(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්’ මර්දනය වැඩසටහනට සහයෝගය දක්වමින් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කළේය.
ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කත්තක් මහතා අරලියගහ මන්දිරයේදී අද (21) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කළේය.
‘කොවිඩ්’ වසංගත අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට සහය පළ කිරීමක් වශයෙන් පකිස්තානු රජය මෙම ප්‍රදානය කළ බව පාකිස්තානු මහ කොමසාරිස්වරයා පැවසීය.
එම වෛද්‍ය උපකරණ තොගයට පාකිස්තානයේ නිෂ්පාදිත ස්වසන ආධාරක 75 ක් සහ ක්-ඡ්ඡ ස්වසන අධාරක යන්ත්‍ර 150 ක් ඇතුළත් වේ.
කොවිඩ්-19 පාලනයට කලාපීය වශයෙන් එක්ව මුහුණදීමේ ප්‍රයත්නයට දායක වෙමින් පාකිස්තානු ‘සාර්ක්’ කොවිඩ්-19 හදිසි ආධාර යටතේ මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී පාකිස්තානු රජයට ස්තූතිය පළකරමින් දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි පකිස්තාන් කියන්නේ අපිට පහලින් ඉන්න රටක්
පකිස්ථානය, ශ්‍රී ලංකාවේ සැබෑ මිත්‍රයා ය.
අනේ මේ, පාකිස්තානයෙන් දුන්නු වෛද්‍ය උපකරණ කොච්චර යටිමඩි ගහගනීද දන්නේ නැහැ. ඒක තමයි මේ රටේ පාලකයෝ කියන අයගේ හැටි.. පිටරටකින් මොන ආධාරෙ රටේ ජනතාවට දුන්නත් මේ දේශපාලකයෝ හැම කෙනාම භාගයක් විතර යටිමඩි ගහගෙන තමයි ඉතුරු ඒවා ජනතාවට දෙන්නේ.
ඇෆ්ගනිස්ථානයෙන් ආධාර ඊළඟට...
ඇෆ්ගනිස්තානයෙන් ආධාර ඊළඟට