(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යුද්ධය අවස්ථාවේදී එදා රජයට විරුද්ධවු රට ජාතියට ද්‍රෝහී කණ්ඩායම් කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් යෙදවීමට අද එරෙහි වෙමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවැසී ය .
දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කර ලබාගත් විජයග්‍රහණය කුමන අභියෝග ආවත් පාවාදීමට කටයුතු නොකරන බව ද අගමැතිවරයා සඳහන් කළේය .
ඔහු මෙසේ පැවැසුවේ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කියන්නේ යුද්ධයක්ද? හමුදාවට පුලුවන් දේවල් වගේම බෑරි දේවල් තියෙනවා... සෞඛ්‍ය බලධාරින් ඉන්නේ ඒකට...
අවුරුද්දකටත් වැඩි කාලයක් ගියා. පවරපු වැඩේ හරියට කෙරිලා නෑ වගෙයි පෙනෙන්නේ නේද අගමැතිතුමෝ? කොරෝනාව ගරානාවක් කරගෙන තියෙන එකේ ඊළඟට වැඩිකල් යන්න කලින් අර ඉස්සර කියපු " අපි වැරදි කරපු අයව ආරක්ෂා කළා. ඒ ගොල්ලන්ට දඬුවම් දුන්නේ නැහැ" කතාව අායෙත් කියන්න වෙයි ඔන්න. දැන් මිනිස්සු කියන්නේ ගිලන් රථ ගෙන්වපු එකෙනුත් ගසා කාලා කියලයි. " ඇම්බියුලන්ස් ගෙන්නුවේ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරලද?" කියලා මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න කළාම වටපිට බලලා ළඟ ඉන්න අනිත් අය එක්ක කුටු කුටු ගාලා "මේ ගැන දැම්ම හරියට කියන්න බැහැ" කියලා කියනවා. ඊට පස්සේ අර ප්‍රශ්නේ අහපු මාධ්‍යවේදියා නැවත අහනවා මෙන්න මෙහෙම " ඇයි ඇමෙරිකාවට කතා කරලා උත්තරය අහගන්න අවශ්‍යද? " කියලා. මේවා දකින අපට නම් සියල්ල වෙනස් වෙමින් පවතිනවා වගෙයි දැනෙන්නේ. ඉස්සර වගේ " 30 අවුරුදු යුද්ධය විකුණලා" මිනිස්සු අන්දවන එක මේ කාලේ නම් හිතන තරම් ලෙහෙසි නෑ මහත්තයෝ. හරියැ...?
අගමැතිතුමා, කොයි දේටත් යුද්ධය හා රණවිරුවන් යන වචන පෙරට දාගෙන කතාකරන්න එපා. යුද්ධයේදී කළ සේවය අපට අමතක නැහැ. ඒත්, එය දඩමීමා කරගෙන ඔබතුමාලා කරන සෑම දේටම ආවඩන්නට බැහැ. යුද්ධය කරන්න හමුදා දක්ෂ වුණාට, කෝවිඩ් යුද්ධය කරන්න වෙන්නේ වෛද්‍ය අංශ වලට ඕනෑ විදිහට බවයි කොයි කාගේත් වැටහීම. කොහොමද යුද්ධය වෛද්‍ය අංශවල උපදෙස් අරන් කළා නම්...? අන්න ඒ වගේ තමයි හමුදාවල උපදෙස් පිට කෝවිඩ් යුද්ධය කරන එක. මේ දෙක වෙනවෙනම හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. ඒ නිසා කරුණාකර මේ දෙකේ වෙනස හඳුනාගන්න. වෛද්‍ය අංශවලට අවශ්‍ය විදිහට මේ වසංගතය මර්ධනය කරන්න ඉඩ දෙන්න. හමුදාවට ඒ අයට පුළුවන් දේ කරන්නට ඉඩදෙන්න. දේශපාලකයන් වෛද්‍ය අංශවලට උපදෙස් දීම නවතා වෛද්‍ය අංශ උපදෙස් ක්‍රියාවේ යොදවන්න. හමුදාවේ සහායත් ඒ අයට ලබාදෙන්න. දේශපාලනඥයන් ඉවක් බවක් නැතිව වැඩකරනා විට, නිරපරාදේ මියයන්නේ මේ රටේ වටිනා මිනිස් ජීවිතයි.
ඔබ ද තෙවන රැල්ලේ පතාක යෝධයෙකි.
මොලේ අඤ්ඤ කොරොස් වෙලා. දැන් ඉතින් රෑට හීනෙන් ගොක් කොළ පෙනෙන කාලේ. ඉඳලා හිටලා තාජුදීන්, එක්නැලිගොඩ, ලසන්ත එහෙමත් හීනෙන් ඇවිල්ලා කියනවලු "අපි නම් ඉන්නේ දිව්‍යලෝකේ, හැබැයි තමුන්ට එහෙ ලයිසන් නැහැ. අපායේ වැසිකිළි වලක් ලැහැස්තිකරලා තියෙන්නේ " කියලා.
අතුල, වහල්කමට බෙහෙත් නෑ හලෝ... ඔහේ රාජපක්ෂ නමට වෛර කරන දේශපාලන වහලෙක් කියලා නම් පේනවා. යන්නේ කොහේද මල්ලේ පොල්...
මරු කියවනවා. දැන් තියෙන්නේ කොරෝනා එක්ක සටනක්, ඒක වළක්වන්න පියවර ගන්න හැටියි මේ වෙලාවේ වැදගත් වෙන්නේ... බොරුවට බයිලා ගහලා වැඩක් නැහැ.
බල කෑදරකමේ ගෙදරට වෙලා ඉන්නේ නැතිව ... මෙයා බරපතල ලෙඩෙක්...