ගල නාලයේ දෙහි ගෙඩියක් හා ස්වාස නාලයේ දොඩම් බිකක් හිරැවුණ සිවු දරු පියකු ඇඹිලිපිටිය රෝහලේදී මියයාම ගැන නාගරික මරණ පරීක්ෂක ආර්.එස්. ගුණසේන මහතා විමතිය පළ කරයි. හුස්ම ගැනීමට අපහසුවී දින නවයකට පසු මියගිය ඔහුගේ මරණයට හේතුව ගල නාලයේ දෙහි ගෙඩියක් හිරැවීම හා ශ්වාස නාලයේ දොඩම් බිකක් හිරැවීම බව අධිකරණ වෛද්‍ය සී. අබේසූරිය මහතා නිගමනය කෙළේය. විශේෂඥ වෛදයවරුන් සිටින පහසුකම් ද ඇති රෝහලකදී මේ මරණය වළක්වා ගත හැකිව තුබූ බව හදිසි මරණ පරීක්ෂක කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දන්නේ ලෙඩා ගෙනෙන කොටත් මැරිලාද කියලා? දවස් ගානක් ඉස්පිරිතාලේ හිටියනම් අඩු ගානේ X කිරණ පරීක්ෂාවක්වත් කරනවනේ. අනිත් එක මේ වගේ ඉන්ටෙර්නෙට් සයිට් වල මහා ලොකුවට දොස්තර මහත්තුරුන්ට බනින අය එක්කෙනෙක්වත් මේ ගැන මානව හිමිකම් නඩුවක්වත් දාන්නේ නැත්තේ ඇයි? අනික් අතට කොරනර් කොහොමද දොස්තර මහත්තුරුන්ට වඩා ලෙඩ ගැන දන්නේ? මට නම් හිතෙන්නෙම මේක බොරු කතාවක් කියලා. (නි)
අපි නම් නැහැ ඕවට
මේ මනුස්සයා මොකටද දෙහි ගෙඩි පිටිං ගිලින්නෙ.. මෝඩකමට බෙහෙත් නැහැ කියන්නෙ ඕකට තමයි..!(නු)
සමහර දොස්තරලා හිතන්නේ නීතියට දෙවියන්ට වඩා උඩින් ඉන්නෙ කියලා ඒකයි මේවට හේතුව..!(නු)
අයියෝ සල්ලි
දැන් ඉන්නේ දොස්තරලා නෙමෙයි මුදලාලිලා ටිකක් (ස)
මේ මනුස්සයා කට්ටඩියෙක්ද? (නි)
අද ඉන්න හුගක් වෛද්‍යවරුන්ට නිසි අධ්‍යාපනයක් නැහැ (නි)
වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු කාලයක නොසැළකිල්ල නිසා සිදුවූ අවාසනාවන්ත මරණයක් (නි)
කොරනර්ව දොස්තර කරන්න. එතකොට හරි. (නි)
කවුරු කොහොම හිටියත් වෙලාව ආවම යන්න ඕනි (ස)
මේ රෝහලේ ඉන්නේ කොන්දොස්තරලද මන්දා? (නි)
හදිසි මරණ පරීක්ෂක යනු වෛද්‍යවරයෙකි. බොහෝ දෙනා, ඔවුන්ට වෛද්‍යවරුන් ලෙස නොඅමතා, මහතා යනුවෙන් භාවිතා කිරීම නොදැනුවත්කමින් සිදු කරති. නමුත්, මරණ පරීක්ෂකවරයකුට වෛද්‍ය යනුවෙන් නිසි ගෞරවය ලබා දීමට අප වග බලා ගත යුතුය. (නි)
දයා, ඔයා ඉන්න සෞදි වල ඉන්න ගොඩක් දොස්තරලා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ඉගෙන ගත්ත අය තමා. ඔයාට බැරි වුණ නිසා එහෙම දෙයක් කරගන්න එකට අනික් අය පළි නැහැ.මිනිස්සු මැරෙනවා බල බල වර්ජනය කරන්නෙත් පෞද්ගලික ඒවායේ ඉගෙන ගත්ත අය වෙන්න ඇති නේද ? (නි)
ටී. තිලකරත්න, මුළු රටම නීතියට උඩින් ඉන්නෙ. නීතිය තියෙන්නේ ලොකු ලොකු අය රකින්නයි. (නි)
"ධර්මේ 2012-10-18 23:20:41 හදිසි මරණ පරීක්ෂක යනු වෛද්‍යවරයෙකි" දන්නා තරම තමා. ගැසට් එකේ බලන්නකෝ ඉල්ලලා තියෙන සුදුසුකම්. ඔයාට ටැපලිලා තියෙන්නේ අධිකරණ වෛද්‍ය කියන එක වෙන්න ඇති. (නි)
