(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 214 දෙනකු පෙරේදා (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (27) පස්වරුවේ තහවුරු කළේය.
ශ්‍රී ලංකාවෙන් දිනකදී මෙතෙක් වාර්තා වූ ඉහළතම ‘කොවිඩ්’ ආසාදිත මරණ සංඛ්‍යාව ද මෙය වේ.
වයස 30 අඩු පිරිමි තුන් දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනකු පෙරේදා (26) මරණයට පත්වීම කැපී පෙනුණි.
එම මරණ 214 ත් සමඟ මෙරටින් වාර්තා වූ ‘කොරෝනා’ ආසාදිත මරණ සංඛ්‍යාව 8371 ක් දක්වා ඉහළ ගියේය. මියගිය පුද්ගලයන් අතර පිරිමි 120 ක් සහ කාන්තාවෝ 94 ක් වෙති.
මියගිය පුද්ගලයන් 151 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර 58 දෙනකු අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.