(නිමල කොඩිතුවක්කු)
පැතිරෙන කොරෝනා වසංගතය පාලනය වේවා යන පැතුම පෙරටු කර ගනිමින් ජීවිත අහිමි වූ සියලු දෙනා අනුස්මරණය කිරීමට හෙට (03) පස්වරු හයට සෑම නිවසක් තුළම පහනක් දල්වන මෙන් සමගි ජනබලවේගය සියලූම රටවැසි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ මොහොතේ කොවිඩ් ආසාදිතව රෝහල්වල සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් මර්දනයට කැපවී සිටින වෛද්‍ය, හෙද හෙදියන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සමස්ත ශ්‍රේෂ්ඨ නිලධාරීන්ටත් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් ආරක්ෂාව සහ සුවතාවය ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණ බවත් සමගි ජන බලවේගය සඳහන් කරයි.
රට තුළ මේ වසංගතය තුරන් වීමට හේතු වේවා යයි සියලු දෙනාම එකම සිතිවිල්ලක් සිතමින් හෙට පස්වරු හයයි හයට ප්‍රාර්ථනා පහන දැල්වීමට දායකවන ලෙසත් සමගි ජන බලවේගයේ සම මාධ්‍ය ප්‍රකාශක වරුන් වන එස්. එම් මරික්කාර් සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ "විද්‍යාත්මක" ප්‍රවේශයක්... කොත්තමල්ලි බොනවා වගේ "මෝඩ" වැඩක් නෙවෙයි... නේද?
මේවා දේශපාලන ජවනිකා.. මේ වගේ ගොන් විපක්ෂයක් තියෙන නිසා තමයි ආණ්ඩුවත් හිතේ හැටියට පිස්සු කෙළින්නේ... ඔය 225යි, අර එක්කෙනාවයි එළවලා දාන්න ඕනෑ..
කොරෝනා හමුවේ විපක්ෂය අන්ත අසරණ වී ඇත. ගහන ගහන තුරුම්පු බාල්දු වෙයි. බැරිම තැන පහන් දල්වයි.
මුට්ටිය දැම්ම එක දෙවැනි කොටස රඟ දැක්වීම.., ගොන්වැඩ නොකර එන්නත ගැහුවොත් හොඳයි ඉක්මනට...
මහදැන මුත්තයි, ගෝලයෝ රොත්තයි. ආණ්ඩුවට ගැලපෙන විපක්ෂය...
සෑම නිවසකම පහන් දල්වා මේ ඔලමොට්ටලයින් චුතවේවයි ප්‍රාර්ථනා කරමු.
රජයට සහය දෙන්න කුහකයි. හැබැයි මොන අරමුණකින්ද දන්නේ නෑ. පහන් පත්තු කලේ. ඒක හොදයි අරමුණ හොදනම්.
පොල් තෙල් පිටරටින් ගෙන්නවා. ඒවායින් මේ අය සංදර්ශන පවත්වනවා
නරකද මිනිස්සු දැනුවත් කරන වැඩසටහනක් කලොත් නිකන් බොරුවට සංදර්ශන තියන්නේ නැතිව. එක්කෙනෙක් මිනිස්සුන්ට මාස්ක් එකක් දාන්න, සෞඛ්‍ය අංශයට සහය දෙන්න කියල කිසිම උපදෙසක් දුන්නේ නැහැ. කලේම කකුලෙන් අදින එක.
කොයි පහනද දැල්වුවේ?
මේ විපක්ෂෙ අය කිව්වා රජය ලොක්ඩවුන් කරන්නේ නැත්නම් අපි අපි හරි ලොක්ඩවුන් වෙමු කියලා. තව නගර වහමු කියලත් කිව්වා. ඒත් රජය ලොක්ඩවුන් කළාට පස්සේ ඕනෑඑකයි, එපාඑකයි ඔක්කොම පාරේ. සමහර අය කඩ ඇරලා මිනිස්සු ඇතුළට අරගෙන බඩු විකුණනවා.. ඔය මනස්ගාතවලින් මේක පාලනය වෙන්නේ නැහැ. අවශ්‍යම අය පමණක් ගෙදරින් පරිස්සමින් එළියට ගොස් අනෙක් අය ගෙදර ඉන්නවා නම් මේකෙන් ගොඩ එන්න අමාරු වෙන එකක් නැහැ. දැන් බොහෝ දෙනෙකු හට එන්නතත් විදලා තියෙන නිසා...
පළමුව මරික්කාර් සහ එයාගේ අයට පහනක් දල්වා පෙන්වන්න පුළුවන්ද...? කොරෝනා තුළින් දේශපාලනය කරන්න ගන්නා උත්සාහ වලින් ඵලක් නොමැත. මිනිසුන් බුද්ධිමත්.. කොරෝනා තුළින් දේශපාලන රැල්ලක් ඇති කිරීමටද නොහැකිය.
ඡන්ද ටිකක් වැඩිවෙයිද?
ඔව්, උද්ඝෝසණ, පෙළපාලි සංවිධානය කරවලා මිනිස්සු මැරෙන්න සැලැස්සුවාට පව් ගෙවෙන්න කියලාවත් පත්තු කරන්න..
මුට්ටිය පා කළාට මේගොල්ලෝ නේද කෑ ගැහුවේ?
ඔය පහන් ටික පත්තු කරන්න වියදම් කරන සල්ලි වලින් මිනිස්සුන්ට තෙල් බෝතලයක් දුන්නා නම් ඔයිට වඩා හොඳයි. එහෙම නැතිනම් මාස්ක් ටිකක් අරන් දුන්නොත් ඊට වඩා හොඳයි. නිකන් සල්ලි පුච්චලා දාන්නේ නැතිව...
තමන් උපන් රට අවංකව ආදරය කරන පුරවැසියන් වන අප නම් උදේ සවස පහන් පත්තු කර කරන එකම ප්‍රාර්ථනය නම් දියවනාව ඉන්න " 225ටම ( විපක්ෂේ ඇතුළුව)" තමන් උපන් රටට අවංකව ආදරය කරන්න එම 225 ම මොලේ පෑදේවා යන්න...