මාතරට එන්නේ මේ වගේ දොස්තරලා තමයි. සල්ලිවලට තමයි ඔක්කොම (ස)
දයා, බෙහෙත් ගන්න එන අහිංසක ගෑහැණු ළමයින්ව දූෂණය කරන දොස්තරලා ඉන්න එකම රට ලංකාව තමයි. ඒ දොස්තරලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ආව අය නෙමෙයි. අපේම බදු සල්ලි වලින් පිනට ඉගෙන ගත්ත දොස්තරො, ඔයාට පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ආපු දොස්තරලත් එක්ක ලොකු අමනාපයක් ඇත්තෙ ඔයා කුලී වෑඩ කරන ගෙදර හාම්පුතාත් දොස්තර කෙනෙක් වෙන්න ඇති නේද? (නි)
සෑම්, ඇයි ඔහේටත් කැම්පස් යන්න බැරි වුණාද? ලංකාවේ මිනිස්සු දැන් හිතන් ඉන්නෙ මිනිස්සු රෝහල් වල මැරෙන්නේ නැහැ කියලා. මැරෙනකල් දොස්තරලා නිකන් බලන් හිටියා කියලද හැමෝම කියන්නෙ? වර්ජනය කරන එකයි මේවයි සම්බන්ධ කරන අය උත්පත්තියෙන්ම දොස්තරලත් එක්ක ඉරිසියාවෙන් පෙලෙන අය. කොරනර් කියන මනුස්සයා ලෙඩ ගැන දන්නෙ කොහොමද? (නි)
දෙවියනේ දවස් නවයක් දෙහි ගෙඩියක් උගුරේ හියෙනවා කියලා එයා දන්නෙ නැද්ද? කොහොමද දෙහි ගෙඩියක් ගිල්ලෙ...!(නු)
කොරනර්ට(හදිසි මරණ පරීක්ෂකට) ඇති මොළේ දොස්තරලට නැහැ.(නු)
දෙයියෝ සාක්කි.. දොස්තරකෙනෙක්ට නෙමෙයි ඕන කෙනෙකුට පුළුවං වෙයි මේක හොයගෙන බෙහෙත් කරන්න.. ලැජ්ජයි මේවා ගැන දකිනකොට.. දොස්තරලා කොන්දොස්තරලා වගේ වැඩ වර්ජන.. නඩුකාරයන් කුඩුකාරයන් වගේ හැමෝම තමන්ගේ වෘත්තිය හෑල්ලුවට ලක්කරගෙන..!(නු)
බැන්නොත් දොස්තරලා වර්ජනය කරයි.. රටේ දුප්පත් ජනතාව සදාකල් ජීවිත වලින් වන්දි ගෙවනවා..!(නු)
දැං ඉන්නෙ මේ වගේ වෛද්‍යවරු තමයි.. පුද්ගලික රෝහලකට ගියානම් රජ සැළකිලි..!(නු)
වෙලාව ආ විට මරණ පරීක්ෂකටත් ඔය ටිකම තමයි..!(නු)
රෝහලටයි වෛද්‍යවරුන්ටයි බැන්නා කියලා ආයේ වර්ජනයක් පටන් ගනියිද දන්නේ නෑ.
පෞද්ගලික වෙද විදුහලකින් උපාධිය ලබාගත්ත දොස්තර කෙනෙක්ද කොහොද?(නු)
කොරනර්, මැර ප්‍රහාරයකට අත වනයි. අපි ඇත්තට තිත තබා අත. (නු)
දොස්තරලාට දෙහි කපන්න එපා.. එයාලා වැඩ වර්ජනයක් කරන්න හේතුවක් හොය හොයා ඉන්නෙ..!(නු)
මේ ලෙඩාගෙ වයස කීයද? ඇග පත පණ නැති අදේම ඉන්න ලෙඩෙක්ද? සැත්කමක් කරන්න පුළුවං තත්ත්වයක් තිබුණද?(නු)
කොරනර් මහත්තයාට ස්තුතියි.
ලංකාවේ හොද දොස්තරලා ඉන්නේ ටික දෙනයි (නි)
වෛද්‍යවරුන්ට බනින්න එපා එයාලා වර්ජනය කළොත් කොරනෙල් ගාවට තමයි අපට යන්න වෙන්නෙ..!(නු)
දෙහි ගෙඩිය එලියට අරගෙන දොස්තරලට මිරිකල බොන්න දෙන්න තිබුනෙ.(නු)
සමහර වෛද්‍යවරැන්ට මිනිස් ජීවිත වටින්නේ නැහැ..!(නු)
හා.. හා.. කට...කට හෙට ඉදලා වෛද්‍යවරු වර්ජනේ..!(නු)
මේ වගේ සිද්ධි දැන් කීයක් නම් වුණාද? (නි)