංකි ඊයම් වලින් ආවරණය කරන ලෙසත් විකිරණ කාන්දුවන ගොඩනැගිල්ලක් සහ ටැංකි අතර කොන්කී‍්‍රට් ආස්තරණයක් යොදන ලෙස දැනුම්දී ඇතත් එයද සිදුකැර නැත.
රෝහල් අධ්‍යක්ෂ වරයා පවසන්නේ මෙවැනි විකිරණ කාන්දුවක් සිදු නොවන බවයි. එවැනි දෙයක් පිළිබඳ තමන්ට දැනුම්දී නැතැයි ද හෙතෙම කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරාපිටියේ පිළිකා ඒකකය ගැන කියනවානම් තව ගොඩක් ගැටළු තියෙනවා. මේක විවෘත කරපු දවසේ ඉඳන් අද දක්වාම කිසිම දියුණුවක් පේන්න නැහැ. 2010 අග හරියේ අයඩින් ඒකකය සහ ඔසුහලක් පිහිටෙව්වා හැරෙන්න බුදුපිළිම, බෝධිපූජා, පිරිත්, ධාතු ප්‍රදර්ශන මිස රෝගීන්ට වත් සේවකයන්ට වත් ප්‍රයෝජනවත් වන කිසිවක් ලබාගන්න පුළුවන් වෙලා නැහැ. ලැබුන ඇතැම් දේවල් පවා පිළිකා සංගමයේ පරිත්‍යාග මිස පරිපාලනයේ හොඳකමින් දීපු ඒවා නොවෙයි. සේවකයෝ ඉතාම අනතුරුදායක පරිසරයකයි රාජකාරි කරන්නේ. ඒ සේරම තිබියදී අලුත් මෙට්‍රන් කෙනෙකුට රජකුටියක් හැදුවා. ඒකට ගිය සල්ලි අපතේ. දැන් මිනිහා දකින්නත් නැහැ. ශල්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා නොසිටින්න මේක අපායක් වෙලා. මේවා එළිදරවු කරන්න ඉදිරිපත් වීම ගැන ලංකාදීපයට පින්.