දෙසැම්බර් මාසයේදී සිය කුලුඳුල් දරු උපතට මුහුණ දුන් කරීනා කපූර් මේ දිනවල යෝග ව්‍යායම්වල නිරත වන බව සඳහන් වෙනවා. මෑතකදී ඇයගේ අලුත්ම ඡායාරූපය සිය ‘ට්විටර්’ ගිණුමට එක්කොට තිබුණු අතර, එය දුටු බොහෝ දෙනෙකු පවසා තිබුණේ කරීනා දරුවා ලැබීමට පෙර තිබු සුරූපි තත්ත්වය නැවතත් ගොඩ නගා ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, කරීනා පවසන්නේ තවත් වසරක කාලයකින් පසුව බොලිවුඩ් චිත්‍රපට සඳහා තමා එක්වීමට සූදානමින් සිටින බවයි. පසුගිය වසරේ තිරගත වූ ‘උද්තා පන්ජාබ්’ චිත්‍රපටය සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් කරීනා දැනටමත් ලබන වසරේ නිර්මාණය කරන්නට සුදානම් කර ඇති චිත්‍රපටයක් සඳහා එක්වීමට කැමැත්ත පළකොට ඇතැයි වාර්තා වෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd