
(රොමේෂ් මධුෂංඛ)
යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාහල්, උපකාරක පංති සහ විවාහ උත්සවද තාවකාලකව නවතා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසයි.
සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව එක්රැස්වන ස්ථාන මෙසේ තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ද ඒ මහතා කියයි.
ගෙවී ගිය දින දෙකක කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්තාවීමත් සමග උත්සව සමයෙදී නැවත කොරෝනා අවධානමක් යාපනය දිස්ත්‍රීක්කය තුළ ඇති වේ යැයි සැකය මත මෙම තීරණය ගත් බව ද වෛද්‍ය ඒ.කේදීස්වරන් මහතා කියා සිටයේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd